The Leader News
BREAKING
Top Ad
Opinion

ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් | Ajith Parakum

T

The Leader Desk

April 29, 2026 • 5:02 AM

ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා.
  • ඉදිරියේදී ඇතිවන අර්බුදයට රාජ්‍යය හා සමාජය සූදානම් කිරීම දැන් සිටම ආරම්භ කළ යුතුව තිබුණත් ඔවුන්ට එහි වගේ වගක් නැත.
  • ඒ නිසා ජවිපෙටත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඊනියා ජනතාවටත් කුද ගසා ගන්නට ගියා අපේ පණ ගැට ගසාගන්නා හැටි ගැන අවධානය යොමු කළ යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඇතිවෙන අභියෝග ගැන මොවුන්ට කිසිදු අදහසක් නෑ. යුද්ධය නිසා තීව්‍ර වන බලශක්ති, පොහොර සහ ඒ පිටුපසින් එන ආහාර අර්බුද නිසා අපට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා.
 
ජවිපෙ ආණ්ඩුව කරන්නේ ජනතාවට තියෙන බය නිසා වැඩි මිලට ගෙනත් අඩු මිලට ඩීසල් දෙන එක, වගාවට තියෙන වතුර ටිකත් ජල විදුලියට අරින එක වගේ ගොන් වැඩ. ගල් අඟුරු හොරකම, ඩීසල් වංචාව, ඩොලර් හොරකම වැනි තමන්ගේ ක්‍රියා ආවරණය කර ගැනීම සඳහාත්, ගහපු කයිවාරු නිසාත්, කරන විකාර නිසා මේ වෙලාවේ කළ යුතු දේවල් ඔවුන්ට අතපසු වෙනවා.
ඉදිරියේදී ඇතිවන අර්බුදයට රාජ්‍යය හා සමාජය සූදානම් කිරීම දැන් සිටම ආරම්භ කළ යුතුව තිබුණත් ඔවුන්ට එහි වගේ වගක් නැත.
 
Cabinet
බුද්ධිමත් පාලකයන් පිරිසක් පත් කර ගත යුතුව තිබුණත්, වගකීමකින් තොර, ඉවසීමක් නැති ජනතාවක් සමග කුමන පාලකයකුටවත් කළ හැකි දෙයක් නැත.

ඒ නිසා ජවිපෙටත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඊනියා ජනතාවටත් කුද ගසා ගන්නට ගියා අපේ පණ ගැට ගසාගන්නා හැටි ගැන අවධානය යොමු කළ යුතුව ඇත.

ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් සොයා යමු.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
2026 අප්‍රේල් 29

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...