The Leader News
BREAKING
Top Ad
Opinion

බයි සංදර්ශනයෙන් පසු බල දේශපාලනය | Ajith Parakum

T

The Leader Desk

May 14, 2026 • 5:32 AM

බයි සංදර්ශනයෙන් පසු බල දේශපාලනය | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (මැයි 13) කොළඹදී බයියෝ සංදර්ශනයක් පැවැත්වූහ. බයියන් වැටී සිටි මට්ටම අනුව එය සැලකිය යුතු සංවර්ධනයකි. එම සංදර්ශනය සඳහා මග සැලසුවේ රංගලාගේ මෝඩ දේශපාලනයයි.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය වැදගත්ය.
  • අප අවසන් කර පෙන්වන්නම්."   මෙය ලංකාවේ රාජ්‍ය කැරැලි මර්දන චක්‍රයේම තවත් එක් අවධියක් ලෙස සැලකීම උචිතය.
  • එය 1989දී ජවිපෙ සියඹලාණ්ඩුවට හෝ යාපනයේ හෝ වන්නියේ කොටින්ගේ ඩි ෆැක්ටෝ රාජ්‍යයට වෙනස් තත්ත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එය එක්තරා වැදගත් පියවරකි. මෙතැනින් එහාට පොහොට්ටුවට එය වර්ධනය කර ගත හැකිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය වැදගත්ය. "ඔබ මර්දනය ආරම්භ කරන්න. අප අවසන් කර පෙන්වන්නම්."

 

697792590 1505660874259436 1370329767262732150 n
මෙය ලංකාවේ රාජ්‍ය කැරැලි මර්දන චක්‍රයේම තවත් එක් අවධියක් ලෙස සැලකීම උචිතය. රාජ්‍ය විරෝධී කැරැලිකරුවන් පිරිසක් බලය අල්ලාගෙන සිටීම වෙනස් තත්ත්වයකි. එය 1989දී ජවිපෙ සියඹලාණ්ඩුවට හෝ යාපනයේ හෝ වන්නියේ කොටින්ගේ ඩි ෆැක්ටෝ රාජ්‍යයට වෙනස් තත්ත්වයකි. එහෙත්, මූලධර්මය එකය. රාජ්‍ය විරෝධීන් එක්කෝ දිය කර දැමිය යුතුය. නැතිනම්, මර්දනය කළ යුතුය. එහෙම නැතුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ක්‍රමය පවතින්නේ නැත.

ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේදී දූෂණය පිටුදැකීම අත්‍යවශ්‍යය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන නිසි පරිදි කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේය. එය ඉදිරි දූෂණ වැළැක්වීමට ඉවහල් වේ. එවැනි නීති තිබියදීත්, තවමත් දූෂණ සිදු වේ. ඒවා සඟවා ගැනීමට රාජ්‍ය බලය පාවිච්චි කරනු දක්නට ලැබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයවීම පක්ෂයේ නීති කමිටුව අතට ගැනීම වැනි දූෂණ එයට ඉවහල් වී තිබේ.

anura

 

අතීත දූෂණ සෙවීම පළිගැනීමේ අධික පිපාසයකින් පෙළෙන ජවිපෙ කාඩරයට අවශ්‍ය වන්නට පුළුවන. එහෙත්, අතීත දූෂණවලට දඬුවම් කිරීම හා සොරා ගත් දේපළ ආපසු ලබා ගැනීම අතිශය දුෂ්කරය. එබැවින්, එය ප්‍රමුඛතාවක් බවට පත් කර ගැනීම ලොකු තේරුමක් නැත. ඒ සම්බන්ධ විමර්ශන කරන අතර වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දූෂණ නැවත සිදු නො වන තත්ත්වයක් නිර්මාණය කිරීමටය. මාලිමා ආණ්ඩුව අසමත් වී තිබෙන්නේ එතැනදීය. මහා පරිමාණයෙන් තවමත් දූෂණ සිදු වෙයි. ඒ ගැන නිසි විමර්ශන ක්‍රියාවලියක් ද නැත. ස්වාධීන ආයතන දේශපාලනයට යට කර යහපාලනය කෙළෙසා ඇත. ජවිපෙට බලය හා රාජ්‍යය පිළිබඳ ඇති ගතානුගතික පටු දැක්ම එයට හේතුවයි.

ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණවලදී දූෂණය පිටුදැකීම තරමටම බොරුව පිටුදැකීම ද වැදගත්ය. බලය වෙනුවෙන් මහා පරිමාණ බොරු කියා ජනතාව නොමග යැවීම හා ඒ ඔස්සේ රටේ සංවර්ධනය අඩාල කිරීම නම් අපරාධය සම්බන්ධයෙන් දඬුවම් කිරීම අවශ්‍යය. එය දේශපාලනයේ උන්නතියට අවශ්‍යය.

 

v45y5

දේශපාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දඬුවම් කරන ගමන්ම නිවැරදි වීමට අවස්ථාව ද ලබා දිය යුතුය. රාජපක්ෂවාදීන්ට 2022දී ගෙවල් ගිනි තබමින්, මහ මග මන්ත්‍රීවරුන් ඝාතනය කරමින්, ප්‍රචණ්ඩ ලෙස දඬුවම් කිරීම ඉතා වැරදි ක්‍රියාවකි. එය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් වන වරදකි. එබැවින් එය නිවැරදි කළ යුතුය. ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යළි නැගී සිටීමට අවස්ථාව ලබා දිය යුතුය. එය බොහෝ දුරට, 1989 මර්දනයෙන් පසු ජවිපෙට නැවත දේශපාලනයට පිවිසීමට අවස්ථාව ලබා දුන් ආකාරයට සමානය. පරිමාණවලින් වෙනස්කම් තිබිය හැකිය.

බොරුව සම්බන්ධයෙන් ජවිපෙ දඬුවම් ලැබිය යුතුය. මාලිමා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරීම එහිදී ප්‍රධානම දණ්ඩනයයි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...