එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටුවා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට අපේක්ෂිත බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන සමාජ විශ්ලේෂකයකු වන අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
"පොතේ අදාළ පාඩම ලියපු එකා යූආර්එල් ගැන මෙලෝ බෝලයක් දන්නෙ නැහැය කියමුකො. වර්තමාන තත්වයන් ගැන අප්ඩේටඩ් නැති එවුන් මේව ලියන්න දාගත්ත එක වෙනම කාරණයක්. සමහර විට පක්ෂෙ හිතවතුන් වෙන්නත් ඇති. නැතිනම්, නිලධාරි හිතවතුන් වෙන්න ඇති. කමක් නැහැ, විෂය දැනුම තියෙන නිසා ගත්තාය කියල හිතමුකො.
එතකොට පෙළ පොත මුද්‍රණය කරලා බෙදාහරිනකල් මේක නැවත බලපු වෙන ඊට වඩා මොළේ තියෙන එකෙකුවත් හිටියෙ නැද්ද? අධ්‍යාපන ඇමතිනිය රට වටේ සම්මන්ත්‍රණ තිය තියා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරපු එකේ හය වසරට ආපු පෙළපොත නිකම් පෙරළලා බලන්නටවත් නැතිය කියල හිතනවද?

කොහේ හරි තැනක මේ වගේ යූආර්එල් එකක් දැක්කාම අපට නම් ටක් ගාලා ඒක ඇඩ්‍රස් බාර් එකක ගහලා චෙක් කරන්නට හිතෙනවා. අපට ඩොලර් කෝටි ගණන් ඇදිච්ච ලොතරැයි ආදිය ගැන කියලා අපව අන්දන්නට ආපු පණිවුඩවල තියෙන ලින්ක්වල යූආර්එල් බලලාමයි එහෙම පුරුද්දක් ඇති වෙලා තියෙන්නෙ. සමාජ විද්‍යා ආචාර්යවරියක වන අධ්‍යාපන ඇමතිනිය දක්වාම කිසිවෙකුට ඒ මූලික අවබෝධයවත් නැද්ද? මෙහෙම අයද අපේ රටේ අනාගත පරම්පරාවට මග පෙන්වන්නට යන්නෙ.
වෙන කුමන්ත්‍රණයක් නැහැ තියෙන්නෙ අත්වැරැද්දක්ය කියන පදනමේ ඉඳල වුණත් කියන්න තියෙන්නෙ එක දෙයයි. නොදන්නා මගුල් කරන්න යන්නෙ නැතුව දන්න මගුලක් කරගෙන මේ අපි වගේ ඉඳපල්ලා. උඹල සෙල්ලං කරන්නෙ රටක අනාගතයක් එක්ක.
මේක සියවසක් විතර කාලයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බොහොම සීරුවෙන් කරපු ඉතිහාසයක් තියෙන රටක්.
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com
(උපුටා ගැනීම Ajith Parakum ගේ ෆේස්බුක් පිටුවෙන්..)




