The Leader News
BREAKING
Top Ad
Opinion

ඊළඟට ලාල්ගේ සමාව ගැනීමද? | Ajith Parakum

T

The Leader Desk

January 13, 2026 • 4:43 PM

ඊළඟට ලාල්ගේ සමාව ගැනීමද? | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාල්කාන්ත දැන් නිකං ලාල්කාන්ත නොවේ. විධායකය නියෝජනය කරන ඇමතිවරයෙකි.
  • එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේද‍යෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.
  • ලංකාවේ පාලකයන් විය යුත්තේ ඉවසීමෙන් හා මූලෝපායික සියුම්බවකින් රාජ්‍ය පාලනය හසුරුවන්නන් මිස වළං කඩේට පැන්න ගොන්නුන් වැනි අය නොවේ.
  • වෙන්නේ වවුල් වසුරු හා මුත්‍රා නාන්නටය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙසේ දැක්වේ:

II වැනි පරිච්ඡේදය

බුද්ධාගම
9.⁠ ⁠ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.
එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේද‍යෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.

භික්ෂූන්ට සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, වෙනත් ආගම්වල පූජකයන්ට ද නැති බලයක් හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මය. ලංකාව සිංහල බෞද්ධ රටකැයි අප කියන්නේ ඒ නිසාය. ශ්‍රී ලංකාව නමින් රටක් පවතින්නේ ද සිංහල බෞද්ධ ගොවිගම පිරිමි විෂම ලිංගික ආධිපත්‍යය නිසාය. තවමත් ජනාධිපතිවරයා ඒ ප්‍රජාවේ නියෝජිතයෙකි.

ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයක් සිදු කළ හැක්කේ පවතින තත්වයන් මුලිනුපුටා දමා විනාශ කර මකලා හැදීමෙන් නොවේ. එහෙම එකක් කරන්නට පුළුවන් විෂයමූල තත්වයන් ශ්‍රී ලංකාවේ නැත. ලංකාවේ පාලකයන් විය යුත්තේ ඉවසීමෙන් හා මූලෝපායික සියුම්බවකින් රාජ්‍ය පාලනය හසුරුවන්නන් මිස වළං කඩේට පැන්න ගොන්නුන් වැනි අය නොවේ.

ලාල් කාන්ත වනචාරියා කීවේ මිහින්තලේ වෙන කාටද කියා තර්ක කරන්නට පුළුවන. ලිංගික ඇරියස් කතාව ගැන ද එහෙම කියන්නට පුළුවන. එහෙත්, මේ වනාහි අධිකරණය ඉදිරියේ නඩු ඇසීමක් නොවේ. මේ වනාහි සමාජය ඉදිරියේ සිදුවන සාකච්ඡාවකි. කීවේ කාටද කියා නලින්ද ජයතිස්ස හැර අන් කවුරුත් දනිති.


ලාල්කාන්තට නිදහසේ ඔය කතා කියන්නට ඕනෑ නම් ඔහු ඇමතිකම් භාර නොගෙන වෙනදා වගේ සිටිය යුතුව තිබිණි. වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලී සිටිය යුතුය. බිම ලගින ලාල්ට කන්නට වෙන්නේ මගුල් මේසයෙන් නොවේ. වෙන්නේ වවුල් වසුරු හා මුත්‍රා නාන්නටය.


ඔය අහංකාරකමෙන්ම කරගෙන යන්නට හැදූ වැඩකි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. කරන්නේ මොකක්දැයි පැහැදිලි කරන්නේ නැතුව, සාකච්ඡාවක්, සංවාදයක්, අදහස් පිළිගැනීමක් නැතුව, කල්ලි-කණ්ඩායම්ගතව කරගෙන යන්නට සිතූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇදගෙන නාන්නට සිදු වූයේ 6 ශ්‍රේණියේ පෙළ පොත් අවුල නිසාය. එහි අපරාධ වැරදි සම්බන්ධ කතාව තවම අවසන් නැති බව ද මතක් කළ යුතුය.

තමන්ට තුනෙන් දෙකක් ලැබුණේ තමන්ගේ මහලොකු තුන නිසා නොවන බව ජවිපෙ දැන්වත් අවබෝධ කරගත යුතුය. උද්ධච්ඡ, අහංකාර, වෛරී දේශපාලනය නවතා, අපි ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි ආදී ගොන් කතා කියන අසූනමයේ කැරැලිකාර මෝඩ සුනඛයන් බැඳදමා සමාජය සමග යහපත් සංවාදයක් ඇති කරගෙන ඉදිරියට යනවා නම්, ජනාධිපති අනුර කුමාර දිසානායකට තම ධූර කාලයෙන් හතරෙන් තුනක් තව ඉතිරි වී තිබේ. ඔය පාපිසි, පොල්ලෙලි 159 අතරින් සැලකිය යුතු පිරිසක් ඔබට සාපයකි. ඔවුන් රාජ්‍ය පාලකයන් ලෙස සිතන්නට පුහුණු කරන්නට බැරි තරම් ඇටුවම් බැහැපු කඩාකප්පල්කාරීන් හා නිකමුන්ය.

ආණ්ඩුවේ හරියට යනවා නම් යන්නේ රනිල් මුලපිරූ වැඩසටහන් ටිකය. 2025 අවුරුද්ද ගැන ගැසූ කයිවාරුවලින් 75%ක් හිමි වන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් ආණ්ඩුවටය. අප මෙමගින් පෙන්වා දෙන්නේ එක් දෙයකි. එනම්, වඩා වැදගත් වන්නේ පැලවත්තේ කුහක, වෛරී, ෆැන්ටසි දේශපාලනය නොව, මහපොළවේ ප්‍රායෝගිකවාදය බවයි. මේ රට ඔබේ පමණක් නොව, අප කාගේත් රටය. ලොකුකම් හා බෙදුම් රේඛාවන් මකා දමා සාමය ස්ථාපිත කරගන්න. එවිට සහයෝගය ගැටලුවක් වන්නේ නැත.

ලාල්, බිමට බහිමුද ආයෙ? නැතිනම් කාණුවටම බහින්න වෙන දවසකුත් එන්න ඉඩ තියෙනවා.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ගේ ෆේස්බුක් පිටුවෙන්..

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...