The Leader News
BREAKING
Top Ad
Opinion

ඩඩ්ලිගේ සතුට හා ඔබේ සතුට | Ajith Parakum

T

The Leader Desk

January 17, 2026 • 3:51 PM

ඩඩ්ලිගේ සතුට හා ඔබේ සතුට | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩඩ්ලිට ඉරිසියා කිරීමේ තේරුමක් නැහැ. ඔහු දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැගුවා. නියාමනයේ ගැටලු තියෙන්නට පුළුවන්.
  • කාර් ගේන හැමෝම අපේ රටේ ඩොලර් පිටරටට පටවනවා.
  • හැබැයි, ඩඩලි නැතුව ලංකාවට බත් කන්න වෙන්නෙ නැහැ දැන්.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි, ඩඩලි නැතුව ලංකාවට බත් කන්න වෙන්නෙ නැහැ දැන්.

ඩඩ්ලි ළඟ විශාල පිරිසක් රැකියා කරනවා. වක්‍රව රැකියා කරන, ව්‍යාපාර කරන විශාල පිරිසකුත් ඉන්නවා. ඩඩ්ලි ආර්ථිකයේ වැදගත් පුරුකක්.

ඩඩ්ලි දැන් වයසක මිනිහෙක්. එයා සතුටු වෙන දේවල් තියෙනවා. කාටවත් කරදරයක් නැතිනම්, එයාට ඒවයින් සතුටු වෙන්නට දෙන එකේ වරදක් නැහැ. ඒක ආර්ථිකයටත් හොඳයි.

කාර් ගේන හැමෝම අපේ රටේ ඩොලර් පිටරටට පටවනවා. ඒ අය විතරක් නෙමෙයි, විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන ඒ රටවල අනාගතයක් හොයාගෙන යන අයත් අපේ ඩොලර් පිටරට පටවනවා. ඔව්, ඒ ඩොලර් වැඩිපුර උපයන්නෙ මැදපෙරදිග එහෙම දුක් විඳින ශ්‍රමිකයන් තමයි.

ආර්ථිකයක් පවතින්නෙ ඔහොම තමයි. එහි පැවැත්මට ඔබේ මගේ වගේම ඩඩ්ලිලාගේ සතුටත් වැදගත්. කරදරයකින් තොරව, අපට දරාගත හැකි මට්ටමින් සතුටු වෙනවා නම්, ඒක පාරිභෝජනවාදය වෙන්නෙ නැහැ.

Ajith parakum J(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.co

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩඩ්ලිගේ සතුට හා ඔබේ සතුට | Ajith Parakum | The Leader