The Leader News
BREAKING
Top Ad
Opinion

ඔබ මොබ්වලින් ඈත් වී සිටිය යුත්තේ ඇයි? | Ajith Parakum

T

The Leader Desk

February 12, 2026 • 8:34 AM

ඔබ මොබ්වලින් ඈත් වී සිටිය යුත්තේ ඇයි? | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.
  • මොබ් නායකයන්ට සියුම් ලෙස මොබ් මෙහෙයවිය හැකි ය.
  • ඒකාධිපතියන්, හමුදා ආණ්ඩු, ජනප්‍රිය නොවන ආණ්ඩු ආදිය පළවා හැරීමට මොබ්වලට හැකි බව ඔප්පු වී තිබේ..
  • උදාහරණයක් ලෙස අවුරුදු කීපයකට වතාවක් ලංකාවේ හිටිහැටියේ පැන නගින මුස්ලිම් විරෝධී මොබ් මගින් සිදු වන්නේ බරපතල දේශපාලන හානියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.

නව යොවුන් හා තරුණ පුද්ගලයන් පහසුවෙන් ආවේගශීලී වන අතර ඔවුන් බොහෝ විට මොබ්වල සාමාජිකයන් වේ. එහෙත්, ඒවා තරුණයන්ට පමණක් සීමා වන්නේ නැත. ඕනෑම අයෙකු ඕනෑම මොහොතක මොබ් එකක සාමාජිකයකු විය හැකි ය. මොබ් වාතාවරණයක් තුළට පිවිසි අයෙකු සාමාන්‍ය පුද්ගල ස්වභාවයන්ගෙන් වෙනස්ව ප්‍රචණ්ඩව හැසිරීමට ඉඩ තිබේ.

මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. එවැනි ක්‍රියාමාර්ග මගින් මොබ් පවා දේශපාලන අරමුණු වෙත මෙහෙයවාගත හැකි නායකත්වයන් බිහි වේ.

 

image 2893475ea7

හුදු මොබ් මානසිකත්වයෙන් පමණක් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති. මොබ් නායකයන්ට සියුම් ලෙස මොබ් මෙහෙයවිය හැකි ය. මොබ් හා විප්ලවීය බලවේග යනු එකක් නොවේ. එමෙන් ම දෙකක් ද නොවේ. මොබ් සංවිධානාත්මක අරමුණු කරා යොමු කරගත් විට ඒවා විප්ලව දෙසට යොමු විය හැකි ය. ඒකාධිපතියන්, හමුදා ආණ්ඩු, ජනප්‍රිය නොවන ආණ්ඩු ආදිය පළවා හැරීමට මොබ්වලට හැකි බව ඔප්පු වී තිබේ..

කැරැලි නිසා බලතුලනය වෙනස් වේ. එමගින් සමාජ පරිවර්තන සිදු වේ. මොබ් ප්‍රචණ්ඩත්වයන් ඔස්සේ ලෝකයේ සාධනීය වෙනස්කම් සිදු වෙනවාට වඩා නිශේධනීය වෙනස්කම් සිදු වේ. උදාහරණයක් ලෙස අවුරුදු කීපයකට වතාවක් ලංකාවේ හිටිහැටියේ පැන නගින මුස්ලිම් විරෝධී මොබ් මගින් සිදු වන්නේ බරපතල දේශපාලන හානියකි. හිට්ලර් බිහි වුණේ ද මොබ් දේශපාලනය හරහා ය.

 

1958 pogrom
බොහෝ ගතානුගතික වාමාංශිකයෝ ද මොබ්වලට ලොබ බඳිති. මොබ් ජන අරගල බවට පරිණාමය වී ධනවාදය බිඳ දමන විප්ලව බවට පත් වනු ඇතැයි වාමාංශිකයෝ එදා පටන් ම සිතූ හ. ඉතිහාසය ඒ සඳහා ඕනෑ තරම් පූර්වාදර්ශ සපයා තිබේ. අතීත වාමාංශිකයෝ මොබ් අරගල පැනනැගී ඒවා ජන අරගල බවට පරිණාමය වන විට, ඉදිරිගාමීව ඒවා මෙහෙයවාගැනීම පිණිස කල් තබා ම සන්නද්ධ අරගල සංවිධානය කළ හ. ජනතා විමුක්ති පෙරමුණ 1987දී කළේ එයයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ද එය ඉතා දක්ෂ ලෙස කළේ ය.

මොබ් ප්‍රචණ්ඩත්වය ඇති වන්නේ පීඩනය නිසා ය, ඒවා දිළින්දන්, පීඩිතයන් ධනවාදයට එරෙහිව ගසන අසංවිධානාත්මක කැරැලිය ආදි අදහස් හුදු හිතලුය. මොබ් ප්‍රචණ්ඩත්වයන් දේශපාලනිකව අර්ථකථනය කරන්නට යාමේ ලොකු තේරුමක් ද නැත. මොබ් ප්‍රචණ්ඩත්වයේ හැඩතල තීරණය වන්නේ මොබ් වාතාවරණය විසිනි.

මොබ් විසින් කිසිදු කලෙක මොබ් ඇති වීමට හේතු ආමන්ත්‍රණය කර නැත. ඒ වෙනුවට මොබ් විසින් කරනු ලබන්නේ තම පීඩනය ඕනෑම අතාර්කික අයුරකින් පිට කිරීම ය. මොබ් සාමාන්‍යයෙන් ම මෝඩයන්ගේ රජදහනකි. මොළේ ඇති මිනිස්සු මොබ්වලට මැදිවන්නේ නැත. ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා උද්දේශනය වෙනුවට මොබ් ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට උත්සාහ කරන දේශපාලන නායකයන් කරන්නේ කුහක, අපරාධකාරී ක්‍රියාවකි.

AJITH PARAKUM(සටහන | ජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...