The Leader News
BREAKING
Top Ad
Opinion

AKD නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුනොත් ඔබේ ඡන්දය ඔහුට දෙනවද ? නැද්ද ? | Uvindu Kurukulasuriya

T

The Leader Desk

February 17, 2026 • 5:23 AM

AKD නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුනොත් ඔබේ ඡන්දය ඔහුට දෙනවද ? නැද්ද ? | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.
  • *ආයෙ කවදාවත් ජාතික ජන බලවේගයට 159ක් ලැබෙන්නෙ නැහැ.
  • *1994 දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස ජනාධිපතිවරණයට ජවිපෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා වූ නිහාල් ගලප්පත්තිව තරඟයෙන් ඉවත් කරගත්තේ චන්ද්‍රිකා එක්ක ගැසූ ගිවිසුමකිනි.
  • එනම් 1995 ජූලි 31ට පෙර ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ඇය දුන් පොරොන්දුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*අති විශාල ජාතික ව්‍යසනයකට මුහුණ දෙන්න සිදුවී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගත නොහැකිවී, එයාටම ජනාධිපතිකමට ඉල්ලන්න උනොත් හැර මම නම් අකුරකින්වත් අනුරව නැවත ජනාධිපති කරන්න උදව් කරන්නෙ නැහැ.

*නමුත් එයා පොරොන්දු වූ පරිදි ජනාධිපති ක්‍රමය අහෝසි කරල අගමැතිකමට ඉල්ලුවොත් බොක්කෙන්ම වැඩකරනව අනුරට.

*ආයෙ කවදාවත් ජාතික ජන බලවේගයට 159ක් ලැබෙන්නෙ නැහැ. මේ බලය තියෙන වෙලාවෙ පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් නොකරන්නේ නම් ආයෙ කවදාකවත් ඒව කරන්න අවස්ථාව ලැබෙන්නේ නැත.

 

Akd vote

*ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ජීවතුන් අතර සිටි කාලයේ සිටම ජවිපෙ ප්‍රතිපත්තිය වූයේ සහ උද්ඝෝෂනය කරන ලද්දේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටය.

*1994 දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස ජනාධිපතිවරණයට ජවිපෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා වූ නිහාල් ගලප්පත්තිව තරඟයෙන් ඉවත් කරගත්තේ චන්ද්‍රිකා එක්ක ගැසූ ගිවිසුමකිනි. එනම් 1995 ජූලි 31ට පෙර ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ඇය දුන් පොරොන්දුවයි.

*එදා සිට අද දක්වා විවිධ නම් යටතේ සන්ධානගත වූ ජවිපෙ ප්‍රකාශිත ස්ථාවරය වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන අගමැති ක්‍රමයක් ස්ථාපිත කිරීමය. සෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකටම ජවිපෙ ලෙස ලිඛිතව ඉදිරිපත් කරන ලද ස්ථාවරය වන්නේද එයයි.

vidayaka janadipathi dura

*චන්ද්‍රිකාට තුනෙන් දෙකක බලයක් නොලැබුණත්, ඇය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විශාල උත්සාහයක් දැරීය. 2000 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද හා රනිල් විසින් පැරද වූ ව්‍යවස්ථා කෙටුම්පත එයට සාක්‍ෂිය. නමුත් ඇයගෙන් වූ ප්‍රධාන වරද නම්, ඇය එම පොරොන්දුව ඉටු කරන්නට ඇයගේ දෙවන වාරය එන තෙක් බලා සිටීමය. එයට හේතු වූයේ ඇගේ බල කැදරකම මෙන්ම එම ව්‍යවස්ථා කෙටුම්පතට ඇගේ දෙවන කාලය අවසන් වෙනතෙක් ඇයට ජනාධිපති ධූරය දැරීමට දැමූ අන්තර්කාලීන විධිවිධාන වේ. එය නොවන්නට රනිල්ට කට උත්තර නැතුව ව්‍යවස්ථා කෙටුම්පතට ඡන්දය දීමට සිදුවේ. රනිල් විරුද්ධවීමට යොදාගත්තේ ඒ අන්තර්කාලීන විධිවිධාන වේ.

*නමුත් අනුරට එවැනි බාධාවක් නැත. ඔහුට තුනෙන් දෙකකටත් වඩා බලයක් ඇත. ඒත් එම බලයෙන් වුවත් අන්ධ නොවී ඔහු කළ යුත්තේ අනෙකුත් පක්‍ෂත් සමඟ එකඟ වන දීර්ඝ කාලයකට ඔරොත්තු දෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමය.

National People's Power (NPP) party's presidential candidate Anura Kumara Dissanayaka (C) arrives at a polling station to cast his ballot during voting in Sri Lanka's presidential election in Colombo on September 21, 2024. Cash-strapped Sri Lanka began voting for its next president September 21 in an effective referendum on an unpopular International Monetary Fund austerity plan enacted after the island nation's unprecedented financial crisis. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

*එසේ කළ පසුව ඔහු නැවත වරක් ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අගමැතිධූරයට තරඟ කළ හොත් මගේ ඡන්දය ඔහුට හිමි වේ. මොකද ඒ වෙන කොට මම ලංකාවේ ජීවත් වීමට අදහස් කරගෙන සිටින නිසා වෙනි, එතකොට මට ඡන්ද බලයත් ආයෙ ලැබිල තියෙයි.




(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...