Mehdi Hasan නම් මාධ්‍යවේදියා සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳවයි.
මෙහිදී සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ විපුල කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදියා ඇතැම් මාතෘකා පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමේදී මීට වඩා පුළුල්ව ලෙස කරණු සොයා බැලිය යුතුව තිබුණු බවයි.
විශේෂයෙන්ම ලංකාවේ (88-89) වැනි කාලයක සිදුවූ සිදුවීම් පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය හා අනෙකුත් පාර්ශවයන් පිළිබඳව ද කරුණු පුළුල්ව විමසා බලා ප්‍රශ්න ඇසිය යුතුව තිබුණ බවයි.
මෙහිදී අදහස් දක්වමින් දීප්ති කුමාර ගුණරත්න විමසා සිටියේ අල්ජසීරා මාධ්‍යවේදියාට රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රශ්නකරන ආකාරයට, ඔහු සේවය කරන අල්ජසීරා මාධ්‍ය ආයතනයට අරමුදල් සපයන කටාර් රාජ්‍යයේ නායකයන්ගෙන් ප්‍රශ්න කළ හැකිද යන්නයි.
අල්ජසීරා සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මතු කළ ප්‍රධාන කරුණක් ලෙස විපුල කරුණාතිලක පෙන්වා දුන්නේ ඕනෑම සිදුවීමකට අදාලව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකට කටයුතු කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හා අධිකරණය හරහා වන බවයි. අධිකරණ රාමුවෙන් පිටත කටයුතු කළ නොහැකි බවයි.
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ දීප්ති කුමාර පෙන්වා දුන්නේ මෙම යුගයේ ‘වචන’ වෙනුවට ‘රූප’(images) අධිපතිකරණය වී ඇති බවයි. අල් ජසීරා මාධ්‍යවේදියාගේ ක්‍රියාකාරීත්වය ද තේරුම් ගත යුත්තේ මෙම තත්වය මත වන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙහි සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝව හරහා නැරඹිය හැකියි.