ඔහු සිය FB පිටුවේ පළකර ඇති සටහනක එබව සඳහන්වේ. එහි මෙසේ දැක්වේ.
''මගේ ජීවිතයේ දී වම එකතු කරේ විජය කුමාරතුංග පලවෙනියට. ඊට පස්සෙ අනුර. විජයගෙ නායකත්වය වටා කොල්වින්ගෙ ඉඳන් හිටපු පතාකයො හිටිය. ඒ ගොල්ලන්ට කිසිම ප්‍රශ්ණයක් තිබ්බෙ නැහැ විජයගෙ නායකත්වය පිලිගන්න. ඒ අතීත කතා. ඒත් විජය කුමාරතුංග මැරුවෙ විජේවීරගෙ ජවිපෙ - ඒක මගෙ විශ්වාසය - චන්ද්‍රිකාගෙ ඉඳන් එක එක අය එක එක කතා කිව්වට එක එක වෙලාවට.
ඒත් ඒ ජවිපෙ නෙමේ අද ජවිපෙ. පෙරේද ගෝල්ෆේස් එකේ වේදිකාවෙ හිටිය ගොඩාක් අය විජය එක්ක දේශපාලනය කරපු අය. පරණ ජවිපෙන් මැරුම් කාපු අයගෙ පරපුර එතන හිටිය. අනුරට පුලුවන් උනා විජයගෙන් පස්සෙ ඒ ඔක්කොම එකතු කරන්න. වාමාංශික පොසීල සාකච්ඡාවට ගන්න ඕනෙ කාරනාවක් ඒක.''
18 පැවැත්වූ ජ.වි.පෙ රැළිය ගැන - සුමිත් චාමින්ද
මේ අතර සිය FB පිටුවේ සටහනක් තබා ඇති කථිකාචාර්ය සුමිත් චාමින්ද මෙසේ පවසයි.
අගෝස්තු 18 වනදා ජාතික ජන බලවේගයේ ආකර්ශනීය ජන රැළිය ඉතා වැදගත් දේශපාලන ප්‍රවාදයක් සනාථ කළේය. එනම්, වාමාංශික ජනප්‍රියවාදයකට ලංකාව තුළ ද අවකාශය විවර වී පවතීය යන්නයි. මේ අප පසුගිය කාලයේදී ලංකාව තුළ වාම ජනප්‍රියවාදයක විය හැකියාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරන විට පරිකල්පනය කළ තත්ත්වයම නොවිය හැකිය.
නමුත්, "දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාවගේ බලය" යන උදෘතය මත පදනම් වූ ව්‍යාපාර අද ලෝකය පුරාම ස්වකීය අණසක තහවුරු කරගනිමින් තිබේ.
නව-ලිබරල් සංස්ථාපිතය 1990 දශකයේදී විජයග්‍රහණය සැමරුවේ නම්, 2008 න් පසු යුගයේ එය ලොව පුරාම අභියෝගයට ලක් වෙමින් තිබේ.
''මේ යුගයේ යුරෝපයේ පමණක් නොව ලොව පුරාම සැරිසරන අවතාරය ජනප්‍රියවාදයේ අවතාරයයි.''
ඒ, එක් අතකින් ට්‍රම්ප් සහ ලපෙන් වර්ගයේ අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ නැගීම විසිනි; අනෙක් අතින්, සැන්ඩර්ස්-කෝබින් වර්ගයේ හෝ පොදෙමොස් වර්ගයේ වාමාංශික ජනප්‍රියවාදයේ නැගීම විසිනි.
මේ යුගයේ යුරෝපයේ පමණක් නොව ලොව පුරාම සැරිසරන අවතාරය ජනප්‍රියවාදයේ අවතාරයයි. ලංකාව තුළ ද 2015 ජනවාරියේදී නැවත බලය තහවුරු කරගත් නව-ලිබරල් සංස්ථාපිතය අද මේ දෙපසින්ම අභියෝගයට ලක්ව තිබේ.
වම ජනප්‍රියවාදයේ මොහොත අත්හැරිය හොත්, එය දේශපාලනිකයේ මොහොත ද අත් හැරීමක් වනු ඇත. මේ මොහොත වාම උපායමාර්ගයක් අනුව ග්‍රහණය කරගැනීම සඳහා අප ජවිපෙ-පෙසප ඇතුළු පක්ෂ හා සංවිධාන අයත් පුළුල් වාමාංශික සහයෝගීතාවක් යෝජනා කළේ එබැවිනි.
සරලව, ඒ සඳහා ජවිපෙ වමට හැරීමත් පෙසප හෙජමොනික දේශපාලනයට අවතීර්ණ වීමත් අවශ්‍ය බැව් අපගේ අදහස විය.
අන්තෝනිඕ ග්‍රාම්ස්චි 
අප අපේක්ෂා කළ දෙය එලෙසම ඉටු වී නොමැත. අප කොතරම් කුඩා සහ නොවැදගත් පිරිසක්ද? අනෙක් අතට, 1920 දශකයේදී ෆැසිස්ට්වාදයේ අභියෝගයට මුහුණ දීම සඳහා ඉතාලියේ සමාජවාදී පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් සමගි වන ලෙස කොමින්ටර්නයේ නායකයින් කළ බලකිරීම් ඒ දෙපක්ෂයම නොතකා හළ බැව් සිහිපත් කරනවිට, ඉතාලියේ විසූ විශිෂ්ටතම න්‍යායික මාක්ස්වාදියා වූ ග්‍රාම්ස්චි පවා එය නොතකා හළ බැව් සිහිපත් කරනවිට, මෙය පුදුමයට කරුණක්ද? අපේ යුගයේ වමට කොමින්ටර්නයක් නැත.
අගෝස්තු 18 ජන රැළියේ අපේක්ෂාවට සුබ පැතීමට අපි කිසිසේත් පැකිළෙන්නේ නැත. හෙජමොනික දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාව ගැන පෙසප ට කලක පටන් අප දුන් පණිවිඩය ඔවුන් කියවාගනු ඇතැයි ද අපි එලෙසම අපේක්ෂා කරමු.
විජය කුමාරණතුංග ගෙන් පසු අනුර දිසානායක කරපු වැඩක්!
T
The Leader Desk
August 21, 2019 • 4:27 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විජය කුමාරණතුංග ගෙන් පසු වම එකතුකළ දේශපාලනඥයා අනුර කුමාර දිසානායක බව 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
- වාමාංශික පොසීල සාකච්ඡාවට ගන්න ඕනෙ කාරනාවක් ඒක.'' 18 පැවැත්වූ ජ.වි.පෙ රැළිය ගැන - සුමිත් චාමින්ද මේ අතර සිය FB පිටුවේ සටහනක් තබා ඇති කථිකාචාර්ය සුමිත් චාමින්ද මෙසේ පවසයි.
- අගෝස්තු 18 වනදා ජාතික ජන බලවේගයේ ආකර්ශනීය ජන රැළිය ඉතා වැදගත් දේශපාලන ප්‍රවාදයක් සනාථ කළේය.
- නව-ලිබරල් සංස්ථාපිතය 1990 දශකයේදී විජයග්‍රහණය සැමරුවේ නම්, 2008 න් පසු යුගයේ එය ලොව පුරාම අභියෝගයට ලක් වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


