The Leader News
BREAKING
Top Ad
Opinion

“අනුරවාදය” Anurism - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

October 20, 2024 • 11:11 AM

“අනුරවාදය” Anurism - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන් විසින් අනන්‍ය ප්‍රතිපත්තියක පිහිටා සංවර්ධන වැඩ පිලිවල ජනතාවට ඉදිරිපත් කිරීමයි.
  • නිදහසින් පසු ලංකාවේ බිහිවු බොහෝ රජයන් යම් දෟෂ්ඨියක පිහිටා තම සංවර්ධන වැඩපිලිවල ඉදිරිපත් කොට තිබුනද 1994 පසුව මේ දක්වා වු රජයන්ට එලෙස දෘෂ්ඨිගතව පිහිටා තම සංවර්ධන මුලෝපායන් ඉදිරිපත් කිරීමේ නොහැකියාවකින් පෙලුනේය.
  • එමෙන්ම ඒ සදහා වු අභ්‍යන්තර සාධකය වුයේ එම කාලවකවානු තුල බලය හෙබවු දේශපාලන බලවේගයන් සතුවු දර්ශනයේ දුගී බවයි.
  • අනුර ජනාධිපතිවරයා දර්ශනයේ දුගී බවකින් පෙලීමට ඉඩනැත්තේ ඔහුගේ දේශපාලනික සම්භවය නුතනවාදී දර්ශනයකින් ආභාෂය ලබන මාක්ස්වාදී ජවිපෙන් තුලින් සිදුවන පසුබිමකය.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. 

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන් විසින් අනන්‍ය ප්‍රතිපත්තියක පිහිටා සංවර්ධන වැඩ පිලිවල ජනතාවට ඉදිරිපත් කිරීමයි. පාලනය සදහා වන සමාජ සම්මුතිය ගොඩ නැගෙන්නේ එවිටය.

 

කැබිනට් සංශෝධනයේදී සජබ පිරිසකටත් ඇමති ධූර !

නිදහසින් පසු ලංකාවේ බිහිවු බොහෝ රජයන් යම් දෟෂ්ඨියක පිහිටා තම සංවර්ධන වැඩපිලිවල ඉදිරිපත් කොට තිබුනද 1994 පසුව මේ දක්වා වු රජයන්ට එලෙස දෘෂ්ඨිගතව පිහිටා තම සංවර්ධන මුලෝපායන් ඉදිරිපත් කිරීමේ නොහැකියාවකින් පෙලුනේය. ඊට පාදකවු පලමු හේතුව වුයේ ගෝලීය ආර්ථික යථාරතය හා ලාංකික සමාජයේ දේශපාලන අභිලාෂයන් අතරවු පරස්පරයට එරෙහිව පෙන්විය යුතු දේශපාලන නිර්භීතභාවයක් එම පාලනයන්ට නොතිබීමයි. එමෙන්ම ඒ සදහා වු අභ්‍යන්තර සාධකය වුයේ එම කාලවකවානු තුල බලය හෙබවු දේශපාලන බලවේගයන් සතුවු දර්ශනයේ දුගී බවයි. එසේම ඒ සියලු කලට පත්වු රාජ්‍ය නායකයන්ට රට ගෙනයායුතු මාර්ග සිතියම පිලිබදව නිසි අදහසක් නොමැති වීම එහිලා බලපැ තුන්වන හේතුව වුයේය. හතර වන හේතුව වුයේ එවැනි නිර්භීත පියවරකට ජන කැමැත්ත නොලැබීමයා.

අප අද සලකා බැලිය යුත්තේ වර්ථමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුකරණය ද ඉහත කී නොහැකියාවෙන් පෙලෙන්නේද යන්න පිලිබදවය. නොඑසේනමි එම අභියෝග ජයගත හැකිව තිබෙන ජනාධිපතිවරයාගේ දෘෂ්ඨිය කුමක්ද යන්න සොයා ගතයුතුව තිබේ.

 

AKD ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වෙයි
අනුර ජනාධිපතිවරයා දර්ශනයේ දුගී බවකින් පෙලීමට ඉඩනැත්තේ ඔහුගේ දේශපාලනික සම්භවය නුතනවාදී දර්ශනයකින් ආභාෂය ලබන මාක්ස්වාදී ජවිපෙන් තුලින් සිදුවන පසුබිමකය. නමුත් අනුර ජනාධිපතිවරයා නායකත්වය ලබා දෙන්නේ ජනකාන්තවාදී දේශපාලන බලවේගයක් වන ජාතික ජනබලවේගයටය. ජනකාන්තවාදය යනු සංකීර්න ප්‍රශ්න සදහා සරල විසදුම් යෝජනා කොට ජන ආකර්ෂනය ලබා ගැනීමේ කලාවයි. එම නිසා ජාතික ජනබලවේගයේ දර්ශනය කුමක්දයි දන්නේ දෙවියන් පමනකි.

එය ජාතිකවාදයේ සිට සමාජවාදය දක්වාද ලිබරල් සුභසාධනවාදයේ සිට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දක්වා වුද පරාසයක් තුල පිහිටමින් කටයුතු කරන ජන අභිලාෂයන්ගෙන් සංයුක්තවු ජාතිකවාදීන්, පරිසරවාදීන්, ස්ත්‍රීවාදීන්, යහපාලනවාදීන්, හේතුවාදීන් හා භෞතිකවාදීන්ගෙන් මෙන්ම මේ කිසිවකින් සන්නද්ධ නොවු සාමාන්‍ය පුරවැසියන්ගෙන් සමන්විත වන්නාවු ගොනුවක් බව බැලූ බැල්මට පෙනෙන්නකි. ඔවුන්ගේ ප්‍රාථමික අභිලාෂය වන්නේ පවතින ක්‍රමය වෙනස් කොට සුභසාධනවාදී පාලනයක් යටතේ තම පුරවැසි අභිලාෂයන් තෟප්ත කරගැනීමටය.

 මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි

බලය ගැනීමට පෙර අනුර ජනාධිපතිවරයා බැදී සිටි දේශපාලන සම්මුතිය එසේවුවද, ඔහුට දැන් බංකොලොත්වු රටකට බැදී පවතින අභිලාෂයන්ටද රටේ පාලකයා ලෙස ඉටු කරන්නට බැදී සිටින්නේය. ( දිවුරමක් දී තිබේ) රටේ අභිලාශයන් බැදී පවත්නේ ලෝක ආර්ථික පර්යායකට හා භුදේශපාලනික යතාර්තයන් සමගය. ලොක ආර්ථික පර්යාය තුල බලපවත්වන්නේ නව ලිබරල්වාදයයි.

භුදේශපාලනික යථාර්තය තීරනය කරන්නේ අපගේ අසල්වැසියා වන ඉන්දියාව හා ඉන්දියාව පිටුපස සිටින අමරිකාවේ අභිලාෂයන් තුලිනි. එහිදී චීනය සිටින්නේ ඉහත දෙදෙනාට පිටු පසිනි. එකී තත්වය තුල ඔහුට බල කර ඇත්තේ තමන් නියෝජනය කරන්නාවු සියලු අභිලාෂයන් සමතුලිත කලහැකි පාලන ක්‍රමයකට අනුගත වන්නටය. එම කලාව අප හදුනා ගන්නේ ප්‍රායෝගිකවාදයක් (pragmatism )ලෙසය.

එහිලා ජනාධිපතිවරයාට සිදු වන්නේ:

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)
* IMF ගිවිසුම සමග බැදී සිට රටෙ අභිලාෂ සහතික කරන අතරේම රටේ ජනතාවගේ අභිලාෂයන් තෟප්ත කරන සුභසාධන අවශ්‍යතා අතර සාම්‍යයක් ඇති කරගැනීමටය.

* එසේ රටේ සුබසාධනයට රාජ්‍ය වියදම් වෙන් කරන අතරේම රටේ ආදයම ඉහල නැංවීමේ අවශ්‍යතා අතර සාම්‍යයක් ඇති කරගැනීමටය.

* එසේ කරන්නට යාමේදී නව ලිබරල්වාදය හා තම පක්ෂයේ මාක්ස්වාදී හා/හෝ සමාජවාදී දෟෂ්ඨිය අතර සාම්‍යයක් ඇති කර ගැනීමටය.

* හොරු ඇල්ලීම හා හොරකම් කල සල්ලි නැවත රටට ලබා ගැනීම සදහා යතාර්ථවාදී ප්‍රවිශ්ඨයකට එලඹීමටය.

* ජනාධිපති පාලනය ඉදිරියට ගෙන යාම හා තම සාමාජික අභිලාශයන් අතර සාම්‍යයක් ඇති කරගැනීමටය.

* ඉන්දියාව, අමරිකාව හා තම මිතුරා වන චීනය එක විට සමතුලිත කිරීමටය.

බුකිය - Results from #84

 

වැල් පාලම යනුවෙන් රනිල් සදහන් කලේ මේ ගමනය. නමුත් රනිල්ට අනුරට සාපේක්ෂව සමතුලිත කරන්නට කිසිවක් නොතිබුනේය. ඔහු ජනතාව අමතක කොට රට ගැන හිතුවේය. ඒ නිසාම ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුයේය. නමුත් වර්ථමාන ජනාධිපතිවරයාට සමතුලිකය යනු බොහෝ මිලක් ගෙවන්නට සිදුවන ක්‍රියාවක් වන්නේය. එසේම එසේ සමතුලිතයක් ඇති නොවන්නේ නම් ඒ සදහා ගෙවන්නට වන මිලද අධික වන්නේය.

ඉහත සියල්ල එකවිට කල නොහැකි ඉෂ්ඨාර්ථයන් ද වන්නේය. යම් හෙයකින් එසේ ඉෂ්ඨ කල නොහැකි වීම නිසා ඇතිවන ප්‍රතිපලයද බරපතල වන්නේය. නිසැකවම ඔහුට යමක් අත්හැරීමට සිදු වනු නියතය. එසේ අත්හැරීමෙන් පසුවද ඉෂ්ඨ කල හැකි යමක් වන්නේ නම් එවැනි ගමනක් අපට සමාන කල හැක්කේ අතුරේ යාමකටය.

අපට එවැනි ගමනක් සමාන කල හැක්කේ අපේ වහරේ පවතින එළහරකා සහ මීහරකා බානට බැද තබා යන ගමනක් ලෙසටය. එසේ නැති නම් ජනාධිපති වරයාට සිදුවන්නේ juggler කෙනෙකු ලෙස බොල ගනනාවක් උඩ දමමින් සිටින්නටය. වහරේ මෙවැනි උදාහරනයන් ඍනාත්මක නිරුක්තියක් ලබාදුන්නද එවැන්නක් රාජ්‍ය පාලනය තුල සිදුවන්නේ නම් එය හදුන්වාදිය හැකි වන්නේ ප්‍රායෝගිකවාදය ලෙසටය.

 

අනුර කුමාර දිසානායකගේ 'පුනරුදය' හමුවේ වෙඩිවර්ධනගේ 'කුමාරොදය' වරනැගීම -  (ජිමුත් ඉඳුසර)

ශබ්ද කෝෂය තුල pragmatism යන්න නිරුක්ති ගන්වන්නේ an approach that evaluates theories or beliefs in terms of the success of their practical application යනුවෙනි. ඒ අනුව රටේ පාලනයට සාපේක්ෂව ජනාධිපතිවරයාට බල කරමින් සිටින්නේ ප්‍රායෝගික වාදියකු වීමටය. ප්‍රායෝගිකවාදය අනාගතවාදීය. එම නිසා ජනාධිපතිවරයාගේ ප්‍රයෝගිකවාදය මැන බැලිය හැක්කේ පසුවිපරමකින් පමනක් බව පෙනේ.  එසේ නම් අපට ඒ දෙස තව කලක් බලා සිටිය යුතු වන්නේය.

එසේම ප්‍රායොගික වාදය වැඩ කිරීමට නම් තමන් භාවිතා කරන දර්ශනයන්ගේ හා/ හෝ සිද්ධාන්තයන්ගේ හාමුසුව නිවැරදිව සිදු කල යුතුව තිබේ. එසේ නිවැරදිව හාමුසු කලාද නැද්ද යන්න බලාගත හැකි වන්නේද ප්‍රතිපලය ලැබුන පසුවය. ඒ කියන්නේ වර්තමානයේදී රට පාලනය වුයේද නැද්ද යන්න සොයා බැලිය හැක්කේ වර්ථමානයේදී  නොව අනාගතයේදීය.

එසේ නම් අනුරවාදය කියන්නේ බලාපොරොත්තුවකටය. එය ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඇද බැද තබා ගත් දෟෂ්ඨියකි. නමුත් එම දෘෂ්ඨිය අනුභවික (empirical) නැත. එම නිසාම අනුරවාදය යනු සමපේක්ෂනයකි( speculation) නමුත් එය ජනතාව බිහිකල ආන්ඩුවේ යතාර්ථයයි.

ජනාධිපතිවරයාට තෝරා ගන්නට අන්මගක් නැත්තේය. මාගේ ප්‍රාර්ථනය වර්තමාන ආන්ඩුව යහපාලනය- 2 නොවේවා යන්නය.

Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...