The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය හමුවනු ඇත්ද? | Athulasiri Samarakoon

T

The Leader Desk

March 25, 2026 • 6:03 AM

විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය හමුවනු ඇත්ද? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අවස්ථාව, සම්ප්‍රදායික බල රටාවක් මත පදනම් වූ 'පැරණි ප්‍රභූ දේශපාලන පන්තිය' සහ නව ජනතා අභිලාෂයන් අතර පවතින ගැටුමක් ලෙස වටහාගත හැකිය.
  • මෙවැනි පසුබිමක, විපක්ෂයේ කණ්ඩායම්  (UNP, SLPP,  etc ) සහ විවිධ ජාතිවාදී බලවේග—“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” යන නාමයෙන් අභ්‍යන්තර හා ජාත්‍යන්තර මට්ටමින් අභියාචනා කිරීම, විකාරරූපී සහ විරුද්ධාභාසී දේශපාලන ක්‍රියාවලියක් ලෙස පෙනී යයි.
  • ෆූකෝ සහ ඩෙරීඩා වැනි චින්තකයන් විසින් තවදුරටත් විස්තර කර ඇති පරිදි “ප්‍රජාතන්ත්‍රවාදය”, “නීතියේ ආධිපත්‍යය”, “මාධ්‍ය නිදහස” වැනි පද, සත්‍ය පිළිබඳ අගයන් ලෙස නොව, බලය රැක ගැනීමට භාවිතා කරන අවස්ථානුකූලව භාවිතා කරන භාෂාත්මක මෙවලම් ලෙසද කියවිය හැක.
  • ඒවායේ අර්ථය දෙස යම් සංදර්භයකට, යම් ව්‍යාපාරයකට, ඒවා ප්‍රකාශ කරන පිරිසට සාපේක්ෂව බැලිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



විශේෂයෙන්ම NPP ආණ්ඩුව බලයට පත්වීම, පැරණි දේශපාලන බල ව්‍යුහයන් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාව ගත් ඓතිහාසික තීරණයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි පසුබිමක, විපක්ෂයේ කණ්ඩායම්  (UNP, SLPP,  etc ) සහ විවිධ ජාතිවාදී බලවේග—“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” යන නාමයෙන් අභ්‍යන්තර හා ජාත්‍යන්තර මට්ටමින් අභියාචනා කිරීම, විකාරරූපී සහ විරුද්ධාභාසී දේශපාලන ක්‍රියාවලියක් ලෙස පෙනී යයි.

(දේශපාලන) "සත්‍ය" යනු කුමක්ද?

පශ්චාත්-නව්‍යවාදයට (Postmodernism) අනුව, “සත්‍යය” යනු ඒකාන්තමය, ස්ථාවර, විශ්වීය සංකල්පයක් නොව, බලය හා භාෂාත්මක ව්‍යුහයන් මගින් නිර්මාණය වන බහුඅර්ථ මතුකරන ක්‍රියාවලියකි. ෆූකෝ සහ ඩෙරීඩා වැනි චින්තකයන් විසින් තවදුරටත් විස්තර කර ඇති පරිදි “ප්‍රජාතන්ත්‍රවාදය”, “නීතියේ ආධිපත්‍යය”, “මාධ්‍ය නිදහස” වැනි පද, සත්‍ය පිළිබඳ අගයන් ලෙස නොව, බලය රැක ගැනීමට භාවිතා කරන අවස්ථානුකූලව භාවිතා කරන භාෂාත්මක මෙවලම් ලෙසද කියවිය හැක.

649204455 1518100053008830 9024719383753576259 n
ඒවායේ අර්ථය දෙස යම් සංදර්භයකට, යම් ව්‍යාපාරයකට, ඒවා ප්‍රකාශ කරන පිරිසට සාපේක්ෂව බැලිය යුතුය. ඒ අනුව පසුගිය සමයේ චූදිතයන් වූ, භාණ්ඩාගාරය හිස්කල අය හෝ ජනමාධ්‍ය ආයතන ගිනිතැබූ අය අද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උපවාස කරනවිට එම ක්‍රියාවේ අර්ථය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව සඳහා යම් ප්‍රතිපත්තිමය කැපවීමක් කරන පිරිසට සාපේක්ෂව ව්‍යාජයක් බව කිවයුතුය.

මෙම දෘෂ්ටියෙන් බැලූ විට, විපක්ෂය විසින් ඉදිරිපත් කරන “ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ” යන ප්‍රකාශ, ඔවුන්ගේම අතීත පාලන කාලවලදී සිදු වූ බලය දූෂණ, බලය අයුතු ලෙස භාවිතා කිරීම, සහ නීතිමය වගකීම් වලින් පැන යාමට උත්සාහ කිරීම ආදී සකලවිධ දුෂ්ක්‍රියාවන් නැවත ඔවුන් විසින් වත්මන් පාලනයට එරෙහිව භාෂාත්මකව ප්‍රතිනිර්මාණය linguistic reconstruction කිරීමක් ලෙසද කියවිය හැක.  එනම්, ඔවුන් සිදුකරන්නේ සත්‍යය පිළිබඳ විචාරීය පරීක්ෂාවක් critique නොව, නැවත බලය ලබා ගැනීම සඳහා කරන “කතිකාමය උපායකි" discursive strategy යන්න අපගේ කියවීමයි.

පසුගිය සමයේ ජවිපෙ සහ ජාජබය එවක සිටි පාලකයන් විවේචනය කළ පරිදිම, සමහරවිට සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ජනතාව පීඩාවට පත්කළ පිරිසක් අද විපක්ෂයේ සිට නව පාලක පංතියට එරෙහිව සටන් පාඨ ගොතමින් සිටී. ඔවුන් දකින ආකාරයට වත්මන් පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්ව ඇත්නම් ඒවා යනූ මොනවාද? නීතියේ පාලනය බිඳවැටෙන අවස්ථා මොනවාද යන්න වඩා විධිමත්ව ඔවුන් විසින් විග්‍රහ කළ යුතුය. වත්මන් පාලනය විචාරාත්මකව සහ තාර්කිකව සහ අවංකව පරීක්ෂා කළයුතුමය. නමුත් විපක්ෂයට සත්‍ය පිළිබඳ න්‍යාය පත්‍රයක් තිබේද? ජාජබය එම විග්‍රහය වඩාත් සබුද්ධිකව කළ නිසා ජනතාව ඔවුන්ට බලය ලබාදී ඇති අතර වත්මන් විපක්ෂය, එනම් පරණ පාලක පංතිය එම චෝදනාව ජාජබයට එල්ල කළාට ජනතාව එය පිළිගනී ද? ලෝක සිවිල් සමාජය එය කෙසේ කියවා ගනීද යන ගැටළුව අප ඉදිරියේ තිබේ.

පැරණි පන්තිය සහ නව පාලනය

NPP government sri lanka e1743678542907 660x363
ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන පන්තිය, 1948 නිදහසෙන් පසු ආණ්ඩු බලය අත්පත් කරගෙන, රටේ ආර්ථික හා දේශපාලන ව්‍යුහයන් මත දීර්ඝ කාලීන බලපෑමක් සිදු කළාය. එහෙත්, මෙම පන්තියට අයත් පක්ෂ බහුතරයක් - UNP, SLPP, etc රටේ ආර්ථික කඩා වැටීම, දූෂණය, සහ පාලන අසාර්ථකතා සඳහා වගකිව යුතු බව ජනතාව විසින් තීරණය කර තිබේ.

NPP ආණ්ඩුව බලයට පත්වීම, මෙම පරණ පන්තියට එරෙහි (anti-elite uprising) එකක් ලෙස හඳුන්වනු ලැබේ. එය පශ්චාත් නව්‍යවාදයට අනුව, “මහා  ආඛ්‍යායන” (grand narratives) ප්‍රතික්ෂේප කිරීමක් ලෙසද කියවිය හැක. එනම්, “ රට පාලනය කළ හැක්කේ පැරණි ප්‍රභූන්ටය” යන යල්පැනගිය ප්‍රකාශය, කථාන්තරය, ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ජාත්‍යන්තරයට යාම desperate act of survival

අද දවසේ දී විපක්ෂය ජාත්‍යන්තරයට යාම, පශ්චාත්-නව්‍යවාදී විග්‍රහයකින් බලද්දී, රාජ්‍යයේ දේශසීමාවට එහා සිට බලය (power outside the state) සෙවීමක් ලෙසද දැක්විය හැක. එය දේශීය ජනමතය නිසා ප්‍රතිබලගැන්වී ඇති නීතිමය හා දේශපාලනමය සාධාරණභාවයට එරෙහිව, බාහිර ආධාර ලබාගෙන නැවත  එම ක්‍රියාවලිය ආපසු හැරවීමට ගන්නා උත්සාහයක් ලෙසද හැඳින්විය හැක. ජාත්‍යන්තර වශයෙන් ජාජබ පාලනය අකලට පෙරළා දැමීමට  මෙරට විපක්ෂයට අනුග්‍රහ දැක්විය හැකි සිවිල් සමාජයක් හෝ රාජ්‍ය හෝ ව්‍යාපාරික පංතියක් තිබේද? යන්න සොයා බැලිය හැක.

gr 1

gr 2

මෙය විශේෂයෙන්ම ගෝලීය දේශපාලන පසුබිම තුළ විරුද්ධාභාසී වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් යටතේ, ඇමරිකාව විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ සම්ප්‍රදායික ස්ථාවරයන් අභියෝගයට ලක් කරමින්, ගෝලීය බලපෑම් දේශපාලනයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක, ජාත්‍යන්තර ප්‍රජාව වෙත යාම, සදාචාරාත්මක ස්ථාවරයක් නොව, දේශපාලන ක්‍රමෝපායක් ලෙස ද පෙනී යයි.

අද දවසේ ශ්‍රී ලංකාවේ දේශපාලනය බල ව්‍යූහය තුළ විශේෂයෙන් ම විපක්ෂයට පක්ෂ ජනමාධ්‍ය විසින් ඇතිකරමින් තිබෙන ප්‍රචාරණ අරගලය පරණ පාලක පන්තිය හා නව ජනතා බලවේග අතර පවතින  “ සත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය අර්ථදැක්වීම පිළිබඳ අරගලයක්” ලෙස වටහාගත හැක. විපක්ෂය විසින් “ප්‍රජාතන්ත්‍රවාදය” යන පදය භාවිතා කිරීම, සත්‍ය යනු කුමක්ද යන්න හඹායාමක් නොව, බලය නැවත ලබා ගැනීම සඳහා කරන භාෂාමය දේශපාලන හරඹයක් ලෙස කියවිය හැක.

එම නිසා, නව ආණ්ඩුවට එහි නියමිත කාලය ලබා දීම, ජනතා තීරණයට ගරු කිරීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලනය නූතනකරණයට අවශ්‍ය සාධකයක් ලෙසද දැක්විය යුතුය. පරණ පන්තියට නැවත බලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයට යෑමට සිදුවීම යම් සරදම්කාරී තත්වයකි. එය විපක්ෂයේ පැවැත්ම සඳහා සිදුකරන අතිශය විපිළිසර (desperate politics of survival) දේශපාලන ක්‍රියාවක් ලෙස විග්‍රහ කළ හැක.

athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...