The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ යනු ජීවන විලාසිතාවක් බවට පත් නොකර ගැනීමේ ගැටලුව! | Athulasiri Samarakoon

T

The Leader Desk

April 7, 2026 • 5:23 AM

ජවිපෙ යනු ජීවන විලාසිතාවක් බවට පත් නොකර ගැනීමේ ගැටලුව!  | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Image : Shehan Gunasekara
  • ඒ තුල හර්ෂණලා, හරිනිලාට තෑන දී ඇත්තේ පක්ෂය විසිනි.
  • නමුත් අද දවසේ ජවිපෙ ප්‍රබල සාමාජිකයන් වන ලාල්, හඳුන් හෝ බිමල් හෝ අනුර හෝ නලින්ද වැනි අයට බරපතල ලෙස ධනපති මාධ්‍ය ප්‍රාග්ධනය සහ දූෂිත දේශපාලන පංතිය එල්ල කරන ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකකි.
  • අනෙක් අතට, ජවිපෙ උක්ත නායකයන් ඇතුළු සියලූම දෙනා කැපවිය යුත්තේ ධනවාදයේ ජීවන පරමාදර්ශ සඳහා නොව විකල්ප ජීවන විලාසිතාවක් සදහා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජවිපෙ සැබෑ නායකයන් පැමිණ ඇත්තේ පහළ පංති පසුබිම් වලිනි. නිදහස් අධ්‍යාපනය ආදී ධනවාදී මානුෂවාදී උපකරණ නොමැති නම් සිංහලෙන් වත් ඉගෙනගෙන ඉදිරියට ඒමට එම පහළ පංතියට හැකි වන්නේ නැත.

 

මගේ පියා ජේආර්ට භක්තිමත් වුනේ නොමිලේ පොත් ලබාදීම නිසාය. නමුත් එම නොමිලේ අධ්‍යාපනය සමග පහළ සමාජ පංතිය විශාල සමාජීය හා දේශපාලන බලයකට උරුමකම් ලැබීමට සමත්විය. අනුර කුමාර යනු එහි ඉහළම නිෂ්පාදනය යි. එම පංතියට ඉංග්‍රීසි බස හෝ බටහිර සමාජ ආචාරධර්ම ඉගැන්වීමට මෙරට නිදහස් අධ්‍යාපනය එතරම් ප්‍රාග්ධනයක් වැය නොකර තිබීම වෙනත් ගැටලුවකි. භාෂාව කුමක් වුවත් විමර්ශනශීලී චින්තනයක් සහිත, ක්‍රියාකාරීන් පරපුරක් බිහිවීමට අධ්‍යාපනය හේතුවිය.

666109109 26313127105020886 4790022260289384860 n

 

ජන බලවේගය යනු ජවිපෙ නැමැති ශක්තිමත් පක්ෂ පදනම් මත ඉදිකළ ආණ්ඩු බලය සදහා නිර්මාණය වූ තාවකාලික ව්‍යූහයකි. ඒ තුල හර්ෂණලා, හරිනිලාට තෑන දී ඇත්තේ පක්ෂය විසිනි. නමුත් අද දවසේ ජවිපෙ ප්‍රබල සාමාජිකයන් වන ලාල්, හඳුන් හෝ බිමල් හෝ අනුර හෝ නලින්ද වැනි අයට බරපතල ලෙස ධනපති මාධ්‍ය ප්‍රාග්ධනය සහ දූෂිත දේශපාලන පංතිය එල්ල කරන ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකකි. එය ඩිජිටල් ධනවාදයේ හැටිය.

අනෙක් අතට, ජවිපෙ උක්ත නායකයන් ඇතුළු සියලූම දෙනා කැපවිය යුත්තේ ධනවාදයේ ජීවන පරමාදර්ශ සඳහා නොව විකල්ප ජීවන විලාසිතාවක් සදහා ය. ජවිපෙ අභ්‍යන්තර තුල පවතින එම ප්‍රතිමාන බහුජන සමාජයට ගැළපෙන්නේ නැතිබව කීම අදේශපාලනික ප්‍රකාශයකි.

ධනවාදයේ උග්‍ර පරිභෝජන දෙවොල ට එල්ලවන බැලිස්ටික් මිසයිල ප්‍රහාර හමුවේ, ජවිපෙ සොයාගත් සරල ජීවන පැවැත්ම නව විකල්ප චින්තනයක් විය හැක.... එය චින්තන මාදිලියක් සහ ජීවන විලාසිතාවක් ලෙස වර්ධනය කළ හැකි විභවතාවයකි. පද්ධතිය වෙනස් කිරීමේ දේශපාලනයට නායකත්වය ලබාදීමට ටිල්වින් සිල්වා පෙරට ආ යුතුය.

Athulasiri Kumara Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...