මෙම අභියෝග භාහිර සහ අභ්‍යන්තර යන දෙපාර්ශවයෙන්ම එල්ල වුවද, ඒවා සරලව “අර්බූද” ලෙස පමණක් නොව, දේශපාලනිකව “රාමුගත කරන ලද අර්බූද” ලෙසද විග්‍රහ කළ යුතුය. විශේෂයෙන්ම අභ්‍යන්තර මට්ටමේදී පවතින තත්ත්වය, වාස්තවික දුර්වලතා සහ දේශපාලන ආඛ්‍යානයන්ගේ (narratives) සම්මිශ්‍රණයක් බව පැහැදිලිව පෙනෙයි. මෙය නිවැරදිව කියවීම අත්‍යවශ්‍ය වේ, මන්ද නිවැරදි රෝග නිධාන පරීක්ෂාවක් diagnosis නොමැතිව නිවැරදි ප්‍රතිකාරයක් සකස් කළ නොහැකි බැවිනි.

භාහිර මට්ටමේදී, ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ අස්ථාවර ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන පද්ධතියක් තුළ තම පැවැත්ම සුරක්ෂිත කරගැනීමයි. මැදපෙරදිග කලාපයේ අර්බූද, නාවික ගමනාගමනයට ඇති බාධා, ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරය ශක්තිමත් වීම හා රුපියල අවප්‍රමාණය වීම යනාදිය ඒවායේ සෘජු ප්‍රතිඵලයන් වේ. එසේම විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩුවීම ආර්ථිකයට තවත් පීඩනයක් එක් කරයි. මෙවැනි පසුබිමක, ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක් බලවතෙක් මත නොරැන්ඳී, බහු-සංධානමය විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. එය දේශපාලන තීරණයක් පමණක් නොව, ආර්ථික ආරක්ෂාව සඳහා වන මූලික අවශ්‍යතාවයකි.
නමුත් එය අති සරල ප්‍රතිපත්ති මාරුවක් නොවන අතර, ඉන්දියානු සහ ඇමරිකානු බලයන්ගේ හැසීරීමට ප්‍රතිචාරාත්මක ද නොවන, සහ එම බලයන්ට එරෙහිව සහ ඒවා විසින් ප්‍රතිප්‍රහාරාත්මකව එරෙහි විය නොහැකිද ප්‍රතිපත්තියක් විය යුතුය. එය සංකීර්ණ ක්‍රීඩාමය සූක්ෂමතාවයක් සහිත එකක් විය යුතුය.
කෙසේ වෙතත්, ජන බලවේගය මුහුණ දෙන වඩාත් සංකීර්ණම අභියෝග පවතින්නේ අභ්‍යන්තර දේශපාලන කතිකාව තුළය. විපක්ෂ හා ජන-සමාජ-මාධ්‍ය දේශපාලනය විසින් ආණ්ඩුව ප්‍රධාන “අර්බූද තුනක්” හරහා රාමුගත කරයි.
* පළමුව, ආණ්ඩුව මහ ජාතික සභ්‍යත්වය හා සංස්කෘතික අගයන් පිළිබඳව අස්ථිර පිළිවෙතක් දක්වන බවට වන ආඛ්‍යානයකි.
* දෙවනුව, ආණ්ඩුව අකාර්යක්ෂම හා මන්දගාමී බවට වන චෝදනාවයි.
* තෙවනුව, නව ආණ්ඩුව ද දූෂණයෙන් නිදහස් නොවන බවට වන තර්කයයි.
මේවා සම්පූර්ණයෙන්ම අ/සත්‍ය නොවුවත්, ඒවා විශාල කර පෙන්වා දේශපාලන වාසියක් ලබාගැනීමේ උපායන් ලෙස භාවිතා කරනු ලැබේ.
මෙම තත්ත්වය තේරුම් ගැනීමේදී වැදගත් වන්නේ, මෙය ප්‍රතිපත්ති අර්බූදයක් policy crisis පමණක් නොව, සංජානමය අර්බූදයක් perception crisis බවද හඳුනාගැනීමයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එහි සන්නිවේදනය අතර පවතින හිඩැස මෙයට මූලික හේතුවකි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් ජනතාවට පැහැදිලිව නොපෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස, විපක්ෂය විසින් නිර්මාණය කරන ආඛ්‍යායන රාමු ජනමාධ්‍ය තුළ ප්‍රබල වේ.

ස්ලාවෝ ජිජැක්
ස්ලාවෝ ජිජැක්ගේ විචාරාත්මක දෘෂ්ටිය විසින් පෙන්වා දෙන පරිදි, සමාජය ක්‍රියාත්මක වන්නේ වාස්තවික objective යථාර්ථයක් මත පමණක් නොව, අප එය ගැන විශ්වාස කරන ආකාරයද මතය. එය ඔහු දෘෂ්ටිවාදය “ideology” ලෙස හඳුන්වෙයි. මෙහිදී දෘෂ්ටිවාදය යනු ව්‍යාජ විශ්වාසයක් පමණක් නොව, යථාර්ථය හැඩගස්වන ක්‍රියාකාරී බලයකි. එබැවින් “ආණ්ඩුව අසාර්ථකයි” යන කතාව සත්‍යයක් වීමට පෙර, එය සමාජය තුළ සත්‍යයක් ලෙස අත්විඳින යථාර්ථයක් බවට පත්වේ.
ජිජැක්ට අනුව දේශපාලන විශ්ලේෂණය තුළ රෝග ලක්ෂණය “symptom” සහ මානසික කල්පිතයන් “fantasy” යන සංකල්ප දෙක ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි. දූෂණය, අකාර්යක්ෂමතාව, සංස්කෘතික අර්බූද වැනි දේවල් සමාජයේ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රශ්න වල රෝග ලක්ෂණ (symptoms) ලෙස දැක්විය හැක. ඒවා සැබෑ ගැටලු වුවද, ඒවා පමණක් නොව, ඒවාට සම්බන්ධ කල්පිත රාමු (fantasies) මගින් ඒවා විශාල කර පෙන්වනු ලැබේ. "පාලකයන්ට අත්දැකීම් නෑ”, " ආණ්ඩුව බොරු කියනව", “රනිල්ගේ පරිණත නායකත්වය”, “ජාතික සංස්කෘතිය අනතුරේ” වැනි කථා මේ සඳහා උදාහරණ වේ. මේවා දේශපාලන ගතිකත්වය චලනය කරන භාෂාමය බලවේග වේ.

මෙම පසුබිම තුළ, විපක්ෂය ක්‍රියා කරන්නේ රෝග ලක්ෂණ වඩාත් උස් හඩින් ප්‍රකාශ කිරීමත් symptom amplify, මානසික පරිකල්පනය තුළ ආණ්ඩුව වැදගැම්මකට නැති, සාමාන්‍ය මිනිසුන්ගේ එකතුවක් බවට පත්කිරීමත් ය. කුඩා ගැටලුවක් හෝ දෝෂයක්, සම්පූර්ණ පද්ධතියම අසාර්ථක බවට පෙන්වීමේ විශාල කථාවකට සම්බන්ධ කරයි. ඒතුළ දේශපාලනය යනු “සත්‍යය” පිළිබඳ සටනක් නොව, “අර්ථකථන” පිළිබඳ සටනක් බවට පත්වේ.
මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මූලෝපායික වෙනස් කමකි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නොව, ඒවාට අර්ථයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. “අපි කරන දේ” යන්න “ඔබට ලැබෙන දේ” ලෙස පරිවර්තනය කිරීම මෙහි කේන්ද්‍රීය අවශ්‍යතාවයි. එහිදී, ආර්ථික ප්‍රතිසංස්කරණ වැනි දේවල් ජනතාවගේ දෛනික ජීවිතයට සම්බන්ධ කර විස්තර කළ යුතුය.
එසේම ආණ්ඩුව ආඛ්‍යායන අත්පත් කර ගැනීම narrative capture strategy සදහා ක්‍රියා කළ යුතුය. ස්ථාවරතාවය, පිරිසිදු පාලනය සහ නව ආර්ථික මාවත යන මූලික පණිවිඩ වටා එහි සන්නිවේදනය ගොඩනැගිය යුතුය. දුස් තොරතුරු misinformation වලට එරෙහිව වේගවත්ව ප්‍රතිචාර දක්වන යාන්ත්‍රණයක්ද අවශ්‍ය වේ. අද දේශපාලන ක්‍රියාකාරකම් සිදුවන වේගය ඉතා ඉහළ බැවින්, ප්‍රමාද වූ සත්‍යය විසින් බොහෝ විට අසත්‍යයට ජය ලබාදේ.
තවද, ජනතාව සමඟ සෘජු සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රාදේශීය මට්ටමින් ජන හමුවීම්, සජීවී සංවාද සහ බිම් මට්ටමේ ක්‍රියාත්මකවීම grassroots engagement මගින් රාජ්‍යය සහ පුරවැසියා අතර ඇති දුර අඩු කළ හැක. කුඩා නමුත් ජනතාවට දැනෙන ජයග්‍රහණ ලබාදීමද සංජානනය perception වෙනස් කිරීමට වැදගත් වේ.
අවසානයේ, ජිජැක් පෙන්වා දෙන පරිදි, මානසික පරිකල්පනය fantasy බිඳ දැමීමට එය සෘජුව ප්‍රතික්ෂේප කිරීම ප්‍රමාණවත් නොවේ; එයට මුහුණ දෙමින් එය නැවත අර්ථකථනය කළ යුතුය. අද ජන බලවේගය ආණ්ඩුවට ඉදිරියට යා හැකි මාවතක් එම උපාය තුළ පවතින බව පෙනෙයි. කෙටියෙන් දක්වන්නේ නම්, ආණ්ඩුවක් සාර්ථකද අසාර්ථකද යන්න තීරණය වන්නේ එය විසින් සිදුකරන දේ අනුව පමණක් නොව, එම ආණ්ඩුව ගැන ජනතාව විශ්වාස කරන දේද මතය. එබැවින් අද පවතින දේශපාලන බල අරගලය යනු ප්‍රතිපත්තිය පිළිබඳ එකක් පමණක් නොව-අර්ථකථනය පිළිබඳවද වූ බල අරගලයකි.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




