The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයේ දිශාව කුමක් ද ? | Athulasiri Samarakoon

T

The Leader Desk

May 8, 2026 • 10:34 AM

විපක්ෂයේ දිශාව කුමක් ද ? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ දේශපාලනය තුළ දෛනිකව වැඩිම විවාදයට ලක්වන චරිතයක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ.
  • ඔහු තවමත් ග්‍රාමීය ජනතා පදනමක් සහිත, වේදිකා දේශපාලනයට සුදුසු, ජනහිතකාමී ප්‍රතිරූපයක් ඇති නායකයෙකු ලෙස පෙනී සිටියද, නූතන විපක්ෂ දේශපාලනයට අවශ්‍ය වන සංවිධානමය සහ මූලෝපායික ප්‍රතිසංවිධානය ගොඩනැගීමේ දුර්වලතාවයක් පවතින බව විවේචකයෝ කියති.
  • ආණ්ඩුවේ අඩුපාඩු මතු කිරීම පමණක් නොව, විකල්ප රාජ්‍ය දැක්මක්, ආර්ථික ප්‍රතිපත්තියක් සහ නව පරම්පරාව ආකර්ෂණය කරන දේශපාලන භාෂාවක් ඉදිරිපත් කිරීමේ අභියෝගයට SJB තවමත් නිසි පිළිතුරක් ලබා දී නොමැති බවට මතයක් පවතී.
  •   මෙහිදී එක්සත් ජාතික පක්ෂය සමග යළි එකතුවීම පිළිබඳ සාකච්ඡාව ද අර්බූදයේම කොටසක් බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේග ආණ්ඩුව විශාල ජනමතයක් සහිතව බලයට පැමිණි පසු, විපක්ෂය යළි ප්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාවය දැඩිව මතු වුවද, එම කාර්යය ඉටු කිරීමේදී සමගි ජන බලවේගය තුළ පවතින අභ්‍යන්තර දුර්වලතා, නායකත්ව අර්බූද සහ දේශපාලන අනන්‍යතාවය දේශපාලන විචාරයට සහ විවේචනයට ලක්වෙයි.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දෙන්නේ “ජනතා ආකර්ෂණය සහ සංවිධානමය නායකත්වය අතර ඇති පරතරය” යි. ඔහු තවමත් ග්‍රාමීය ජනතා පදනමක් සහිත, වේදිකා දේශපාලනයට සුදුසු, ජනහිතකාමී ප්‍රතිරූපයක් ඇති නායකයෙකු ලෙස පෙනී සිටියද, නූතන විපක්ෂ දේශපාලනයට අවශ්‍ය වන සංවිධානමය සහ මූලෝපායික ප්‍රතිසංවිධානය ගොඩනැගීමේ දුර්වලතාවයක් පවතින බව විවේචකයෝ කියති. ආණ්ඩුවේ අඩුපාඩු මතු කිරීම පමණක් නොව, විකල්ප රාජ්‍ය දැක්මක්, ආර්ථික ප්‍රතිපත්තියක් සහ නව පරම්පරාව ආකර්ෂණය කරන දේශපාලන භාෂාවක් ඉදිරිපත් කිරීමේ අභියෝගයට SJB තවමත් නිසි පිළිතුරක් ලබා දී නොමැති බවට මතයක් පවතී.

d3y5454009988776

 

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සමග යළි එකතුවීම පිළිබඳ සාකච්ඡාව ද අර්බූදයේම කොටසක් බව පෙනේ. රනිල් වික්‍රමසිංහ සහ UNP පාර්ශ්වය, සජිත්ගේ දේශපාලන ස්වාධීනත්වය සීමා කරන ආකාරයකින් “එක්සත් වීමේ” යෝජනාව භාවිතා කරන බවට වන අදහස් පළවෙයි. එම විවේචනයේ මූලික අදහස වන්නේ, UNPය යළි ශක්තිමත් වීමට අවශ්‍ය ජනතා පදනම සජිත් සතු වන අතර, සජිත්ට එමගින් අවශ්‍ය වන්නේ පක්ෂ යාන්ත්‍රණය සහ පරණ දේශපාලන ජාලය බවයි. එවැනි තත්වයකදී එකතුවීම යනු සමාන පාර්ශ්ව දෙකක සන්ධානයක් නොව, බලය සහ පාලනය පිළිබඳ අරගලයක් බවට පත්විය හැකි තත්වයක් නිර්මාණය වීමකි.

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ තවමත් ශ්‍රී ලංකා ලිබරල් දේශපාලනය තුළ කේන්ද්‍රීය බලයක් ලෙස ක්‍රියා කරන බවත්, ඔහුගේ දේශපාලන ක්‍රමවේදය බොහෝවිට ප්‍රතිවාදීන් “අභ්‍යන්තරයෙන් පාලනය කිරීම” මත ගොඩනැගී ඇති බවත්ය. ඒ අනුව සජිත් සමග එකතුවීමේ උත්සාහය සැබෑවටම විපක්ෂයේ ඒකාබද්ධතාවයකට වඩා, SJB තුළ බල සම්බන්ධතා වෙනස් කිරීමේ මූලෝපායික ක්‍රියාවලියක්ද යන ප්‍රශ්නයක් වෙයි. විශේෂයෙන්ම සජිත් වටා සිටින කණ්ඩායම තුළ ඇති අවිශ්වාසය, මෙම සාකච්ඡාව තවත් සංකීර්ණ කරයි.

Harsha De Silva 1

 

මේ අතර, හර්ෂ ද සිල්වා පිළිබඳ සංවාදය ද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. සමාජ මාධ්‍ය තුළ සහ නාගරික මධ්‍යම පන්තිය අතර, හර්ෂ ද සිල්වා වඩාත් ප්‍රතිපත්තිමය, ආර්ථිකමය සහ ජාත්‍යන්තරව පිළිගත හැකි නායකයෙකු ලෙස ඉදිරිපත් කෙරේ. විශේෂයෙන් ආර්ථික අර්බූදයෙන් පසු, “තොරතුරු මත පදනම්ව කතා කරන”, “වෘත්තීයමය” දේශපාලනඥයෙකු සඳහා ඇති ඉල්ලුම ඔහුට වාසිදායක වී තිබේ.

නමුත් එයින්ම ඔහු ජනතා නායකයෙකු බවට පත්වේද යන්න වෙනම ප්‍රශ්නයකි. හර්ෂ ද සිල්වාට නාගරික බුද්ධිමය ප්‍රතිරූපයක් තිබුණද, සජිත් සතු ග්‍රාමීය ජනපදනම, වේදිකා ශක්තිය සහ දේශපාලන ආකර්ෂණීයත්වය ඔහු සතු වනවාද  යන පැනය සමහරු මතුකරයි. සජිත් පැය විසිහතරම ජනතාව අතරට යෑම ප්‍රගුණ කොට ඇතිමුත් හර්ෂ සහ සජිත් යන දෙදෙනාටම එකිනෙකාගෙන් උගත හැකි බොහෝදේ තිබිය හැක.

ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය තවමත් සම්පූර්ණයෙන්ම “ප්‍රතිපත්ති” මත පමණක් තීරණය නොවන අතර, සංවේදී ජන සම්බන්ධතාව, පක්ෂ සංවිධානය සහ පෞද්ගලික ප්‍රතිරූපයද වැදගත් වෙයි.

 

641319654 1695526081845334 1295886773474544703 n

ඒ අනුව, සජිත් ප්‍රේමදාසගේ අර්බූදය පුද්ගලික නායකත්ව ගැටලුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ දක්ෂිණාංශික සහ මධ්‍යස්ථ විපක්ෂ දේශපාලනය මුහුණ දෙන විශාල සංක්‍රාන්ති අර්බූදයක ප්‍රකාශනයක් ලෙසද කියවිය හැකිය. පරණ UNP දේශපාලනය, නව SJB අනන්‍යතාවය, නාගරික ලිබරල්වාදය, ග්‍රාමීය ජනහිතවාදය සහ ආණ්ඩු විරෝධී බලවේග අතර ඇති මෙම ගැටුම තවදුරටත් විපක්ෂය තුළ අස්ථාවරතාවය ඇති කිරීමට ඉඩ ඇත.


athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...