The Leader News
BREAKING
Top Ad
Opinion

මොරටුවේ ඉරාන් සහ ජාතික අපේක්ෂාවන් දෙසට හැරෙන ජන බලවේගය | Athulasiri Samarakoon

T

The Leader Desk

May 12, 2026 • 6:40 AM

මොරටුවේ ඉරාන් සහ ජාතික අපේක්ෂාවන් දෙසට හැරෙන ජන බලවේගය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය ගොඩනැගීම යනු එක් පක්ෂයක්, එක් පංතියක් හෝ එක් සංස්කෘතික බලවේගයක් විසින් පමණක් සිදුකරන ක්‍රියාවක් නොවේ. එය බහු පංතික, බහු අනන්‍යතාමය, සංධානිත සහ අඛණ්ඩව ගොඩනැගෙන දේශපාලන ක්‍රියාවලියකි.
  • අර්නස්ටෝ ලැක්ලෝ සහ ෂන්තල් මූෆ් පෙන්වා දුන්නේ, නවීන දේශපාලනය පංති අරගලයකට පමණක් සීමා නොවන බවයි.
  •   2022 ලංකාවේ සිදුවූ 'ජන අරගලය' එම තත්වයේ ප්‍රබලම ප්‍රකාශනයකි.
  • මෙම පසුබිම තුළ NNP ආණ්ඩුවේ උද්ගතවීමද කියවිය යුත්තේ සම්ප්‍රදායික වාමාංශික පක්ෂ ජයග්‍රහණයක් ලෙස නොව, බහුපංතික සූසංයෝගයක් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේම සමගි ජන බලවේගයේ පතාකයකුවූ එරාන් වික්‍රමරත්න සාධකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කාර්යභාරය පක්ෂ විපක්ෂ භේදයක් නැතිව භාරගැනීම හරහා තහවුරු වන පරිදි ද, ශ්‍රී ලංකාව වැනි අර්බුදකාරී රාජ්‍යයක් ගොඩනැගීමට පුළුල් සමාජ සම්මුතියක් අවශ්‍ය වේ. මෙම අදහස පශ්චාත් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් කියවූ විට, වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සහ ක්‍රීඩා-සමාජ ව්‍යුහයේ ගැඹුරු ගතිකතාවයන් පැහැදිලි වේ.

අර්නස්ටෝ ලැක්ලෝ සහ ෂන්තල් මූෆ් පෙන්වා දුන්නේ, නවීන දේශපාලනය පංති අරගලයකට පමණක් සීමා නොවන බවයි. ජාතිය, ආගම, සංස්කෘතිය, භාෂාව, ලිංගිකත්වය, මාධ්‍ය, නගරීකත්වය, පාරිසරික තුල්‍යතාව, තරුණ අපේක්ෂා, සහ දූෂණ විරෝධය වැනි විවිධ කතිකාවන් එකිනෙක සමඟ බැඳී “ජනතාව” යන හෙජමොනික (සමස්ථාධිපත්‍ය) සංකේතය නිර්මාණය කරයි. ඒ අනුව “ජනතාව” යනු ස්ථාවර පංතික ඒකකයක් නොව, අඛණ්ඩව දේශපාලනිකව ගොඩනැගෙන සංකේතමය එකමුතුවකි.

 


2022 ලංකාවේ සිදුවූ 'ජන අරගලය' එම තත්වයේ ප්‍රබලම ප්‍රකාශනයකි. එය තනි පංතික අරගලයක් නොවීය. මධ්‍යම පංතිය, තරුණයින්, වෘත්තීයවේදීන්, කම්කරු ජනතාව, සිවිල් සමාජය, ඩිජිටල් මාධ්‍ය ක්‍රියාකාරීන් සහ විවිධ දේශපාලන පසුබිම්වල ජනතාව පද්ධති වෙනසක් system change යන සංඥාව ( sign) (එහි සංඥාපනයන්  signifiers රාශියකි) යටතේ එකතු විය. නමුත් ඒ සියල්ල එකම දෘෂ්ටිවාදයකින් ගොඩනැගුණේ නැත. පශ්චාත් මාක්ස්වාදීව බලන විට, මෙය විවිධ සමාජ අපේක්ෂා තාවකාලිකව එකතු වූ හෙජමොනික සංධානයකි.

මෙම පසුබිම තුළ NNP ආණ්ඩුවේ උද්ගතවීමද කියවිය යුත්තේ සම්ප්‍රදායික වාමාංශික පක්ෂ ජයග්‍රහණයක් ලෙස නොව, බහුපංතික සූසංයෝගයක් ලෙසය. AKD සහ හරිනි වැනි නායකයන්ගේ වැදගත්කම ඇත්තේ, ඔවුන් පංති දේශපාලනයේ සීමාව ඉක්මවා “ජනතාව” යන පුළුල් සංකේතය ගොඩනැගීමට උත්සාහ කිරීම තුළය.

EGXXIriU8AESmhK

 

අනුර කුමාර දිසානායකගේ දේශපාලන ආමන්ත්‍රණය තුළ කම්කරු පංතිය පමණක් නොව, දූෂණ විරෝධී මධ්‍යම පංතික කෝපය, තරුණයන්ගේ සම්ප්‍රදාය විරෝධය, ජාතික ස්වෛරීත්වය, ජාතික සමගිය, දරිද්‍රතාවයට එරෙහිවීම, දේශපාලන පවුල් ප්‍රතික්ෂේප කිරීම සහ රාජ්‍ය කාර්යක්ෂමතාව පිළිබඳ අපේක්ෂාවන්ද එකතු වේ. ඔහු ක්‍රම විරෝධී anti-establishment සටනේ හෙජමොනික සංකේතයක් බවට පත්වී ඇත.

එසේම හරිනි අමරසූරිය නියෝජනය කරන්නේ, ශාස්ත්‍රීය, ස්ත්‍රීවාදී, සිවිල් සමාජීය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් එකතු කරන නව නායකත්ව රූපකයකි. ඇය හරහා නාගරික මධ්‍යම පංතිය, තරුණ ප්‍රජාව සහ අධ්‍යාපනික ප්‍රජාව දේශපාලනය සමඟ නැවත සම්බන්ධ විය.

මෙම තත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයටද අදාළ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන සැබෑ අභියෝගය ක්‍රීඩා තාක්ෂණික ගැටලුවක් පමණක් නොවේ. එය බෞද්ධ/ක්‍රිස්තියානි, ගම/නගරය, කොළඹ/පිටිසර, දුප්පත්/පොහොසත්, ප්‍රභූ පාසල්/ග්‍රාමීය පාසල් වැනි බයිනරි බෙදීම් ඉක්මවා යාමේ අභියෝගයකි.

 

eranfht

එහිදී, වඩාත් ධනාත්මකව, එරාන් වික්‍රමරත්න වැනි චරිත ක්‍රිකට් පරිපාලනය සහ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට, එය කියවිය හැක්කේ “ජාතික කණ්ඩායම” යන සංකේතය නැවත ගොඩනැගීමේ උත්සාහයක් ලෙසය. නූතන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් යනු, එක් පංතියක හෝ එක් සංස්කෘතික කේන්ද්‍රයක වරප්‍රසාදිත ව්‍යාපෘතියක් නොව, විවිධ සමාජ පසුබිම්වල ක්‍රීඩකයන් එකම ජාතික සංකේතයක් තුළ එකතු කරන ව්‍යාපෘතියකි.

පශ්චාත් මාක්ස්වාදීව බලන විට, දේශපාලනය යනු සමාජයේ සියලු වෙනස්කම් මකා දැමීම නොවේ. එය විවිධත්වයන් අතර සම්බන්ධතා ගොඩනැගීමයි. ලැක්ලෝ එය හැඳින්වූයේ සමානතා ජාලය  chain of equivalence ලෙසය—වෙනස් සමාජ කණ්ඩායම් තමන්ගේ අනන්‍යතා රඳවාගෙනම, විශාල ජාතික අරමුණක් සඳහා එකට ගමන් කළ හැකි තත්ත්වයක් ලෙස එය හැදින්විය හැක.

ඒ අනුව අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බයිනරි (සුදු - කලු හෝ රතු - කොළ වැනි රළු වර්ගීකරණය) බෙදීම් තවදුරටත් උග්‍ර කරන දේශපාලනයක් නොව, සමස්ථය වඩාත් තදින් බැඳ තබමින් එය ජාතික අරමුණු සඳහා මෙහෙයවන දේශපාලන ව්‍යාපෘතියකි. ජාතියක් ගොඩනැගීම යනු එකම අනන්‍යතාවයක් බලෙන් පැනවීම නොව, විවිධ අනන්‍යතා අතර හෙජමොනික සම්මුතියක් නිර්මාණය කිරීමයි.

npp

 

එම අර්ථයෙන්, නූතන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ගොඩනැගීමත්, NPP වැනි බහු පංතික ජන බලවේගයක් ගොඩනැගීමත්, සහ අර්බුදයෙන් පසු නව ශ්‍රී ලාංකික රාජ්‍යයක් ගොඩනැගීමත්, එකම ඉතිහාසමය අභියෝගයේ වෙනස් ආකාර තුනක් ලෙස කියවිය හැකිය.

athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...