The Leader News
BREAKING
Top Ad
Opinion

අඟුරු සහ ගෑස්: ධනපති-පක්ෂ-ව්‍යාපාරික පංතිය අතර පවතින සබඳතාව සහ ආණ්ඩු පෙරළීම | Athulasiri Samarakoon

T

The Leader Desk

February 25, 2026 • 7:12 AM

අඟුරු සහ ගෑස්: ධනපති-පක්ෂ-ව්‍යාපාරික පංතිය අතර පවතින සබඳතාව සහ ආණ්ඩු පෙරළීම | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාල් දේවසිරි විසින් ද පෙන්වා දී ඇති පරිදි ආණ්ඩුවේ සේදුම් බලකායට ලැබී ඇති අපහසු ගැටලුවක් බවට ගල් අඟුරු ප්‍රශ්නය පරිවර්තනය වෙයි.
  • බල ශක්ති අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය යනු ආණ්ඩුවේ "ඇකිලස් හීල් එක", දුර්වලම නිලය බවට පත්කර ගැනීමට සමස්ථ විපක්ෂයම ක්‍රියාත්මක වන බව ඒ අනුව පෙනෙයි.
  • එය බුද්ධිමය ලෙස විශ්ලේෂණයට විපක්ෂය සූදානම් නැත.
  •   සමහරවිට වත්මන් තත්වය ධනපති- නිර්ධන පංතිය පිළිබඳ සම්ප්‍රදායික විග්‍රහය තුළ පමණක් අවබෝධ කරගත නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


පුබුදු ජයගොඩ සහෝදරයා ද ඊයේ "සිරස" සාකච්ඡාවේදී ආණ්ඩුව ම වගකිව යුතු ය යන තැනට වන තර්ක(න)ය ශක්තිමය කරන්නට යෙදුණි. බල ශක්ති අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය යනු ආණ්ඩුවේ "ඇකිලස් හීල් එක", දුර්වලම නිලය බවට පත්කර ගැනීමට සමස්ථ විපක්ෂයම ක්‍රියාත්මක වන බව ඒ අනුව පෙනෙයි.

ඕනෑම ආණ්ඩුවක දුර්වලතාවයන් විපක්ෂය විසින් පෙන්වා දිය යුතුය. විපක්ෂය සහ ආණ්ඩුව අතර පවතින සබඳතාවය කොතරම් දුරකට සබුද්ධික විය යුතුද, එහි ස්වභාවය කුමක් විය යුතුද යන්න අපට රීතිකව තීරණය කල නොහැකිමුත් ජන බලවේගය සහ වත්මන් විපක්ෂය අතර පවතින සබඳතාවය තරම් එදිරිවාදීමය තත්වයක් එජාප සහ පොජපෙ අතර හෝ ඉතිහාසයේ වෙනත් පාර්ලිමේන්තු විපක්ෂයක් සහ ආණ්ඩුවක් අතර සමහර විට පැවතී තිබිය නොහැක. නමුත් එම තත්වය කිසියම් පංතිමය විරසක භාවයක් class antagonism වශයෙන් ගොඩින් හදුන්වා දී ගැටලුවෙන් ගැළවීමට ද නොහැකිය.

නමුත් මෙම පංති මූලය යනු සංකීර්ණ ගැටළුකි. ඩැරෙන්ඩෝර්ෆ් පෙන්වාදෙන පරිදි සංක්ෂිප්තව සමහරවිට එය ධනපතියාට වඩා ධනපති ව්‍යවසායේ ආධිපත්‍යය/අධිකාරිය පිළිබඳ ප්‍රශ්නයකි. එය බුද්ධිමය ලෙස විශ්ලේෂණයට විපක්ෂය සූදානම් නැත.

 


සමහරවිට වත්මන් තත්වය ධනපති- නිර්ධන පංතිය පිළිබඳ සම්ප්‍රදායික විග්‍රහය තුළ පමණක් අවබෝධ කරගත නොහැකිය. ගෝලීය සංකීර්ණ ව්‍යාපාර ජාලය, විවිධ ජාත්‍යන්තර ඔත්තු සංවිධාන, බ්‍රෝකර් ජාලය, ආණ්ඩු අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර උපායන් සියල්ලක් ම සහ ඒවා සමග සූක්ෂමව කටයුතු කරන දේශීය කණ්ඩායම් අතර වන ගැඹුරු මූලෝපායික සබඳතා ඒ තුළ අනිවාර්යයෙන්ම පවතී.

නමුත් වාමාංශිකයකු වන පුබුදු ජයගොඩ ද එම ගැඹුරු ව්‍යූහාත්මක ධනවාදී ලෝක ආර්ථික - දේශපාලන සබඳතා ජාලය දෙස බලනවාට වඩා වත්මන් ආණ්ඩුව විග්‍රහ කිරීමේ දී මතුපිට තලය දෙස පමණක් අවධානය යොමුකරන බව පෙනෙයි. වත්මන් ආණ්ඩුව දීර්ඝකාලීනව බලයේ සිටීම මූලෝපායිකව අවාසිදායක වන්නේ කුමන දේශීය - ජාත්‍යන්තර බලවේගයන්ට ද?

ඔවුන් සිය සබඳතා ජාලය - මාධ්‍ය, රාජ්‍ය නොවන සමහර සංවිධාන, සමහර විපක්ෂයේ පක්ෂ, ව්‍යාපාරික සහ අතරමැදි කළමණාකරණ සහ කොමිස් පංතිය සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් ආදිය - භාවිතා කර වත්මන් "වාමාංශික, නිර්ප්‍රභූ, ගැමි සිංහල, ගැමි බෞද්ධ" ආණ්ඩුව පෙරළා දමන මෙහෙයුම දියත් කරන බවට උපකල්පනය නොකල යුතුද? වමේ බලයක් ලෙස පුබුදු සහෝදරයාගෙන් අප එම ප්‍රශ්නය අසමු.

sf5645

 

අනෙක් අතට වසන්ත සමරසිංහ හෝ කුමාර ජයකොඩි හෝ සෘජුවම වෙළදාම සහ ධනවාදී සැපයුම් ජාලය සමග සම්බන්ධ වීමට සිදුවන අමාත්‍යාවරු සහ එම අමාත්‍යාංශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කිසිසේත්ම වැරදි දෙයක් නොවේ. නමුත් ගැඹුරු සත්‍ය වන්නේ සමස්ථ ජාතිවාදී, ධනවාදී, පුරුෂවාදී, පරිසර විරෝධී, ප්‍රභූ වාදී විපක්ෂයේ ආණ්ඩුව පෙරලීමේ උපායට සහ ජාත්‍යන්තර "කොල්ලකාරී" ව්‍යාපාරික, ව්‍යවසායක මාෆියාවේ උපායට (ෂෙල් යනු කුමක්ද?) හසුව රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලැබී ඇති වත්මන් අවකාශය අහිමි කර ගතයුතු ද?

ආණ්ඩුවට ඔලුව උස්සන්නට නොදී පළමු දිනයේ සිට අද දක්වාම ප්‍රවෘත්ති හරහා පහර දෙන ජන නොවන මාධ්‍ය වල වොයිස් කට් අවශ්‍යතාවය සැපිරීමට වඩා ගැඹුරු විශ්ලේෂණයක් අපට අවශ්‍යව ඇත්තේ සාධාරණ සමාජයක් අපට අවශ්‍ය බැවිනි.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...