The Leader News
BREAKING
Top Ad
Opinion

වියන්ගොඩට ඌනපූරණයක්: බැසිල්ගේ 'වැඩ' ජනාධිපතිවරණයෙන් පසුවට

T

The Leader Desk

August 10, 2019 • 5:12 AM

 වියන්ගොඩට ඌනපූරණයක්: බැසිල්ගේ 'වැඩ' ජනාධිපතිවරණයෙන් පසුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැසිල් රාජපක්ෂ මහතාගේ වර්තමාන භාවිතාව සහ තත්ත්වය theleader.lk වෙබ් අඩවිය ඔස්සේ මීට ඉහත ලිපි තුනකින් ඉදිරිපත් කළෙමු. මෙම ලිපිය අපේක්ෂාව ගාමිණී වියන්ගොඩගේ "මහින්ද සුපර් ස්ටාර් නම්, රනිල් සහ පන්සලක බෝ මළුවකි." යන මැයෙන් ලියන ලද ලිපියට ඌන පූර්ණයකි.
  • නෙළුම් මාවතේදී තමා බැසිල්ගේ ඩස්බින් එක බව අවබෝධ කර ගැනීමට රේණුක පෙරේරාට තව බොහෝකල් ගතවනු ඇත.
  • ඔහු 2005 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම බිම් මට්ටම ජාතික වශයෙන් සංවිධානය කරමින් සිටියි.
  • පොහොට්ටු අනුගාමිකයන්ට මඟහැරෙන දෙය නම්, බැසිල් රාජපක්ෂ වෙහෙසෙමින් ජනතාව සංවිධානය කරමින් සිටින විට හා මහින්ද රාජපක්ෂ මහතා පන්සල්වල යමින් සිටින විට ඔවුන්ට බොහෝ දේ මඟහැරී යන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලය සහ බැසිල් රාජපක්ෂ යනු දෙකක් නොව එකකි. එහි කාර්යාල බල ව්‍යුහය  අනුව තේරුම් ගත හැකිය.


Basil


නෙළුම් මාවතේ වර්ථමාන ක්‍රියාත්මක වීම තරමක් සංකීර්ණ වුවද එහි සැබෑ ව්‍යුහයේ අදහස ඉහත සැලැස්මට අනුව අවබෝධ කරගත හැකිය. සාගර කාරියවසම් හා බැසිල් යනු දෙදෙනෙකු නොව එක් අයෙකු වේ. නෙළුම් මාවතේ යමක් ක්‍රියාත්මක නොකර මඟහැරීමට අවශ්‍ය වුවහොත් බැසිල් විසින් රේණුක පෙරේරා වෙත යොමුකරයි. නෙළුම් මාවතේදී තමා බැසිල්ගේ ඩස්බින් එක බව අවබෝධ කර ගැනීමට රේණුක පෙරේරාට තව බොහෝකල් ගතවනු ඇත.

බැසිල් යනු දක්ෂ සංවිධායකවරයෙකි. ඔහු 2005 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම බිම් මට්ටම ජාතික වශයෙන් සංවිධානය කරමින් සිටියි. මේ වන විට ඔහු නිදිවරාගෙන, නියමිත වේලාවට නිසි Ranil text123අහරක් නොගෙන වෙහෙසෙමින් සිටියි. එය ඔහුගේ සංවිධාන ස්වභාවයයි. 

බැසිල්ගේ හා පොහොට්ටුවේ අනුගාමිකයන්ට අනුව බැසිල් යනු මීටරයකි. ඡන්ද මැෂිමකි. ඔහු අවශ්‍ය නිශ්චිත මොහොතේදී දේශපාලන ගේමක් ගසා තම පිළට ජයග්‍රහණය අත්පත් කර දෙයි. S.B දිසානායක කලකට පෙර ඡන්ද මැෂිමකි. නමුත් රාජ්‍ය බලය නොමැති කිසිදු අවස්ථාවකදීවත් තම අභිමතය පරිදි දේශපාලන ගේමක් ගසා සාර්ථක වීමට බැසිල්ටවත්, S.B ට වත් නොහැකි විය.

පොහොට්ටු අනුගාමිකයන්ට මඟහැරෙන දෙය නම්, බැසිල් රාජපක්ෂ වෙහෙසෙමින් ජනතාව සංවිධානය කරමින් සිටින විට හා මහින්ද රාජපක්ෂ මහතා පන්සල්වල යමින් සිටින විට ඔවුන්ට බොහෝ දේ මඟහැරී යන බවයි.

පන්සල්වලට නොයන, ජනතාව සංවිධානය කිරීමට වෙහෙසෙන්නේ ද නැති රනිල් නිදහස් සීතකාමරයකට වී තම ඇඟිලි ස්පර්ශ කරමින් නිවාඩු පාඩුවේ දේශපාලන ගේමක් ගසමින් සිටියි. සාමාන්‍යයෙන් මේ මොහොතේදී නිවැරදි බුද්ධි තොරතුරු ලැබෙන්නේත්, ඉක්මනින් ක්‍රියාත්මක වීමට හැකියාව ඇත්තේද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පමණයි.

 ගෝඨා : උණුසුම වැඩිකරන එකම සාධකය

ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ පක්ෂ, විපක්ෂ දෙපාර්ශවයටම 2020 ජනාධිපතිවරණ උණුසුම වැඩිකරන එකම සාධකයකි. 

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ඇතුළු පාර්ශව කිහිපයක් ඇමරිකාවේදී ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමද මෑතකදී ඔහු කෙරෙහි පොහොට්ටු වාදීන්ගේ නැතිනම් මහින්ද වාදීන්ගේ ආකර්ෂණය ගෝඨා කෙරෙහි එක්වීමටද හේතු විය. 

එම තත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් තහවුරු කිරීමටත් පාර්ශව කිහිපයක් කටයුතු කරමින් සිටී. ඔවුන් අතරින් පෙහොට්ටුව වටා සිටින කුඩා පක්ෂ, විශ්‍රාමික හමුදා නිළධාරීන්, දිලීත් ජයවීර හා රේනෝ ද සිල්වා කැපී පෙනෙන අය වේ. 
මෙහිදී සහෝදරයා නිදහස් කර ගැනීමට තම පවුල තුළ ඇති වන තෙරපුම නිසා රෙනෝ සිල්වා ක්‍රියාත්මක වී සිටීයි.

ඒකාබද්ධ කණ්ඩායමේ අවධානය මඟහැරී ඇති කරුණු කිහිපයක් ඇත. ඒවා නම්, ඇමරිකාවේ දී ගෝඨාභයට එල්ල කරන නඩු දුර්වල ඒවා වන්නේ ඇයි?, ඔවුන් දුර්වල නඩු දැමීම තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?, එය රනිල්ගේ උපක්‍රමයක් විය නොහැකිද?, රෙනෝ සිල්වා තීරණාත්මක මොහොතක වෙනස් විය නොහැකිද?, ජනාධිපතිවරණ උණුසුම වැඩිවීම ඇත්ත වශයෙන්ම රනිල්ට වාසි වන්නේ කෙසේද යන කරුණුය.

19 වන සංශෝධනයෙන් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති නැමැති එන්ජිමේ ඔයිල් නට්එක ගලවා දමා ඇත. එන්ජිම සීස්වී විධායක ජනාධිපති තනතුරේ පලය කොළඹින් පිටත ඇත. වන්නියේ නතර වී ඇත. එම පාපකර්මයට කර ගැසූ ජයම්පති වික්‍රමරත්නට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් සහ මන්ත්‍රී වරප්රසාද ලබා දී ඇත.

රනිල් වික්‍රමසිංහට අනුව දැන් විධායක ජනාධිපති තනතුරේ වටිනාකමක් නොමැත. නමුත් ඔහු කිසිවිටෙක එය පෙන්නන්නේද නැත. අන් සියළු දෙනාම විධායක ජනාධිපති තනතුර නැමැති පොරයට උසිගන්නවා රනිල් තම Ranil wicramasingha textතනතුර ආකර්ෂා කරගනිමින් සිටී. අවසාන වශයෙන් රනිල්ට තනතුරු වැදගත් නැත. ඔහුට අවශ්‍ය රට පාලනය කිරීමේ බලය පමණකි.

තත්වයන් මෙලෙස පෙළගැසෙන විට සජිත්ගේ ඉරණම වෙනමම එකකි. දෙපිරිසක් විසින් සජිත් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටී. ඉන් පළමු පිරිස, සජිත් වාදීන් හා රනිල් විසින් මෙහෙයවන රනිල්ගේම කණ්ඩායමකි. දෙවැනි කණ්ඩායම රනිල් අමාරුවේ දාන්න හිතාගෙන වැඩ කරන ගෝඨා වාදීන් පිරිසකි. සජිත් අවබෝධ කරගත යුතු කරුණ වන්නේ නිශ්චිත මොහොතේදී දෙපාර්ශවයම සජිත්ව අතහරින බවයි.

සජිත්ට අමතරව රනිල් විසින් චම්පික, රාජිත මෙන්ම කරූ සහ ඔහුගේ බෑනාද ජනාධිපතිවරණය සඳහා මෙහෙයවමින් සිටියි. මේ සියළු දෙනාගේම තරඟය තුළ UNP ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් පවතියි. නිදා සිටි සිය පාක්ෂිකයන් නැවත අවදිකර ගැනීමට රනිල්ට හැකි වී ඇත.

තවදුරටත් UNP නායකයා රනිල් !

තවමත් කිසිවෙකුටත් රනිල්ගේ ගෘහ නිර්මාණ තේරුම් ගැනීමට නොහැක. සජිත්, චම්පික, රාජිත හා කරූ යොදවාගෙන රනිල් හොඳින් මැතිවරණ සටන නොමිලයේ කරගනිමින් සිටියි. උදාහරණයක් ලෙස 2015 මැතිවරණයේදී කොළඹ UNP කැම්පේන් එක උපුල් ශාන්ත සන්නස්ගල යොදාගෙන නොමිලයේ කරගත්තා වගේය. එවකට රනිල්ගේ මිත්‍රයෙක්, සන්නස්ගල වගේ කරදරයක් දාගන්නේ ඇයි ද කියා රනිල්ගෙන් විමසූ විට රනිල් කියා ඇත්තේ සන්නස්ගල දිනලා ආපු දෙන් ලෙසය. සන්නස්ගල සිතා සිටයේ ඔහුට දිනිය හැකි බවය. නමුත් රනිල් එසේ සිතුවේ නැත. 

රනිල්ට ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට ඉත්තන් හතරක් සිටියි. අවශ්‍ය මොහොතේ අවශ්‍ය කෙනා ඉදිරිපත් කරයි. කවරෙකු ඉදිරිපත් කළත් ඒ ඉදිරිපත් කරන්නේ සන්ධානයකිනි. එහි අර්ථය තවදුරටත් රනිල් UNP නායකයා වශයෙන් කටයුතු කිරීමයි.

එමෙන්ම අගෝස්තු 11 වෙනිදායින් පසු බැසිල් රාජපක්ෂ මහතා තරමක් විවේක ගැනීමට නියමිතය. ඔහු නැවත වැඩ පටන්ගනුයේ ජනාධිපතිවරණයකට පසු මහමැතිවරණයකදීය. 

එළඹෙන මහ මැතිවරණයේ බැසිල් මෙන්ම රනිල්ද නැවතත් කඩිසරව වැඩකිරීමට නියමිතය. එමෙන්ම මහ මැතිවරණයෙන් පසුව රනිල් සහ බැසිල් යම් එකඟතාවයකට පැමිණෙනු ඇත. 

(මකියාවෙල්ලි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...