The Leader News
BREAKING
Top Ad
Opinion

දිස් ඉස් පොලිටික්ස් ගිනිගේ !! - Black Cap Movement

T

The Leader Desk

April 9, 2024 • 5:39 AM

දිස් ඉස් පොලිටික්ස් ගිනිගේ !! - Black Cap Movement 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය විද්‍යාත්මකව කන සහ මොලය අතර සම්බන්ධයක් ඇති බවට පැවසේ.
  • ගෝඨාභය ජනාධිපති කරන්න ඡන්දය දුන් 69 ලක්‍ෂය ඔබ කියනා මෙන් නූගත් හෙන්චයියන් නොවේ.
  • සැබෑ කුමන්ත්‍රණ නම් ඒවාය. පොහොට්ටු පොඩ්ඩන්ට අනාගතයක් ඇත්තේ තමන්ගේ ගේ පිළිස්සෙන විට අහක බැලූ, රට හැර පැන ගිය නායකයන් ලඟ නොවේ.
  • තමාගේ ගෙදරත් අහිමි කරගනිමින් ජාතියේ නාමයෙන් අභියෝගය භාරගත් සැබෑ වීරයකු ළඟය.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍ය විද්‍යාත්මකව කන සහ මොලය අතර සම්බන්ධයක් ඇති බවට පැවසේ. ඒ නිසා ම මොලය පරිස්සම් කරගැනීමට කන පරිස්සම් කරන්න ගැනීමට ද වටියි. 

ගිනිගේ මචං, පොලිටික්ස් කියා ලීවාට පොලිටික්ස් කුමක් දැයි නොදන්නා ඔබ වැනි තොත්ත බබාලා උපදේශකයන් කරගත් ගෝඨාගේ ගමනක අවසානය ඔතනින් කෙලවර වීම ආශ්චර්යයකි.
 
ගෝඨාභය ජනාධිපති කරන්න ඡන්දය දුන් 69 ලක්‍ෂය ඔබ කියනා මෙන් නූගත් හෙන්චයියන් නොවේ. සෞභාග්‍යමත් නවීන ලංකාවක් ගැන සිහින මැවූ අහිංසකයන්ය. අළුත් බලාපොරොත්තු සහිතවූ තරුණ තරුණියන්ය.

නමුත් රටේම අවාසනාවට හේතු වුයේ ඒ අහිංසකයන්ගේ කර මතින් බලයට ආ උගත් වියත් පාදඩ බලු මැක්කන්ය. උදාහරණයක් නම් ඔබ වැනි ජනාධිපති උපදේශකයන්ය. ජයසුමනලා වැනි පැලෝපීය බයියන්ය. ගොඩහේවලා වැනි කැස්බෑ පණුවන්ය.
 
රනිල්ගේ නිවස ගිනි තැබීම දේශපාලන කුමන්ත්‍රණයකි - (කරු පරණවිතාන)
 
ගිනිගේ, රාජ්‍ය බලය අත තබාගෙන තම පාක්ෂිකයන්ගේ ගෙයක් වත් රැක ගන්නට නොහැකි වූ නාමල් හෝ ගෝඨාභය  සමඟ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට හෝ පාක්ෂිකයන්ට කවර නම් දේශපාලනයක් ද? පාක්ෂිකයන්ගේ ගෙවල් ගිණි ගත්තාට, රනිල්ගේ ගෙදර ගිනිගත්තාට රාජපක්ෂලාගේ එකඳු ගෙයකටවත් ගිණි පුපුරකින් වත් හානි වුයේ නැත. සැබෑ කුමන්ත්‍රණ නම් ඒවාය. 
පොහොට්ටු පොඩ්ඩන්ට අනාගතයක් ඇත්තේ තමන්ගේ ගේ පිළිස්සෙන විට අහක බැලූ, රට හැර පැන ගිය නායකයන් ලඟ නොවේ. තමාගේ ගෙදරත් අහිමි කරගනිමින් ජාතියේ නාමයෙන් අභියෝගය භාරගත් සැබෑ වීරයකු ළඟය.
 
ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
අපි නම් ඉතිහාසයේ අපගේ කාර්යභාරය සිදුකර හමාරය. අපි රට අර්බුදයෙන් අර්බුදයට යද්දී අර්බුදයේ මූල බීජය මුලින් උපුටා දමා අභියෝගය භාරගත හැකි නායකයකුට රාජ්‍ය බලයට ඒමට පසුබිම සැකසුවෙමු. තාජුදීන්ලාට, එක්නැලිගොඩලාට, ලසන්තලාට වූ දේ අපටත් විය හැකි බව දැන  දැනම 2022 මාර්තු 01 කොහුවල හන්දියෙන් ඉටිපන්දම් දල්වා පාරට ආවෙමු.
 
අපි පටන් ගත් ගමන ජයග්‍රහණයෙන් කෙළවර කෙරුවෙමු. අද අපට සැනසිල්ලේ මේ සංවිධානය විසුරුවා හැරිය හැකිය. ආර්ථිකය හරි පාරට ගන්නට මාස 16 කින් පසුව ඉන්ටලොක් බාස් කෙනෙක්ව එළවා බිහිකරන ලද රජයට හැකිව තිබේ. අප ඒ ගැන සිහි කරන්නේ ප්‍රහර්ශයෙනි. උඹලා වැනි දේශපාලන ළදරුවන් ගැන දුකෙනි.  
දෛවයේ සරදම නම් ඔබ වැනි උපදේශකයන්ගේ උපදෙස් නිසා හොඳ බාස් ලෙස ප්‍රකටව සිටි ඉන්ටලොක් බාස් කෙනෙක් මක බාස් ලෙස ඉතිහාසයේ කුණු බක්කියට වැටීමය.

මචං ගිණිගේ, වලට වැටීම මෙන්ම කනට වැදීමත් මොලයට හොඳය. 
දිස් ඊස් පොලිටික්ස් !

සුබ අනාගතයක්!

Black Cap Movement


සබැඳි ලිපිය 
නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...