The Leader News
BREAKING
Top Ad
Opinion

බාහිරින් එන ප්‍රතිවිරෝධයේ යටිපෙල - (carbonnews විග්‍රහයක්)

T

The Leader Desk

March 3, 2023 • 12:09 PM

බාහිරින් එන ප්‍රතිවිරෝධයේ යටිපෙල - (carbonnews විග්‍රහයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් ලංකාවේ පලාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුයැයි තමන් අදහස් කරන බවට ට්විටර් පනිවිඩයක් නිකුත් කර තිබේ.
  • එහිදී සෙනෙට් සභාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ එහි මූලයන් ආරක්ෂා කිරීමට කැපවී ඇතැයි කල්පනා කල හැකි වුවද , ඒ තුල ඊට වඩා ගැඹුරක් තිබේ.
  • 2010 දී මෙන්ම 2019 දීද ලංකාව තුල රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ශක්තිමත් ආන්ඩු ඇතිවී තිබේ.
  • විශේෂයෙන්ම 2009 දී උතුරේ දෙමල ජනතාවගේ අරගලය බිමට සමතලා කිරීමේදී බටහිර දැක්වූයේ නිහඩ සහයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



එක පසෙකින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ මුල්‍යමය පහසුකම් වලින් ගොඩනැගුණු IMF යෝජනාවලිය හරහා මුල්‍ය පාලනය පිළිබඳව නිර්දේශිත තත්ත්වයක් පවතිද්දී මේ ප්‍රකාශය පරස්පර තත්ත්වයක් ජනිත කරයි. එහිදී සෙනෙට් සභාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ එහි මූලයන් ආරක්ෂා කිරීමට කැපවී ඇතැයි කල්පනා කල හැකි වුවද , ඒ තුල ඊට වඩා ගැඹුරක් තිබේ.

2010 දී මෙන්ම 2019 දීද ලංකාව තුල රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ශක්තිමත් ආන්ඩු ඇතිවී තිබේ. විශේෂයෙන්ම 2009 දී උතුරේ දෙමල ජනතාවගේ අරගලය බිමට සමතලා කිරීමේදී බටහිර දැක්වූයේ නිහඩ සහයකි. 2001 ඇමෙරිකානු ට්වින්ටවර් ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත්‍රවාදී/විමුක්තිකාමී යන බෙදුම් රේඛාව මකා දැමුනු අතර ඉන් ලැබූ උත්තේජනය හරහා ලංකාවේ සිවිල් යුද්ධය අවසාන විය.

 

අතිශයින් මානවවාදී සහ ප්‍රජාතත්‍රවාදී යැයි කියන බටහිර රාජ්‍යයන් සිය “මානව හිමිකම්” වැනි අදහස් වල බලය ගෙනහැර පෑවේ යුද්ධයේ අවසානයට පසු විනා එය පැවතෙද්දී නොවේ. වෙනත් වචන වලින් කියන්නේනම් සියල්ල සිදුවෙන තුරු බලා සිට ඉන් පසු සිය පරමාදර්ශී “යහපත් බව” ප්‍රදර්ශනය කිරීමෙනි. ඒ හරහා සිදුවූයේ රාජපක්ෂ රෙජීමය චීන ප්‍රාග්ධන වෙත නැඹුරු වීමයි. බටහිර ප්‍රාග්ධනය ගෙන්වා ගැනීමේදී මුලට එන මානව හිමිකම් හෝ වෙනත් මානුෂීය මූලයන් චීනයට අදාල නැත. සිය ප්‍රාග්ධනය මගින් චීනය අපේක්ෂා කරන්නේ එම රටවල් වල වෙලදපොල හරහා තමන්ගේ බල ව්‍යාපෘතිය ඉදිරියට ගන්නේ කෙසේද කියා පමනි. රාජපක්ෂ රෙජීමය තුල බටහිර විරෝධයක් මෙන්ම චීනය කෙරෙහි වන අනුරාගයක් පැවතියේ මෙම තත්ත්වය නිසාය.

 

චීන ප්‍රාග්ධනය මත ගොඩනැංවුනු ෆෝර්ට්සිටි වැනි ව්‍යාපෘතියක ආරම්භයට පෙර පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන්නේද මෙම ජාත්‍යන්තර බල ව්‍යාපෘතීන් වල ගැටීමක් නිසාය. එයට පාවිච්චි කල “සම්පත්” පිළිබඳව එකිනෙකාට විවිධ මත තිබිය හැකි වුවද රූකඩ නැටවීමේ නූල තිබුනේ කාගේ අතද යන්න පැහැදිලි විය යුතුය.

ලංකාවේ බලවත් රෙජීමයක් බලයට පත්වීම හරහා සෑම විටම සිදුවන්නේ ලංකාව පාලනය කිරීමේ යතුර, ඊට කැමති අය අතින් ගිලිහී යාමයි. 1977 දී ජේ.ආර්.ගේ රෙජීමය වඩා බටහිරට කිට්ටුවීම නිසා අපිට කන්නට සිදුවූ ඉන්දියානු පරිප්පුව ඔබට මතක නම්, අපිව පාලනය කිරීම වනාහී අවශ්‍ය මොහොතක “අතහැරදැමීමේ” මූලදර්මයන්ට සමානය. නමුත් ඒ යුගයේ චීනය මෙම බල ව්‍යාපෘතියේ ස්ථානගතව සිටියේවත්, ඉන්දියාව බටහිරට ගැති තත්තවයකට පත්ව සිටියේත් නැත.

කෙසේ වුවද ලංකාවේ බලවත් රෙජීමයක් බලය හෙඹවීම හරහා සිය උපායමාර්ග වල ඇති චීන විරෝධය කලමනාකරනය කරගැනීමට තමන්ට නොහැකිවෙනු ඇතැයි යන බටහිර අදහස වැරදිම නැත. රාජපක්ෂ රෙජීමය එය ප්‍රායෝගිකව අතීතයේදී පෙන්වා ඇත.

එක් පසෙකින් IMF හරහා දෙන මුල්‍ය පහසුකම සහ ආර්ථික ස්ථායිකරනයද, අනික් පසින් ප්‍රජාතන්ත්‍රවාදය හරහා රට අභ්‍යන්තරයේ දේශපාලනය තුල වියවුල්ද ඇති කිරීම බටහිර මූලෝපායන් වෙන්නේ එබැවිනි.

 

මැතිවරණයක් පවත්වන්නැයි කියන බටහිර අදහස උඩ දමන වාමාංශික මෙන්ම බටහිර විරෝධීන්ද අනියමින් බටහිර ව්‍යාපෘතිය කෙරෙහි සහයෝගය දක්වන්නන් වන අතර, භූ-දේශපාලනය පිළිබඳව වන කියවීමක් නොමැති ලදරුවන් ය.

 

(carbonnews.lk)


JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...