මේ කතාව මේ විදිහටම නොවුනත් මේ අදහස ඇතුව කිව්වෙ මාලිමාවෙ ඇමති කෙනෙක් වෙන චතුරංග අබේසිංහ. මේ අය මීට කලින් කියමින් හිටපු කතාව වුනේ 76 අවුරුදු සාපය නිසා කිසි දෙයක් කරගන්න බෑ කියන එකයි. මේ වෙද්දි ඒ අය විසින්ම සනාථ කරලා තියෙනවා 76 අවුරුදු සාපය නෙමෙයි මොකක් තිබුනත් පූර්ණ කාලීන දේශපාලනය කරන අතර, කෝච්චිවල වඩේ විකුනලත් අවුරුදු පහෙන් දහයෙන් කෝටිපතියො වෙන්න ලංකාවෙ පුළුවන් කියල.
මේ දේවල් මං පෝස්ට් විදිහට දානකොට ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි මේ අය මුදල් උපයන එක විවේචනය කරන්නෙ කියල. කිසිම දවසක මම මුදල් ඉපැයීමක්, මුදල් උත්පාදනය කිරීමක් නරක විදිහට දකින්නෙ නෑ. කොටින්ම හොරකම් කිරීම පවා ආර්ථිකයට වාසිදායක විය හැකියි කියන විශ්වාසයේ ඉන්න කෙනෙක් මම.

මම මේ කරන්නෙ අපි කාලයක් පුරා පෙනී හිටපු මතවාදයක් අද ඊට සපුරාම විරුද්ධ වූ පාර්ශ්වය විසින් සනාථ කිරීමේ තෘප්තිය විඳිනගමන්.
මතක ඇති අපි 'ගොඩයමු' කියල කැම්පේන් එකක් කළා. ඒක රනිල්ගෙ සල්ලි කියලයි මාලිමාවෙ කට්ටිය කිව්වෙ. ඒ කැම්පේන් එකේ මූලික අදහස වුනේ, ඉතිහාසයට, ආන්ඩුවලට බැන බැන ඉන්න එපා, ආන්ඩුවලින් රස්සා ඉල්ල ඉල්ල ඉන්න එපා, නිර්මාණශීලී වෙන්න, ව්‍යවසායකයන් වෙන්න, මුදල් උපයන්න කියන එක.
අද චතුරංග අබේසිංහලා කියන්නෙ ඒ 'ගොඩයමු' කතාව. ඕන නං ආපහු ගිහින් කෙනෙකුට ඒ කැම්පේන් එකේ කොටසක් වුනු 'මීයා' ටෙලි නාට්‍ය බලන්න පුළුවන්. අද මාලිමාවෙ වත්කම් ප්‍රකාශ ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය කියන්නෙ 'මීයා' එකේ අපේ සටන්පාඨ.
ඒ වගේම ජවිපෙ වගේ දේශපාලන පක්ෂ ඒ වත්කම් උපයපු හැටි වුනත් ඒ නාට්‍යයෙන් කෙනෙකුට බලන්න පුළුවන්. ඔය කියන පක්ෂ සංස්කෘතිය එහෙමත් ඔය විදිහටම තියෙනවා.

ඉතින් මගේ අදහස මේක අපේ ලංකාවෙ විශාල සංස්කෘතික පෙරලියක කඩඉමක් කියන එකයි. ජවිපෙ ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ කියන්නෙ මේ රටේ නව ලිබරල් සංස්කෘතියෙ අතිසාර්ථකත්වය කියන කැඩපත.
තමන්ගෙ වගකීම තමන් ගන්න, ආන්ඩුවලට බැන බැන ඉන්න එපා, දේශපාලන පක්ෂවලට කඩේ යන්න එපා, ඒවාට තමන්ගෙ තියෙන දේවල් පූජා කරලා පස්සෙ රටට සාප කරන්න එපා, දේශපාලනය කරන්න, මුදල් උපයන්න, ආයෝජන කරන්න, ක්‍රිප්ටො ගන්න, සෝලාර් ගන්න.. ඕක තමයි රනිල් යෝජනා කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා කියන්නෙ.

අපි හැමෝම වසන්තලා වෙමු. එතකොට රටට වසන්තය එනවා සත්තයි. (මීයා එකේ වසන්ත රගපානවා බලන්න ලින්ක් එක යට ඇති)

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




