The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්තටම දුප්පත්කම කියන්නෙ රගපෑමක්.. : මාලිමාවෙ අවුරුද්දක් ගතවීම ගැන මගේ උණුසුම් සුබපැතුම් | Chinthana Dharmadasa

T

The Leader Desk

September 22, 2025 • 11:05 AM

ඇත්තටම දුප්පත්කම කියන්නෙ රගපෑමක්.. : මාලිමාවෙ අවුරුද්දක් ගතවීම ගැන මගේ උණුසුම් සුබපැතුම් | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාව බලය අරන් අවුරුද්දක් වෙද්දි මට විශාල සතුටක් මේ රට ගැන තියෙනවා. නව ලිබරල් ක්‍රමය ගැන අපිට බැන බැන මාලිමාව පස්සෙ ගිය යාලුවො නව ලිබරල් ආර්තිකයේ විස්කම් ගැන කවි ගායනා ලියනවා.
  •   76 වසරක සාපය කියාගෙන බලයට ආපු මාලිමාව දැන් 76 වසරක ආශ්චර්යය පෙන්වමින් ඉන්නවා.
  • තඹුත්තේගමෙන් අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුලත කෝටිපතියන් බිහිවෙනවා වගේම ළමයෙකුගෙ කොටහළු මගුලකිනුත් ලක්ෂ විසිපහක් තිහක් හොයාගන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ පවතිනවා කියල ඇස්පනා පිට ඔප්පු කරලා තියෙනවා.
  • ලෝන් ලීස් මොකුත් නැති සුද්ද ධනය උපයන දිළින්දො ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

'බැන බැන ඉන්න එපා. ඉගෙන ගන්න, වැඩ කරන්න, හම්බු කරන්න' යනු ලංකාවෙ වමේ පාඨය වෙලා තියෙනවා.

ලෝකයේ සාමය දිගු කලක් පැවතීම සඳහා න්‍යෂ්ටික අවි නිපදවීම ලොකු හේතුවක් වුනා කියල මං අහලා තියෙනවා. ඒ වගේම ලංකාවෙ නව ලිබරල් ධනේශ්වර මතවාදය පොලොවෙ පැල කරන්න මාලිමා ආන්ඩුව බලයට පැමිනීම හේතුවක් වුනා.

ධනවතුන්ට ඊර්ශ්‍යා නොකරන්න.. මාක්සියානු දර්ශනය ඇසුරින් වමේ යාලුවො අපිට කියා දෙනවා.

 

image 33a49b8b97
76 වසරක සාපය කියාගෙන බලයට ආපු මාලිමාව දැන් 76 වසරක ආශ්චර්යය පෙන්වමින් ඉන්නවා. තඹුත්තේගමෙන් අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුලත කෝටිපතියන් බිහිවෙනවා වගේම ළමයෙකුගෙ කොටහළු මගුලකිනුත් ලක්ෂ විසිපහක් තිහක් හොයාගන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ පවතිනවා කියල ඇස්පනා පිට ඔප්පු කරලා තියෙනවා. ලෝන් ලීස් මොකුත් නැති සුද්ද ධනය උපයන දිළින්දො ඉන්නවා.

දුප්පත්කම කියන්නෙ මනෝභාවයක් කියල කියද්දි ‍වමේ යාලුවො අපිට හිනාවුනා. ඇත්තටම දුප්පත්කම කියන්නෙ රගපෑමක්. ලංකාවෙ දුප්පත්ම විදිහට ඉඳලා ඉල්ලගෙන යැපුනු මිනිස්සු පවා මේ රටේ කෝටිපති, ලක්ෂපති ව්‍යවසායකයො.

මාලිමාවෙ අවුරුද්දක් ගතවීම ගැන මගේ උණුසුම් සුබපැතුම්. අපි තව ඉස්සරහට යමු. තව වැරදි තියෙනවා නිවැරදි කරන්න. තමන් අතින් රටට සිදුවූ වරද නිහතමානීව අතින් විළිවසාගෙන නමුත් නිවැරදි කරන සහෝදරයන්ට මගේ හිතේ තියෙනවා අවංක ආදරයක්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 22

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...