The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

සමාජවාදී හිරගෙවල්වලින් එලියට එන්න පාර පෙනුනෙ ගාමිනී වියන්ගොඩ වගේ අය කරපු වෙනස් පරිවර්තන නිසා | Chinthana Dharmadasa

T

The Leader Desk

October 29, 2025 • 3:11 PM

සමාජවාදී හිරගෙවල්වලින් එලියට එන්න පාර පෙනුනෙ ගාමිනී වියන්ගොඩ වගේ අය කරපු වෙනස් පරිවර්තන නිසා | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ න්‍යාය, දර්ශනය හෝ දේශපාලනය නෙමෙයි ප්‍රබන්ධ විසින් කියල මං විශ්වාස කරනවා.
  • ස්ටයිල් එකක් තිබුනු ලේඛකයෙක් විදිහට ගාමිනී අයියා මට ආකර්ශනීය චරිතයක් වුනා.
  • අඩුම තරමෙන් ඒක තමයි මගේ ඇත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

අඩුම තරමෙන් ඒක තමයි මගේ ඇත්ත.

ඉංග්‍රීසියෙන් කියවන්න බැරි කාලෙ අපිට විශාල සංස්කෘතියක් විවෘත කලේ පරිවර්තන කෘතිවලින්. අපි ජීවිතේ ගැන හිතන හැටි, දකින හැටි, විඳින හැටි හැමදෙයක්ම මේ පරිවර්තන වලින් වෙනස් කළා.

නමුත්, සෝවියට් පරිවර්තනවල නොපෙනුනු ප්‍රොපගැන්ඩාවෙ හිරවෙලා හිටපු අපිට ඒ සමාජවාදී හිරගෙවල්වලින් එලියට එන්න පාර පෙනුනෙ ගාමිනී වියන්ගොඩ වගේ අය කරපු වෙනස් පරිවර්තන හින්ද. විශේෂයෙන් ලිබරල් පුද්ගල ජීවිතයක අමුතු අමුතු හැඩතල ඒ පරිවර්තන ඔස්සේ මැවුනා.

ගාමිනී අයියව අදුරගන්න ලැබුනෙ ඊට ගොඩක් පස්සෙ. ස්ටයිල් එකක් තිබුනු ලේඛකයෙක් විදිහට ගාමිනී අයියා මට ආකර්ශනීය චරිතයක් වුනා. වෙන කිසිම දේකට වඩා මං මිනිස්සුන්ගෙ අගය කරන දෙයක් වෙන්නෙ තමන්ට සුවි‍ශේෂ විලාසිතාවක් තියෙන එක. වයසට යන්න යන්න ගාමිනී අයියාගෙ ඒ ජේත්තුකාර ගතිය තව වැඩිවුනා.

ඊටත් පස්සෙ ගාමිනී අයියත් එක්ක මධුවිත ඇසුරෙ ගෙවෙන අතිරමණීය සන්ධ්‍යාවන්ට එකතු වෙන්න ලැබුනා. බොන එක නම් අපි හැමදාම කළත් විවිධ දේ ගැන රස-බර කතා ඇසුරෙ ගාමිනී අයියා එක්ක සිකුරාදා හැන්දෑවෙ බීම කියන්නෙ වෙනම සංස්කෘතියක්.

මේ හැමදෙයක්ම මතක් වුනේ ඊයෙ අමතක වුනු ගාමිනී අයියාගෙ උපන්දිනේ හින්ද. 'ඔයා ආදරේ කෙනෙකුගෙ උපන්දිනේ අද' කියල යාලුවෙක් ඉන්බොක්ස් පනිවිඩයක් දාලා තිබුන.

  තවත් බොහෝ දේ ලියන්න, බොහෝ දේ කියන්න, බොහෝ වතාවක් කතාබස් කරමින් බොන්න නිරෝගී බවත් නිර්මාණශීලීත්වයත් නොඅඩුව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජවාදී හිරගෙවල්වලින් එලියට එන්න පාර පෙනුනෙ ගාමිනී වියන්ගොඩ වගේ අය කරපු වෙනස් පරිවර්තන නිසා | Chinthana Dharmadasa | The Leader