කවියෙක් සිතිය යුත්තේ ඒ කෙළ පිඩ වෙනුවෙන් තමන් කළ කී දේ කිම් ද කියා ය.
තමන් කළ කී දේ ගැන තමන් සිත සතුටු නම්, කෙළ පිඩක් වුවද සාඩම්බරෙන් සමරන්නට කවියෙකුට හැකිය.
එසේ වී නමුත්
යමෙක් කෙළ පිඩකින් සංග්‍රහ කළ දුහුනෙකු
උල තැබීමෙන් සතුටු වන්නේද,
හෙතෙම කවියෙක් නම් නොවේ..
රත්න ශ්‍රීට ඛේට සංග්‍රහ පැවැත්වීමේ සිදුවීම දකිද්දි මට මතක් වුනේ අනූව දශකයේදී ප්‍රේමසිරි කේමදාසට ලැබුනු සෙරෙප්පු උපහාරයක්. ඒක කලේ සිරිමල් විජේසිංහ.
වෙන්ඩ්ට් එකේ කේමදාසගේ ප්‍රසංගයකට පස්සෙ මල් කළඹක් එහෙම දීලා ඒ සංගීතයට උපහාර දැක්වීමක් තිබුන. කොහේදෝ ඉඳන් හොඳටම බීලා ගෙවල් බලා යාත්‍රා කරමින් හිටපු සිරිමල් මුත්‍රා කරන්නට වගේ ඒ වෙලාවෙ එතනට කඩාපාත් වුනා. මල් කළඹක් දෙන්න එක්කෙනෙක් ඉස්සරහින් යද්දි සිරිමල් ඊට පස්සෙන් වේදිකාවට ගොඩවුනා. මල් කළඹට පස්සෙ සිරිමල් පය ලා ගෙන හිටපු සෙරෙප්පු කුට්ටම කේමදාසට ප්‍රදානය කළා. ඒකෙන් ලොකු කලබලයක් ඇති වුනා.
අබේවර්ධන බාලසූරිය සිරිමලාට කම්මුල් පහරකුත් දුන්නා කියලයි ආරංචිය. කොහොම හරි නිර්මාල් එහෙම මැදිහත් වෙලා සිරිමල්ව බේරගෙන තියෙනවා. පස්සෙ සෙරෙප්පු දෙකත් අහිමිව සිරිමල් බම්බලපිටිය හන්දියට ආරක්ෂිතව ගිහින් බස්සලා. වෙන එකෙක් දාගෙන ගිය සෙරෙප්පු දෙකත් මලාට ප්‍රදානය කරලා.

සමහරුන්ට අනුව මේක කේමදාසට කරපු අපහාසයක් වුනා. කුමන්ත්‍රණවාදියො, සමහරුන් විසින් සිරිමලාට පොවලා එතනට එවලා සැලසුම් සහගතව මේ අකටයුත්ත කළා කියල දරුණුවට සැක පල කළා. සිරිමලා කිව්වෙ 'මට නං එහෙම කිසිම අපහාසයක් කිරීමේ උවමනාවක් තිබුනෙ නෑ බං. මට තිබුන දේ මං දුන්නා' කියලයි.
කේමදාස නං ඒ ගැන හිතුවෙ, ඒ ළමයා කවදාවත් එහෙම අපහාසෙකට ඔහොම දෙයක් කරන්නෙ නෑ කියලයි.
අර්ථය මොකක් වුනත් ඒවා ඓතිහාසික සිදුවීම්. සංස්කෘතික කලාපය චමත්කාරජනක කරන අනාරාධිත රැඩිකල් මුනගැහීම්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




