The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

දූපතක් විදිහට හුදකලා වුනු සංස්කෘතියක ආතතිය එලියට පනින මොහොතක්.. | Chinthana Dharmadasa

T

The Leader Desk

November 15, 2025 • 2:46 PM

දූපතක් විදිහට හුදකලා වුනු සංස්කෘතියක ආතතිය එලියට පනින මොහොතක්.. | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර සුදු කාන්තාවක් දැක්කම ස්වයං මෛථුනයේ යෙදීම පාලනය කරගන්න බැරි තරුණයා දැක්කම මට මතක් වුනේ
  • කූඩුවේ සිරගත වීම නිසා ඇතිවෙන විපරීතභාවයේ සහ අසහනයේ ප්‍රතිඵලයක් විදිහට අපි වඳුරාගේ ක්‍රියාව තේරුම් ගන්නවා.
  • මේ මාර්කට් එකේ ඉතාම සුළු පිරිමි ප්‍රමාණයක් අධි ඉල්ලුමක් ලබනවා.
  • ඉතා අන්තගාමී අයිඩියෝලොජි විදිහට මේ වේදනාව  ප්‍රකාශමාන වෙන්න ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්තු වත්තෙ කූඩුවල ඉන්න වඳුරො. උන් කාන්තාවක් කූඩුව ළගින් යද්දි ඒ දිහා බලාගෙන විවිධ සද්ද කරමින් ස්වයං ‍මෛථුනයේ යෙදෙනවා. කවුරුවත් වඳුරට දඩුවම් කරන්න කල්පනා කරන්නෙ නෑ. කූඩුවේ සිරගත වීම නිසා ඇතිවෙන විපරීතභාවයේ සහ අසහනයේ ප්‍රතිඵලයක් විදිහට අපි වඳුරාගේ ක්‍රියාව තේරුම් ගන්නවා. නමුත් ඒ රෝගයෙන්ම පෙලෙන තරුණයෙක් දැක්කම අපිට උ‍ගේ ඇටතලන්න උවමනා වෙනවා. ඒක කාන්තා හිංසනයේ ඇසකින් බලන්න ගන්නවා.

මට අනුව ඒ වීඩියෝවෙ පීඩිතයා වෙන්නෙ මේ තරුණයා. මේ තරුණයා බොහෝ විට දැඩි ලිංගික සාගතයකින් පෙලෙනවා වෙන්න පුළුවන්. ලිංගික වෙළඳපොල කියන්නෙ හැමෝටම සාධාරණව අවස්ථා හිමිවෙන තැනක් නෙමෙයි. ඒ වෙළඳපොල පාලනය වෙන්නෙ කාන්තාවන් අතින්. තමන් සමග ලිංගිකව හැසිරීමට ඉඩ දෙන්නෙ කාටද කියල කාන්තාව තීරණය කරනවා. එතනදි තත්වය, ධනය, ශක්තිය, හැකියාව, අබාධිත නොවීම ව‍ගේ දේවල් බලපානවා. මේ හින්ද එක සමාජ තීරුවක් ලිංගික අයිතියෙන් පිටුවහල් වෙනවා. උවමනාව තිබුනත් බ්‍රහ්මචර්යාවෙන් ජීවිතේ විඳවමින් ගත කරන්න  සිද්ද වෙනවා.

මේ මාර්කට් එකේ ඉතාම සුළු පිරිමි ප්‍රමාණයක් අධි ඉල්ලුමක් ලබනවා. ඒක කාලයේ ආකර්ශනය පිළිබද වෙළඳපොල නිර්ණායක මත රදා පවතිනවා. ඔයා ඇචීවර් කෙනෙක් නම් ඔයාට ස්ත්‍රී සම්පත්තිය වැඩි වෙනවා. මෙතනදි 'ලූසර්ස්'ලා කියලා කොටසක් තමන්ගේ මූලික මිනිස් අවශ්‍යතාවයකින් බැහැරට තල්ලු වෙනවා.


මේ පිරිස අසහනයෙන්, වෛරයෙන්, උමතුවෙන් පෙලෙන්න පටන් ගන්නවා. ඉතා අන්තගාමී අයිඩියෝලොජි විදිහට මේ වේදනාව  ප්‍රකාශමාන වෙන්න ගන්නවා.

සංස්කෘතිය/සදාචාරය රැකීමේ දැඩි උවමනාව, ජාතිය ආගම පිළිබඳ මරාගනෙ මැරෙන ප්‍රේමය, පරම දේශීයත්වය වගේ දේවල් මේ ස්වේච්ඡා නොවන බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. සුදු හම ඇත්තියන් ඕනෑම වෙලාවක ඕනෑම අයෙකු සමග රති කෙළියට පෙ‍ාපියමින් ඉන්නවා ව‍ගේ දෙයක් වුනත් මනස්ගත වෙන්නෙ මේ හුදකලාභාවය නිසා රෝගයක් විදිහට ඔඩුදුවන අයිඩියොලොජියක ප්‍රතිඵල විදිහට.

මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය කතා කරන්න පටන් ගත්තා ලංකාවේ ලිංගික අධ්‍යාපනය දීමේ අවශ්‍යතාවය ගැන. ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ වගේ තත්වයන් මගහැර ගන්න නම් අපිට උවමනා වෙන්නෙ ඉමෝෂනල් එඩියුකේෂන් කියන එක. ප්‍රතික්ෂේප වීම දරාගන්නෙ කොහොමද, ආශාව තේරුම් ගන්නෙ කොහොමද, තමන්ව අනෙකාට ප්‍රකාශ කරන්නෙ කොහොමද වගේ දේවල්වලට  බලපාන්නෙ හැගීම් තේරුම් ගැනීම සම්බන්ධයෙන් ලැබෙන අධ්‍යාපනයක්.

මේක මනුස්ස හුදකලාභාවයේ ප්‍රකාශමාන වීමක් විදිහට තේරුම් ගන්න ඕන. එක පැත්තකින් ඒ දූපතක් විදිහට හුදකලා වුනු සංස්කෘතියක ආතතිය එලියට පනින මොහොතක්. තව පැත්තකින් සමාජයේ කිසිදු වටිනාකමක් නොලැබ හුදකලා වුනු තරුණයෙකුගේ ගිලන් ආශාව උමතුවක් විදිහට එලියට පනින මොහොතක්.

වෙළඳපොල විසින් පාලනය කරන ඉන්ටිමසිය ඇතුලෙ ආශාවේ අයිතිය අහිමි වුනු තරුණයෙකුගේ අහිංසක කැරැල්ලක් විදිහට බලනවා වෙනුවට, අපි ඒ තරුණයාට දඩුවම් කරන්න දඟදාන්නෙම, ඒ වානර ක්‍රියාව විසින් අපි උන්ව පිටස්තර කරමින් නිර්මාණය කළ සුවපහසු ඉන්ටිමසි ලෝකය රිද්දවන බැවිනුයි.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...