මට පෙනුනෙ නම් පොඩි ළමයෙකුගෙ නොතේරුම්කමට තමන්ට 'සිදුවුනා කියල හිතන' අසාධාරණයක් ගැන තරහක් නොගැලපෙන ආකාරයකින් පුපුරා ගිය අවස්තාවක්. ඒක තමයි පොඩියි කියන්නෙ.
මේක ජෙන් z හරි මොකක් හරි පරපුරක ලක්ෂනයක් නම් ඒක ඇතුලෙ මෙහෙම දේවලුත් කියවගන්න වෙනවා.
* ආත්මාර්ථකාමීත්වය - තමන්ට අසාධාරණයක් වුනා නම් අන් සියල්ලන්ගේ සාමූහික සතුට අහිමි වන ආකාරයෙන් ක්‍රියා කිරීම.
* තමන් සියල්ලෙහි කේන්ද්‍රය ලෙස සිතීම - ඒ දැරිය කතාව කරද්දි තමන් විසින් පාසැලට ලබා දුන් කීර්තිය, තමන්ගේ සුදුසුකම් ගැන කතා කරනවා මිස පාසැලෙන්, ගුරුවරුන්ගෙන් අනෙක් සිසුවියන්ගෙන් තමන්ට ඒ ජයග්‍රහන ලබාගැනීම සඳහා ලැබුනු සහයෝගය හෝ අවස්ථාවන් ගැන හැගීමක් නැති බව පේනවා. තමන් විසින් සියල්ල අත්පත් කරගත්තා සහ තමන් අන් සියල්ලට ඉහලින් කියන මානසිකත්වය පේන්න තියෙනවා.
මේක මං දකින්නෙ නොමේරූ බව නිසා ඇතිවෙන ආවේගය පිටකිරීමක් විදිහටයි. නැතුව යම් පරම්පරාවක ඔසවා තැබිය යුතු ලක්ෂන විදිහට නෙමෙයි.
සටන් කළ යුතු තැන, සටන් කළ යුතු ආකාරය ගැන දැනීමක් නැතිකමත් මේ දැරියගෙන් පේනවා. අපි ඉස්කෝලෙ යන කාලෙදි අසාධාරණයක් වුනාම ප්‍රින්සිපල් එක්ක මූනට මූන ගේම ඉල්ලනවා. හැප්පෙනවා. ඒවා ඒ තැන විසඳගන්නවා.
කොහොම නමුත් සාමූහිකත්වය කියන කාරණය ගැන හැගීමක් නැති නායකත්වයක් මේ පාසැලෙන් ප්‍රගුන කරලා තියෙනවා.
නායකත්වයක අරමුන වෙන්නෙම කණ්ඩායම ගැන හැගීම. පරිත්‍යාගය. විනය වගේ කාරනා. ඒවා සම්මානයකට හෝ සහතිකයකට වඩා විශාල සුදුසුකම් වෙනවා.
මේ නොතේරුම්කමට පොඩි එකෙක් කළ දෙයක් සමාජ මාධ්‍යගත වීමෙන් සිදුවුනු හානිය ගැන ඇත්තටම තියෙන්නෙ දුකක්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




