උඹලා ජීවත් වෙන ආරක්ෂිතයි කියල හිතන සිස්ටම් එක පුපේ ගහගනිං කියල මැදැඟිල්ල පෙන්නන කෙනෙක්. හොරෙක් විසින් හැමතිස්සෙම game එකක් යෝජනා කරනවා. ඒ තමයි catch me if you can. ඒ ගේම් එක ඇතුලෙදි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
ඊයෙ මං මුහුන දීපු සිද්ධියත් එහෙම එකක්.
Ikman.lk වෙබ් එකේ පලකරන දැන්වීමකින් මං බඩු වගයක් ගන්න තීරණය කරනවා. නමුත් මේ වෙබ් අඩවිය තමන් විසින් පලකරන දැන්වීමක් සම්බන්ධයෙන් කිසිම වගකීමක් ගන්නෙ නෑ. යමක් අලෙවි කරන පුද්ගලයෙකුට තමන්ගේ අනන්‍යතාව සහ විස්තර කිසිවක් නැතිව වුනත් ඒ වෙබ් අඩවියේ දැන්වීමක් පලකරන්න පුළුවන්. වෙන විදිහකට කිව්වොත් හොරෙකුට කෙනෙක් රවටා යම් මුදලක් උපයා ගැනීමට මේ වෙබ් අඩවිය දැනුවත්ව අවකාශ සපයනවා. හොරෙකුට වඩා අපි ප්‍රශ්න කළ යුත්තේ හොරකමට පහසුකම් සපයන ආයතන ව්‍යුහයයි.
දෙවනුව, මේ හරහා මං ඇණවුම් කරන භාණ්ඩ නිවසට පැමිණි පසු මුදල් ගෙවීමට තීරණය වෙනවා. ඒ අනුව බඩු ටික ගෙදරට එනවා. බඩු පරීක්ෂා කර බැලීමෙන් පසු අදාල පුද්ගලයාගේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමට මවිසින් මුදල් බැර කරනවා.
මම මුදල් බැර කළත් බඩු රැගෙන පැමිනි අය භාන්ඩ භාර දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ ඔවුන්ගේ ආයතනයට මුදල් ලැබී නැති බව පවසමින්. මවිසින් මුදල් ගෙවන ලද පුද්ගලයා ආයතනයට මගේ ලිපිනය ලබා දී බඩු රැගෙන යන ලෙස පවසා දුරකතන ඇමතුමක් ලබා දී තියෙනවා. ඒ හැරුනු විට එම බඩු ගෙනැවිත් ඇති ආයතනය සහ අර පුද්ගලයා අතර සම්බන්ධයක් නොමැති බව හෙලිවෙනවා. වෙන විදිහකට නම් ඒ ආයතනයත් ලනුවක් කලා ප්‍රවාහන වියදමත් දරාගෙන එනවා.
ඒ ඇසිල්ලෙන්ම මම මගේ ගිණුම පවතින කොමර්ෂල් බැංකුවට කතා කරනවා. ඒ උපදෙස් මත ගෙවීම අත් හිටුවන මෙන් පනිවිඩයක් යවනවා. විනාඩි පහක් ගතවන්නට මත්තෙන් මේ යවන ලද පනිවිඩය ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ලැබී ගනුදෙනුව නවතනු ඇතැයි මං බලාපොරොත්තු වෙනවා.
නමුත් එහෙම කිසිවක් සිද්ද වෙන්නෙ නෑ. අපේ බැංකු පද්ධතිය කිසිම විදිහකින් එවැනි වංචාවක් නතර කිරීමට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හොරකමට වඩා ඉඩදෙන බැංකු ක්‍රමයක් හරහා තමයි අපි ගනුදෙනු කරමින් ඉන්නෙ.
මම මේ ගැන පැමිනිලි කරන්න පොලිසියට යනවා. පොලිසිය ikman එකක් ගැන අහලවත් නෑ. ඔන්ලයින් ගනුදෙනු සම්බන්ද සාක්ෂරතාව පවතින්නෙ ඍන මට්ටමක. මේ කාරණය විභාග කරනවා වෙනුවට ඒ අය ඔන්ලයින් ව්‍යාපාර වහා තහනම් කළ යුතුයි මැයෙන් මට දේශනයක් දෙනවා. මා සතුව පවතින බැංකු ගිනුම් සහ දුරකථන ඇමතුම් ඔස්සේ අදාල පුද්ගලයා හඹා යාමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බව කියනවා. අවම මාස හයකවත් කාලයක් මේ සොයාබැලීමට ගතවන බව කියනවා.

'ඔන්ලයින් කිසිම දෙයක් ගන්න එපා. මේක පාඩමක් කරගන්න' මට අවවාද දෙනවා.
අපේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැඩකරන්නෙත් හොරකම් දිරිමත් කරන ආකාරයටයි. අකාර්යක්ෂමතාවය කියන්නෙම හොරකම වංචාව පෝෂණය කිරීමක් තමයි. අපි බදු මුදල් ගෙවමින් මේ ආයතන පවත්වාගෙන යන්නෙ ෆේස්බුක් පාර්ටි සහ ස්පා වැටලීම වෙනුවෙන් පමනක් ද කියල හිතෙනවා. Sri Lanka Police මම අදාල පුද්ගලයාගේ බැංකු අංකය ඔස්සේ කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඇමතුමක් ගන්නවා. ඒ කතා කරන බැංකු නිලධාරියා අදාල පුද්ගලයාව හදුනනවා.
'ආ රෝහන ආපහු මෙහෙම වැඩක් කරලද'

ඒ පුද්ගලයා නිතර මෙවැනි දේ කරන බවත්, ඒ ගැන කළ හැකි කිසිවක් නැති බවත් සරලව සැහැල්ලුවෙන් කියනවා.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB කියන රාජ්‍ය බැංකුව දැනුවත්ව හොරුන්ගේ වංචාකරුවන්ගේ බැංකු ගිණුම් පවත්වාගෙන යමින් ඔවුන්ට සේවා සැපයීම සිදු කරනවා. National Savings Bank
අපි ජීවත් වෙන්නෙ නිල වශයෙන් ආයතන මට්ටමෙන් හොරකමට වංචාවට පහසුකම් සපයන පසුබිමක. මේ වගේ තත්වයක් යටතේ හොරකමක් නොකර ඉන්නවා නම් ඒ අය මුග්ධයන් වෙන්න ඕන. හොරකම වෙනුවෙන් මේ තරම් පහසුකම් සපයන තත්වයන් තියෙද්දි හොරකමට විරුද්ධ වීම කියන්නෙම මන්ද බුද්ධික තත්වයක්.
ඒ හොරා විසින් මට ලබා දුන් මේ අවබෝධයට ස්තුතිවන්ත වෙනවා. මම දැන් උනන්දු වෙන්නෙ හොරා අල්ලන්න නෙමෙයි. ඊට පහසුකම් දෙන මේ ආයතනවලට එරෙහිව නීතියෙන් කළ හැකි දේ කරන්නයි. ඒ මට පාඩු වුනු සුළු මුදල යලි ලබාගැනීම වෙනුවෙන් නෙමෙයි.
මේ ආයතන විසින් සපයන පහසුකම් මත සිදුවන තවත් බොහෝ වංචා ප්‍රමාණයක් වලක්වා ගැනීම වෙනුවෙන් මට කළ හැකි පමණින් උත්සාහ දැරීමක් විදිහටයි.
වංචනික ව්‍යාපාරයක යෙදෙන්නාගේ නම- D M G R Rohana
දැන්වීම පළ කර ඇති නම- රෙනෝල්ඩ් මුතුගල
ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුම - 100950326712
පොලිස් පැමිණිල්ලෙහි අංකය- CRB 2 61/234
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




