The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට | Chinthana Dharmadasa

T

The Leader Desk

January 6, 2026 • 4:31 PM

මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ඇතුලු ලිබරල් අදහස් දරන පිරිස් පොහොට්ටුව වගේ සමලිංගික විරෝධී අදහස් දරන අය සමග එකට හිටගන්නේ හෝ
  • අපේ අදහස්වලට වෙනස් අදහස් ඇති පිරිස් එක්ක එකට වැඩ කළ හැකි තැන් සොයාගැනීම තමයි අ‍පේ නං දේශපාලනය වෙන්නෙ.
  • කවුරු හරි උන්ගෙ පක්සෙ කෙනෙක් සමලිංගික බවට චෝදනා කරද්දි එකපාරට විසාල සමලිංගික පක්ෂපාතීබවක් දරන තැනකට පොහොට්ටුව ගියොත් අන්න එතනයි අනන්‍යතා අර්බුදය තියෙන්නෙ.
  • ඒවා  බාරගනිමින් ඒ අදහස් එක්ක අපි සංවාද කරනවා මිස ඒ අය එක්ක මූන බලන්න බැරි අවුලක් අපිට එන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

වාඩිවෙන්නේ කොහොමද කියල නිර්මාල් දේවසිරි අහනවා. මේක පුංචි ළමයෙකුගේ අදහසක්.

අපේ අදහස්වලට වෙනස් අදහස් ඇති පිරිස් එක්ක එකට වැඩ කළ හැකි තැන් සොයාගැනීම තමයි අ‍පේ නං දේශපාලනය වෙන්නෙ. අපි වගේම සමාන අදහස් අනෙකා විසිනුත් දැරිය යුතුයි, නැත්නම් අප විසින් ඔවුන් පිටුවහල් කළ යුතුයි වගේ පියුරිටන්වාදී අදහස් දරන්නෙ මාලිමාවෙ බොළඳ බැතිමතුන් විතරයි.

 පොහොට්ටුවෙ උන් ලිංගිකත්වය ගැන දරන ආකල්ප ගැන අපේ විවේචන මොනවා වුනත් උන් ඒ සම්බන්ධයෙන් විවෘතයි. කවුරු මොනවා කිව්වත් උන් හැමදාම හිටියෙ එතන. කවුරු හරි උන්ගෙ පක්සෙ කෙනෙක් සමලිංගික බවට චෝදනා කරද්දි එකපාරට විසාල සමලිංගික පක්ෂපාතීබවක් දරන තැනකට පොහොට්ටුව ගියොත් අන්න එතනයි අනන්‍යතා අර්බුදය තියෙන්නෙ.

පොහොට්ටුව ලිංගික අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් ඉන්නෙ වෙනස් ආස්ථානයක. ඕනම කෙනෙ‍කුට ඒ වගේ අදහස් දරන්න  බලපාන සමාජ දේශපාලන හේතු තියෙනවා. ඒවා  බාරගනිමින් ඒ අදහස් එක්ක අපි සංවාද කරනවා මිස ඒ අය එක්ක මූන බලන්න බැරි අවුලක් අපිට එන්නෙ නෑ.

නමුත් මාලිමාව හරිනි සම්බන්ධයෙන් මුහුනදෙන්නෙ කුහකත්වයේ අර්බුදයකට. විවෘතව සමලිංගිකත්වය සම්බන්ධයෙන් පෙනී සිටීමක් කරන්න බැරි අවුලකට. එතනදි නිර්මාල් වගේ අයගේ ආසාව තියෙන්නෙ ලිබරල් පූසන් ලවා කොස් ඇට බාවන්න. ලිබරල් කියන්නෙ ඕනෑම අදහසක් පැවතීමේ නිදහස පිලිගැනීම මිස එක අදහසක් වෙනුවෙන් අ‍නිත් අදහස් කැන්සල් කිරීමේ පිළිවෙතක් නෙමෙයි.

ඉතින් හරිනිට පුළුවන් කට ඇරලා කියන්න එයා සමලිංගිකත්වය ගැන දරන ආකල්පය මොකක්ද කියල. එයාට එල්ල කරන චෝදනා ගැන එයාට කියන්න තියෙන්නෙ මොනවද කියල. ඒ වෙනුවට හන්දියක් හන්දියක් ගානෙ ආචාර්ය මහාචාර්යවරු දාර්ශනික ගුරුකුල පිටින්, අනේ හරිනිට ගහනවෝ හරිනිට ගහනවෝ ගාලා හඩා වැලපීමෙන් තේරුමක් නෑ.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...