The Leader News
BREAKING
Top Ad
Opinion

වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa

T

The Leader Desk

January 13, 2026 • 6:49 AM

වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල සෑහෙන්න වඩුවන් සමග වාසේ.
  • ශිල්පෙ දන්නවා නං ඕන තරමක් හම්බු කරන්න පුළුවන් කර්මාන්තයක් වෙලා තියෙනවා.
  • අවුරුදු දෙකක් ඇතුලත ලැබෙන පුහුණුවෙන් ඕන ගේමක් ගහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
  •   මං දන්න විදිහට මේ ආධුනිකත්ව පුහුණු ආයතන නැත්තං නයිටා පටන් ගන්නෙ 1990 දි විතර.
අකුරු ප්‍රමාණය (Font Size):

එක එක විදිහෙ වඩුබාස්ලා මුනගැහෙනවා. ඒ අයගෙ එක එක විදිහෙ ශිල්ප බලන්න ලැබෙනවා. සමහරුන්ගෙ වඩු ශිල්ප. තව සමහරුන්ගෙ ගාන කපන ශිල්ප. කයිවාරු වැඩි වැඩ බැරි බාස්ලා ගොඩක් ඉන්නවා.

ඉස්සර අපේ ගෙදර පහල තිබුනෙ වඩු මඩුවක්. බීඩිය කනේ ගහගෙන වඩු බාසුන්නැහේ උදේ ඉඳන් එයා කැමති වෙලාවක් වෙනකං වැඩ කරනවා. කහට කෝප්ප එකක් ඉවරවෙන්න එකක් බොනවා. ඒ කාලෙ වඩුවැඩ කියන්නෙ හම යන වැඩක්. කියතෙන් කපන්නයි, යත්තෙන් ගාන්නයි, බුරුමෙන් කරකන්නයි ගියාම හවසට හන්දි කැක්කුමයි. බාසුන්නැහෙ දන්නවා අවශ්‍ය වේගය සහ වැරය.

හැබැයි බාසුන්නැහෙ දුප්පත්. වැඩ කලෙත් අඩුවෙන්, හම්බු කලෙත් අඩුවෙන්. හිටියෙත් අපේ ගෙදර පහල කුලියට. ඒක ගෙවාගන්නත් බැරි වුනා හරියට.

 

469344810 443872498757910 3009724381989702710 n
දැන් තත්වෙ වෙනස්. කපන යතුගාන විදින හැම එකකටම මැෂින් තියෙනවා. වඩුවැඩට දක්ෂ ගෑනුත් බිහිවෙලා තියෙනවා. ශිල්පෙ දන්නවා නං ඕන තරමක් හම්බු කරන්න පුළුවන් කර්මාන්තයක් වෙලා තියෙනවා. ඕන තරමක් වැඩ තියෙනවා.

අවාසනාවට ශිල්පෙ දන්නවා වුනාට ක්‍රියේටිව් කෑල්ල යන්තං හරි තියෙන වඩ්ඩො සෑහෙන්න අඩුයි. පරණ මේසෙ පුටුව ඒ විදිහටම හද හදා යන අය තමයි වැඩි. ලේසියි පහසුයි ලාබයි. හැබැයි ටිකක් හරි වෙනස් විදිහට හිතන අයට ව්‍යාපාරෙ දියුණු කරගන්න හරිම ලේසියි. තරගයක් ඇත්තෙම නැති තරම්.

මේ අලුත් වඩුබාස්ලා එක්ක කතා කරද්දි තේරුන දේ තමයි මේ ගොඩක් අය බිහි වෙලා තියෙන්නෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලේ පුහුණු වැඩසටහන්වලින්. අවුරුදු දෙකක් ඇතුලත ලැබෙන පුහුණුවෙන් ඕන ගේමක් ගහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අවුරුදු දෙකක් පුහුණු වුනාම අතේ හයිය තියෙන කල් හම්බු කරන්න පුළුවන් රස්සාවක් විවෘත වෙලා තියෙනවා. ඒක පට්ට.

 

Carpenter ozyvko8nrxpz9bre6u2eb5lufy6u3k8y0bav3milrs
මං දන්න විදිහට මේ ආධුනිකත්ව පුහුණු ආයතන නැත්තං නයිටා පටන් ගන්නෙ 1990 දි විතර. (76 වසරක සාපෙ) ඇත්තටම මම බලාපොරොත්තු වුනේ නෑ මේ තරම් සාර්ථක වැඩක් ඒ ආයතනවලින් සිද්ද වෙනවා කියල. අපි හැමදාම කතා කරන්නෙ විශ්ව විද්‍යාලයි, වෛද්‍ය විද්‍යාලයි ගැන. ඒත් ඇත්ත වෙනස සිද්ද වෙන්නෙ මෙන්න මේ තැන්වල. ඔය උඩදාන ඉස්කෝල අධ්‍යාපනෙන් හැලිච්ච කොල්ලොන්ට කෙල්ලොන්ට හම්බු කරන් ජීවත් වෙන්න පුළුවන් ශිල්පයක් දෙන්නෙ මේ ආයතනවලින්. රටට ඕන කරන වඩුබාස්ලා, මේසන්බාස්ලා, මිකැනික්ලා හැදෙන්නෙ ඒ තැන්වල.

මේ ශිල්පයට අමතරව පොඩ්ඩක් ආර්ට් ගැන, ඒ ශිල්පයට අදාල කලාවන් ගැන, රස වින්දනයකුත් මේ පාඨමාලාවලට එකතු වුනා නම් වටිනවා කියල හිතනවා. මොකද ක්‍රාෆ්ට් එක හොඳට හැදිලා තිබුනට ආර්ට් එක හැදුන තැන් මුනගැහුනෙ හරිම අඩුවෙන්.


Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa | The Leader