The Leader News
BREAKING
Top Ad
Opinion

නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa

T

The Leader Desk

January 15, 2026 • 6:24 AM

නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතක දියත උයන ආසන්නයේ පුද්ගලයෙක් මෝටර් බයිසිකලේක නැගලා SUV වාහනවල කණ්ණාඩි බිඳිමින් ගියා.
  • තමන්ට ලබාගත නොහැකි වාහනයක තවත් කෙනෙකු යන එක ගැන වෛරයෙන් ඒ ක්‍රියාව සිදුකළ බව පුද්ගලයා පවසා තිබුන.
  • නමුත් තමන් විශ්වාස තැබූ ආණ්ඩුව විසින් තමන් අපේක්ෂා කළ පරිදි ‘ඇති හැකි’ අයවලුන්ට රිදවීම නොකරන නිසා නැවත ඒ ප්‍රචන්ඩකාරී තෘප්තිය හුදකලාව ලබාගැනීමට ජනතාවට සිද්ද වෙලා තියෙනවා.
  • මේ කණ්ණාඩිය ඇතුලෙන් බැලුවම වාහනය අයිති පුද්ගලයාට දැනෙන්නෙ ආඩම්බරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. තමන්ට ලබාගත නොහැකි වාහනයක තවත් කෙනෙකු යන එක ගැන වෛරයෙන් ඒ ක්‍රියාව සිදුකළ බව පුද්ගලයා පවසා තිබුන.

‘නිර්ප්‍රභූ වීරයෙක්!’ මං ඒ පුද්ගලයා වෙනුවෙන් පෝස්ට් එකක් ෂෙයාර් කළා.

chintha98y397y3r
මේ වාහනවල කණ්ණාඩි බිඳිමින් යන පුද්ගලයා කියන්නෙ නිකංම සිදුවීමක් නෙමෙයි. මේක මෙටාෆර් එකක්. නැත්නම් රූපකාර්ථයක්. සංකේතාත්මක ප්‍රචන්ඩත්වයක්.

මගේ අදහස මාලිමාව බලයට ගෙන ඒමේ යාන්ත්‍රණය විදිහට වැඩ කලේ මේ ප්‍රචන්ඩත්වය කියන එකයි. නමුත් තමන් විශ්වාස තැබූ ආණ්ඩුව විසින් තමන් අපේක්ෂා කළ පරිදි ‘ඇති හැකි’ අයවලුන්ට රිදවීම නොකරන නිසා නැවත ඒ ප්‍රචන්ඩකාරී තෘප්තිය හුදකලාව ලබාගැනීමට ජනතාවට සිද්ද වෙලා තියෙනවා.

SUV එකක් කියන්නෙ මොකක්ද? ඒක එක්තරා විදිහක පාංතික සංකේතයක්. ආර්ථික අසමනාතාවයේ ලකුණක්. මෝටර් බයිසිකලයේ පොල්ලක් අරන් පන්නන පුද්ගලයා අසාර්ථක වෙද්දි, සාර්ථක වූවෙකුගේ සළකුණක්.  ‘මට කිසිදා ලබාගත නොහැකි සතුටක් මේ පුද්ගලයා ලබමින් සිටී’ යන වේදනාව මතු කරන ජංගම සංකේතයක්. ඒක හරියට ඇවිදන බිල්බෝර්ඩ් එකක් වගේ.

කණ්ණාඩි බිඳීම කියන්නෙත් ගැඹුරු මානසික කතාවක් හෙලි කරන තැනක්. මේ කණ්ණාඩිය ඇතුලෙන් බැලුවම වාහනය අයිති පුද්ගලයාට දැනෙන්නෙ ආඩම්බරයක්. නමුත් මේ කණ්ණාඩියෙන් බැලුවම ‘පොල්ලක් අරන් ලුහුබඳින පුද්ගලයාට දැනෙන්නෙ ලැජ්ජාවක්. තමන් අසමත් යැයි හැගීමක්. එකම කණ්ණාඩිය දෙන්නව පරාවර්තනය කරන්නෙ ආකාර දෙකකට. මේ පුද්ගලයා කරන්නෙ ඒ කණ්ණාඩිය කුඩු කිරීමයි.

 

අපේ රැඩිකල් වාමාංශිකයන්ගේ අර්ථය අනුව ඒක අරගලකාරී ක්‍රියාවක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මේ කුඩු කරන්නේ අයුක්තියේ කණ්ණාඩියයි කියල අපිට ඕන නම් ලියන්න පුළුවන්.

තවත් ගැඹුරට කියෙව්වොත් මේ පුද්ගලයාට දැනෙන්නෙ ආර්ථික ක්‍රමය ගැන අවුලක්. විරැකියාව ගැන, තමන්ගේ ණය  ගැන, ජීවිතය ගැන අවුලක්. ඒත් මේවා ඒ පුද්ගලයාගේ අතට අහුවෙන දේවල් නෙමෙයි. එයාට මේ සියල්ල අර වාහනයේ කණ්ණාඩිය ඇතුලෙන් පේන්න ගන්නවා. හරියට එක කාලයක හඳුන්නෙත්තිට සජිත්ගෙ බත්මුලෙන් පංති පරතරය පේන්න ගත්තා වගේ.

මේ තත්වයට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරණීකරනය වෙන විපරීත සදාචාරයකුත් පවතිනවා. ඒක පත්තියං වුනු එකක්. මේ වගේ වාහනයක් ගත්ත අය දූෂිතයි, මේ අය කුඩු ව්‍යාපාර කරනවා ඇති, මොවුන් අපෙන් සූරාකෑ ශ්‍රමයෙන් තමයි මේ සුඛ විහරණය විඳින්නෙ. මේ තමයි අපි එරෙහි විය යුතු අයුක්තිය, අසමානතාවය.. මේ දේවල් අපිට ජවිපෙ දේශපාලන වේදිකාවලින් නිතර ඇහිලා තියෙනවා. එතකොට ඒ වේදිකා ඉදිරියේ ඉන්න ඇත්තෙ මේ පොල්ල අරන් යන ප්‍රචන්ඩ අරගලකරුවා වගේ අය කියල අපිට හිතන්න පුළුවන්.

 

v5e45nth
මේ පහුගිය කාලය පුර‍ාවට අපේ ක්ෂනික මෝචන ප්‍රගතිශීලීන් විසින් උඩ දමන ලද නිර්ප්‍රභූ වීරයෙක් කියල මං කියන්නෙ ඒකයි. මේ කැරලි ගහන්නෙ නිර්ප්‍රභූත්වයයි. නිර්ප්‍රභූත්වය කියන්නෙ ශිෂ්ට හෝ තාර්කික ආවේගයක් නෙමෙයි. අපි එය ශිෂ්ට කළ යුතුයි කියල පෙනී හිටියට මාලිමා පාක්ෂිකයන් මේ අරගලකරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕන හරිනම්. SUV වල කණ්ණාඩි කැඩුවට ඩබල් කැබ්වල කණ්ණාඩි කඩන එකක් නෑ කියල අපි උපකල්පනය කරමු.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිර්ප්‍රභූ අරගලකරුවා සමග හිටගමු! | Chinthana Dharmadasa | The Leader