මං වගේ ජාතිවාදයට විරුද්ධ නමුත් ප්‍රතිගාමී ලේබලයේ සුළුතරයක් ඒ කතාවම ජාතිවාදී ප්‍රවේශයක් විදිහට දකිනවා. සුළු ජාතික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් හැගීම් අවුස්සනසුළු ප්‍රකාශයක් කළ විට ගැම්මක් ඇතිවෙන එක නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒ ගැම්ම නැවත ජාතිවාදය අවුස්සන්න ඉඩ හදන එකක් නම් ඒකෙ අවුලක් තියෙනවා.
ඔය තිස්ස විහාරයේ සිල් ගන්න ව්‍යාපෘතිය ජාතිවාදී එකක් නම් ඒක කෙලින් ආමන්ත්‍රණය කරන්න ඕන. නිකං මොට්ට ආයුද පාවිච්චි නොකර ඒ ජාතිවාදී ව්‍යාපෘතියෙ යෙදෙන අතලොස්ස ඉලක්ක කරන්න ඕන. ඒ වෙනුවට ජනාධිපතිතුමා කලේ සමස්ත බෞද්ධ ප්‍රජාවක් අඩංගු කරගත හැකි විදිහෙ ප්‍රකාශයක්. ඒක මොට්ට වැඩක්.
ඉතින් මගේ ප්‍රගතිශීලී මිත්‍රයො ටික ඒ ප්‍රකාශය කිරීමට පසුබිම, හේතුව ආදී වශයෙන් විස්තරකථන කරනවා. කිසි තේරුමක් නෑ. මොකද ජනාධිපතිතුමා දෙමළ ප්‍රජාව අතරට ගිහින් සිංහල බෞද්ධ ප්‍රජාව රිදවිය හැකි (නැත්නම් රිදවීමට යොදාගත හැකි) ආකාරයේ ප්‍රකාශයක් කරලා ඉවරයි. අපි නිකං අාවේගයට චූන් එකට කතා කළාට ජනාධිපතිවරයෙක් තමන්ගේ වචන භාවිතය ගැන සූක්ෂම වෙන්න ඕන. උපක්‍රමික වෙන්න ඕන.
අපේ ජාතිවාදයට එරෙහිවීම ජාතිවාදය අවුස්සන වර්ගයේ එකක් නොවීමයි වැදගත්. අපේ සුළුතර අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සමස්ත බහුතර ජනතාව ඊට එරෙහිව බලමුළුගන්වන එකක් නොවීමයි වැදගත්. දැන් වෙමින් තියෙන්නෙ ජාතිවාදයට එරෙහිවීමේ ප්‍රචන්ඩත්වය විසින් ජාතිවාදය අවුලන්න හුලං ගැහීමයි.
ඒක මාලිමාවෙ ස්ට්‍රැටජිය වෙන්නත් පුළුවන්. තමන්ගේ ප්‍රතිවිරුද්ධ බලවේගය ජාතිවාදී එකක් වුනොත් ඊට එරෙහි සියලු බලවේග තමන්ගෙ පැත්තට ගන්න පුළුවන් කියල ඒ අය ලාබ සිතීමකට යන්න පුළුවන්. හැබැයි එහෙම වුනාම දෙපැත්තෙම තියෙන්නෙ එකම විදිහට ජාතිවාදය.
(පහල අමුනා තියෙන්නෙ මේ ප්‍රගතිශීලී ලේබලයේ දෙදෙනෙකු සමග මගේ ඇතිවුනු සංවාදයක්. කෙනෙකුට මේ ලේබලයේ අයගේ සිතීම යම් තරමක් තේරුම් ගන්න ඒක උදව් වෙයි)


(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි ලිපි :
අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා... | Uvindu Kurukulasuriya
තිස්ස විහාරයේ අර්බුදයට අදාල සබැඳි ලිපි :
තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිස් පොතට
තයියට්ටියේ තිස්ස විහාරය ‘ව්‍යාජයක්’: උත්තර ලංකාවේ මහ සඟ නා හිමියෝ
හමුදාව උතුරේ ඉඩම් අල්ලා ඉදිකළ තිස්ස විහාරය ‘ලියාපදිංචි කර නෑ’
පදුමගල කිත්ති තිස්ස හිමි කියන තිස්ස විහාරයේ ඇත්ත කතාව
යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක්
තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු
කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප
තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම
උතුරේ බලහත්කාරයෙන් විහාරයක් ඉදිකළ හිමිනමකට නාහිමි පදවියක්
ලියාපදිංචි නොකළ බෞද්ධ විහාරයක් උතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා
උතුරේ විහාරයක් තැනූ භූමියක් ආපසු ගැනීම සඳහා උසාවි යාමට NPP සභික සහාය
උතුරේ විහාරයකට අල්ලාගත් ඉඩම් වෙනුවට ආණ්ඩුවෙන් ‘විකල්ප ඉඩම් හෝ වන්දි’
විහාරයක් ඉදිකිරීමට අල්ලාගත් උතුරේ ඉඩමක් ආපසු බාරදීමට ආණ්ඩුව එකඟයි




