අර්චුනා රාමනාදන් කියන කතා දිහා මාත් බලන්න පුරුදු වෙලා හිටියෙ හාස්‍යයෙන්. අර්චුනා කියන්නෙ බයිට් එකක් විදිහට.
ඒත් ටික කාලයක් බලන් ඉන්නකොට මට පෙනුනා ඒ බයිට් වීම ඇතුලෙ අර්චුනා දේශපාලන අවුලක් හදනවා කියල. ඒක ගොඩක් අය දේශපාලනය කියල කතා කරන ගැඹුරු දාර්ශනික කතිකාවක් නෙමෙයි. තැන් තැන්වල මතුපිට කොනිත්තමින් සිස්ටම් එක ප්‍රකෝප කිරීමක්. අපි අර්චුනාට හිනාවෙනවා. දන්නෙම නැතුව අපි සිස්ටම් එකට හිනාවෙනවා. ඒ කියන්නෙ ඇත්තටම අපි අඩනවා.
අර්චුනා කිසිම විදිහක දේශපාලන පක්ෂයක ප්‍රකාශනයක් කියල මං හිතන්නෙ නෑ. එයා ඉන්නෙ අරාජික පිහිටීමක. ඒක ඇත්තටම ලංකාවෙ දෙමළ ජනතාවගේ සැබෑ පිහිටීම. අර්චුනා ඒ අයට වීරයෙක් වෙන්නෙ එහෙමයි.
මේ විදිහෙ අරාජිකවාදියෙක් මට මීට කලින් මුනගැහිලා තිබුනෙ රංජිත් පීරිස් විතරයි. භීෂනයට පස්සෙ රංජිත් පීරිස් මේ විදිහට සිස්ටම් එක ජෝක් කරන විවිධ දේ කරමින් හිටියා අප්‍රසිද්ධව.
සිනමාවෙන් ගත්තොත් මේ තමයි ජෝකර්. එයාගෙ හිනාව පිටිපස්සෙ තියෙන ගැඹුරු වේදනාවක්. අර්චුනා දෙරනෙ ඉන්ටවිව් එකට ඇවිත් දෙමළ මවක් සහ බිළිදෙක් මියගිය කතාවක් කියනවා. ඒ සැමියා දිවිනසා ගත්වග කියනවා.
‘දැන් සනීපද’ අර්චුනා හිනාවෙනවා.
තමන්ගේ කර්මාන්තය ආපහු හැරිලා ප්‍රශ්න කරන්න ලේසිපාසු මිනිහෙකුට බෑ. සෞඛ්‍ය කියන්නෙත් පොලිටිකල් ඉන්ඩස්ට්‍රියක්. අර්චුනා ඒ ඉන්ඩස්ට්‍රියෙ එතික්ස් ප්‍රශ්න කරනවා. එලියට විසිවෙනවා. හිරේ යනවා. නැවත නැවතත් හිනාවෙවී අරගල කරනවා. සියලු විස්තර නම්ගම් එක්ක හෙලුවෙන්ම කියනවා. හිනාවෙවී වෙඩි තියනවා කියන්න පුලුවන් .
මේ අරාජිකවාදය දේශපාලනේදි අවශ්‍යම එකක් කියලයි මං හිතන්නෙ. අර්චුනා කියන්නෙ අපේ නිදහස් අධ්‍යාපනේ උසස් නිෂ්පාදනයක්. එයා ඇතුලෙ තියෙන්නෙ තරහක්. ඒක මේ රටේ සුළු ජාතිකයෙකුට ඇතිවෙන සාධාරන තරහක්. ඒ තරහ පාලනය කරන්න බැරි තැනදි අර්චුනා ජෝක් වෙනවා.
මන්ත්‍රීතුමා චූ කළාද? කියල කොල්ලො කුරුට්ටො පස්සෙන් ඇවිත් අහන වග අර්චුනා කියනවා. ඒ තමන්ව ඇවිස්සීමෙන් වීඩියෝ ක්ලිප් එකක් වයිරල් කරගන්න වග අර්චුනා දන්නවා.
එයා මෙතනදි හරි ලස්සන වැඩක් කරනවා. එයා කේන්ති යන මොහොත දේශපාලන ප්‍රශ්නයක් උඩ පිහිටුවනවා. කවුරු හරි අර්චුනාව අවුස්සනකොට එතන සිස්ටම් එකේ අවුලක් අවුස්සගත්තා වෙනවා. තමන්ගේ දෝෂය අර්චුනා සිස්ටම් එකේ දෝෂයක් එලියට එන තැනක් බවට පත්කරනවා.
මේ දේවල් එයා දැනගෙන කරනවා කියල මං කියන්නෙ නෑ. එයා ස්වභාවයෙන්ම අරාජිකවාදියෙක්. ඒ හින්ද මේ විදිහෙ තැන තැන පිපිරුම් ඇති කිරීම එයාගෙ පැවැත්මෙ විදිහ. ඒ අර්ථයෙන් අර්චුනා ඕනෑම ක්ෂේත්‍රයක පවත්නා ආකාරය ඩිස්රප්ට් කරමින් සිනාසෙන අරාජිකවාදියෙක් වෙනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
අර්චුනාට ආදරෙන් | Chinthana Dharmadasa
T
The Leader Desk
February 3, 2026 • 3:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අර්චුනා කියන්නෙ අරාජිකවාදියෙක්.
- ඒත් ටික කාලයක් බලන් ඉන්නකොට මට පෙනුනා ඒ බයිට් වීම ඇතුලෙ අර්චුනා දේශපාලන අවුලක් හදනවා කියල.
- ඒ කියන්නෙ ඇත්තටම අපි අඩනවා.
- අර්චුනා කිසිම විදිහක දේශපාලන පක්ෂයක ප්‍රකාශනයක් කියල මං හිතන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



