The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාවෙ කේන්ද්‍රීය මතවාදය අනුව නිදහස් දිනය සැමරීම අවුල් | Chinthana Dharmadasa

T

The Leader Desk

February 5, 2026 • 11:38 AM

මාලිමාවෙ කේන්ද්‍රීය මතවාදය අනුව නිදහස් දිනය සැමරීම අවුල් | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් දිනය කියන්නෙ කොහොමත් මට එහෙම නරඹන්න හිතෙන සැමරුමක් නෙමෙයි.
  • ඒක අපේ රටේ චූල වංශයට ඇති කරන ගැම්මක්.
  • ඒකෙ හොඳ නරක දෙපැත්තම තියෙන්න පුළුවන්.
  • ඒක සැමරිය යුත්තේ මෙහෙමද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මං නිදහස් දිනය තරමක් හෝ කැමැත්තකින් බැලුවෙ 2015 යහපාලන පෙරලියෙන් පස්සෙ. ඒත් ඊලගට මට හිතුනා රටක සංස්කෘතික බලය අපේ 'කල්ට්' එක විසින් අල්ලාගත්තා වගේ අවුලක් එතන තිබුනා කියල.

එක එක ආන්ඩුවලින් නිදහස් දිනය සැමරීමේ ආකාරය ඒ ආන්ඩුවෙ කේන්ද්‍රීය අයිඩියොලොජිය උඩ තීරණය වෙනවා. රාජපක්ෂලා නිදහස් දිනය සමරන්නෙ අර පුරන් අප්පුගේ වීර හැගීමෙන්. ඒක අපේ රටේ චූල වංශයට ඇති කරන ගැම්මක්. රනිල් නිදහස් දිනය සමරන්නෙ තරමක් ජාත්‍යන්තර ප්‍රමිතියකට කියන්න පුළුවන්. එලියෙන් අපි දිහා බැලුවොත් කොහොමද කියල අදහසකින්. ඒක මහාවාංශික ප්‍රවේශයක් කියන්න පුළුවන්. ජවිපෙ නැත්තං මාලිමාව ඒක සමරන්නෙ 'කොහෙ තියෙන නිදහසක්ද?' 'අපිට ඕන නෑ උන්ගෙ නිදහස' වගේ ආකල්පයකින්. මාලිමාවෙ කේන්ද්‍රීය මතවාදය අනුව නිදහස් දිනය සැමරීම අවුල්.

cd45nu6786786786787687

 

මගේ අදහස නම් නිදහස් දිනය සැමරීම කළ යුත්තේ අපි විසින් විවිධ ජාතීන් සමග බෙදාගත් ඉතිහාසය සැමරීමක් විදිහට කියන එකයි. ඒකෙ හොඳ නරක දෙපැත්තම තියෙන්න පුළුවන්. ඒත් අපි තාමත් ඒ සංස්කෘතික මුසුවෙ ජීවමාන පරම්පරාවන්. ඉතින් ඒක අපි ඉංග්‍රීසින්ට හෝ වෙනත් ජාතියකට එරෙහිව පපුව පුම්බන උත්සවයක් වෙනවට වඩා අපේ විශාල වුනු ආර්ථික සංස්කෘතික දේශපාලනික වපසරිය සැමරීමේ උළෙලක් වෙන්න ඕන. විවිධ ජාතීන් අතර පාලම් තැනීමේ උළෙලක් වෙන්න ඕන.

මොකක් හරි හේතුවකට තාමත් නිදහස් දවස එක්ක අනගාරික ධර්මපාලගෙ කතිකාවත් පැටලැවිලා තියෙනවා. පොඩි සිංහල බෞද්ධ නිදහසක් වගේ එකක් නොනිල වශයෙන් සැමරීමක් සිද්ද වෙනවා. මස්මාළු විකුණන්නෙ නැතුව, අරක්කු ටිකක් විකුණන්නෙ නැතුව සමරන ජාතික නිදහස මොකක්ද කියල කෙනෙක් කල්පනා කරලා බලන්න ඕන. මේක ආගමික උත්සවයක් නෙමෙයි. ජාතික උත්සවයක්. අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතීන් සියල්ල එක ජාතියක් විදිහට ජීවත් වෙන්න ආරම්භ කළ මොහොත සැමරීමක්.

ඒක සැමරිය යුත්තේ මෙහෙමද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...