තෙල් තිබ්බත් නැතත් පෝලිම් සොමිය කියන්නෙ වෙනම එකක්.
තමන් මේ ලෝකෙ අන්තිම බිංදුව හරි ලබාගන්නා ජයග්‍රාහකයෙක් කියන හැගීම වෙන විදිහකින් ගන්න බෑනෙ. මං නං ෆුල් ටෑන්ක් ගහගත්තා කියල අනිත් උන්ට කියද්දි තියෙන ගැම්ම කොයිතරම් ද?
පෝලිමක ඉදලා තෙල් ටිකක් හරි ගහගෙන ජයග්‍රාහක සිතුවිල්ලෙන් ඒ මිනිස්සුන්ට දවසක් දෙකක් නිදාගන්න පුලුවන්.
අනිත් උන්ට තෙල් නැති වුනොත් තමන් ඉක්මන් වුන හින්ද දිනුවා කියලා පාලු පාරවල්වල වාහන පදින්න පුලුවන්.
ඒ හින්ද පොඩි හරි පෝලිමකට සෙට්වෙලා ඔයත් අදම ජයග්‍රාහකයෙක් වෙන්න.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
ඉන්ධන ප්‍රමාණවත්ව තියෙනවා - ලංකා ඛනිජ තෙල් සංස්ථාව
මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස එම සංස්ථාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයෙත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි.




