ඒත් ගරු කරන්නෙ මොන සිවුරටද කියන එක ප්‍රස්නයක්. බුදුන් වදාල සිවුර කියන්නෙ සම්ප්‍රදායක්.
ඕනම වර්ගයක සිවුරක් උරලා ගත් පමනින් ඒක බුද්ධ චීවරයක් වෙන්නෙ නෑ.
සිවුරක් සකසා ගත යුතු ආකාරය බුදුන් විසින් දේශනා කරනවා.
1. ඡන්නකං – කැබලි වලට කැපීම
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම
4. පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං - පසමිතුරන් විසින් නොපැතීම
ඒ වගේම නොදැරිය යුතු සිවුරු ගැනත් බුදුන් කියනවා.
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි
7. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි
10. මල් දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
11. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
12.අඟිය නො දැරිය යුතියි
13. සැට්ය නො දැරිය යුතුයි
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි
යමෙක් මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
එතකොට අපි සිවුරට ගරු කරන්න කලින් සිවුර මොකද්ද කියල දැනගන්න ඕන නේද?
කහ පාට රෙද්දක් ඇගලා ගත් පමනින් භික්ෂුවක් වෙන්නෙ නෑ නේද
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




