The Leader News
BREAKING
Top Ad
Opinion

ලිංගික ශ්‍රමික ; හැම කාන්තා දින සංවාදයකින්ම බැහැර කෙරෙන පිරිසක් ...| Chinthana Dharmadasa

T

The Leader Desk

March 8, 2026 • 5:40 PM

ලිංගික ශ්‍රමික ; හැම කාන්තා දින සංවාදයකින්ම බැහැර කෙරෙන පිරිසක් ...| Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද කාන්තා දිනය. හැමෝම මව්වරුන්, සහෝදරියන්, දියණියන් ගැන කතා කරන දවසක්. කාන්තාවන්ගේ වෘත්තීය අයිතීන්, නිදහස ගැන සාකච්ඡා කරන දවසක්.
  • ඇය වෙනුවෙන් කිසිම ආන්ඩුවක්, කිසිම දේශපාලන පක්ෂයක් පෙනී සිටින්නෙ නෑ.
  • ඒත් මේ හැම සංවාදයකින්ම එලියට වැටෙන පිරිසක් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒත් මේ හැම සංවාදයකින්ම එලියට වැටෙන පිරිසක් ඉන්නවා. හරියට ඒ අය කාන්තාවන් නෙමෙයි වගේ. ඒ තමයි ලිංගික ශ්‍රමිකයන්. අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ගණිකාවන්.

මේ අය සමාජ අපවාදයට පත්වූ කාන්තාවන්. මේ අයගෙ වෘත්තියට අවශ්‍ය ගරුත්වය, අවශ්‍ය නිදහස සමාජයෙන් හෝ නීතියෙන් තවමත් ලැබී නෑ. ඉතා පැරණි අතීතයක පටන් පැවතගෙන ආවත් ඇයට ඒ ඉතිහාස උරුමයවත් අයිති නෑ. ඇය වෙනුවෙන් කිසිම ආන්ඩුවක්, කිසිම දේශපාලන පක්ෂයක් පෙනී සිටින්නෙ නෑ. කොටින්ම ස්ත්‍රීවාදීන් යැයි කියන අයවත් ඇයගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් හඩ නගන්නෙ නැති තරම්.

ඇයත් කාන්තාවක්. ඇයගේ ශරීරය ඇගේ අයිතියක්. එය කෙසේ යොදාගත යුතුද යන්න ඇගේ තීරණයක්. සමාජයක් වශයෙන් ඇගේ ශ්‍රමයට ගරු කිරීම අපේ වගකීමක්. කාන්තා දිනයේ ලිංගික ශ්‍රමික වෘත්තියේ අයිතීන් ගැන මොහොතක් කල්පනා කරමු.

කොන් කරන ලද, අපවාදයට ලක් කරන ලද කාන්තාවන් වෙනුවෙන් නොවේ නම් කුමට එවන් කාන්තා දිනයක්!

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..
 

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...