The Leader News
BREAKING
Top Ad
Opinion

බහුතරය ඉදිරියේ නොනැමෙන රනිල්! | Chinthana Dharmadasa

T

The Leader Desk

March 24, 2026 • 11:39 AM

බහුතරය ඉදිරියේ නොනැමෙන රනිල්! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් කියන්නෙ සුළුතරයේ මිනිහෙක්. බහුතරයේ හඩට නොනැමෙන දේශපාලනයක්. ඒක මහාවාංශික පරපුරේ උරුමයක්.
  • අර්බුද හමුවේ ඔවුන් අසරණ නොදැනුවත් ළාබාලයන්  බව ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන්.
  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගෙ ශිෂ්ටාචාරය ඇතිවූ සැටි කියන කතාවෙදි දරුවන් විසින් පියාව ඝාතනය කරන බව කියනවා.
  • නමුත් ඝාතනය වූ පියා ජීවත් වූ පියාටත් වඩා විශාලව නැගී සිටි බව කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසිවෙක් විසින් මෙතෙක් නොකළ පෙළහර පෑ චරිතයක්. අවලාද අපහාස කරන අයටත් අමතක කර යා නොහැකි ලාංකේය දේශපාලනයේ අමරණීය සළකුණක්.

තවමත් ලංකා‍වෙ දේශපාලන කේන්ද්‍රය රනිල්. රනිල්ගේ සැලසුම් වැඩකරන්නෙ සාමාන්‍යයෙන් අනෙක් අය දකින සීමාවෙන් එපිට. උදා විදිහට රනිල් ප්‍රභාකරන් පරාජය කලේ මුහුණට මුහුණ ගැටීමෙන් නෙමෙයි. දැඩි ත්‍රස්තවාදී යුධ මුහුණුවරක් විසින් ඔවුන් තුල සිරගත කළ ආශාවන් මුදාහැරීමෙන්. කරුණා අම්මාන්ට චොක්ලට් රස විදින්න සැලැස්වීමෙන්.

 

ඒ වගේම රනිල් ජවිපෙ අවසන් කලෙත් ඔවුන් මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීමෙන්. පරාජය කිරීමෙන් නෙමෙයි. එතැන් පටන් තමන්ගේ සැලසුම් මතම ක්‍රියාකිරීමට ඔවුන්ට සැලැස්වීමෙන්. අර්බුද හමුවේ ඔවුන් අසරණ නොදැනුවත් ළාබාලයන්  බව ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන්.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගෙ ශිෂ්ටාචාරය ඇතිවූ සැටි කියන කතාවෙදි දරුවන් විසින් පියාව ඝාතනය කරන බව කියනවා. නමුත් ඝාතනය වූ පියා ජීවත් වූ පියාටත් වඩා විශාලව නැගී සිටි බව කියනවා. රනිල්ගේ මැතිවරණ පරාජය ඒ වගේ එකක්. ජනාධිපතිව හුන් රනිල්ටත් වඩා පැරදී ගිය රනිල් සුවිසාලව නැගෙන්න පටන් ගත්තා. මාලිමාව නිරන්තරයෙන් රනිල් දැක බියපත්ව හීනෙන් කෑ ගහන්න පටන් ගත්තා. ආන්ඩුව මාලිමාවෙ වුනත් හැමෝම කතා කරන නායකත්වයේ මුද්‍රාව රනිල් වුනා.

ලංකාවෙ විශාලම වාමාංශික පක්ෂය රනිල් විසින් අවසන් කළා. මං හිතන්නෙ මේ රටේ 61 අවුරුදු සාපය අවසන් වුනේ එහෙමයි. ඔවුන්ට ජයග්‍රහණය කිරීමට සැලැස්වීමෙන් ඔවුන් පරාජය වැළඳගත්තා.

 

Swaraj paul Ranil1
බටලන්ද, මහබැංකු ආදී බොහෝ කතන්දර කියමින් සිටි බහුතරයේ නායකයන්ට අන්තිමට රනිල් තමන්ගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ගිය එක පමණක් වරදක් හැටියෙන් ඉතුරු වුනා. ඒ නඩුව අප්‍රේල් මස අන්තිමේදි කැඳවාවි. මාලිමාව තමන්ගේ බිඳවැටීමේ ආරම්භය එතැනින් සටහන් කරාවි.

රනිල් වගේ දැවැන්තයන් නැවත මේ රටේ බිහිවෙන්නෙ නෑ. ඒ තමයි දැවැන්තයන්ගේ පරපුරක අවසානතමයා. දැන් අපිට ඉන්නෙ කුරුමිටි නායකයො. ඒ අය නූල්පොට වගේ රැහැන්වලින් ගලිවර්ව බැඳ දමන්නට හදන ලිලිපුට්ටන්. රටක් හැටියට අපි දැවැන්තයන්ගේ සිට ලිලිපුට්ටන් දක්වා පරිණාමය වෙලා තියෙනවා. දැනුමෙන්ද, අත්දැකීමෙන්ද, හැකියාවෙන්ද, දරාගැනීමෙන්ද, ශෘංගාරයෙන්ද, ජීවිතයෙන්ද දැන් අපි ලිලිපුට්ටන්ව අවසන්.

මේ රටේ නායකයෙකුගේ වැදගත්ම ගුණය බහුතරයේ ඝෝෂාවට බිහිරි නොවීමයි. ඒ වෙනුවට සුළුතරයේ හඩට සංවේදී වීමයි. මොකද ඕනෑම රටක බහුතරය කියන්නෙම නීට්ෂ කියනවා වගේ දුර්වලයන්ගේ පොදු සදාචාරයයි. නායකයෙක් ඒ දුර්වල පොදු සදාචාරයට ඔබ්බෙන් නැගී සිටිය යුතුමයි.

මම වෙසෙසින්ම අගය කරන කාරණයක් වන්නේ රනිල්ව බහුතරයේ කැමැත්ත මනින මැතිවරණවලින් පවා පරාජය කළ නොහැකි අද්විතීය සාධකයක් වීමයි.

b6in6jhgjffghdfgsdaaaaaaa
පක්ෂයක්වත් නැති තනි මිනිහෙක් රටම බංකොලොත් මොහොතක ඒ වගකීම භාරගන්නා ජනාධිපති බවට පත්වෙනවා. අවුරුදු දෙකක් ඇතුලත සියලු බාධක අතර රට නැවත නගාසිටුවනවා. ඉදිරියට යා හැකි සැලසුම් සකස් කරනවා. බහුතරයේ ගෝත්‍රික බලයෙන් වැනසුනු රටක් තනි මිනිහෙක් සහ ඔහු වටා එක්වුනු කීපදෙනෙක් විසින් යළි ඔසවා තබනවා.

රනිල් මේ රටේ මහ ජනතාව කරේ තියාගෙන යන නායකයෙක් නෙමෙයි. රනිල් කියන්නෙ මහජනතාවට පරාජය කළ නොහැකි නායකයෙක්. ඒ වගේ නායකයන් තමයි දවසක ජනතාව විසින් වන්දනාමාන කරන නායකයන් වෙන්නෙ. ජනතාව ඔසවාගෙන යන නායකයන්ට අත්වෙන ඉරණම අපි වර්තමානයේ පොප්කෝර්න් කමින් නරඹමින් ඉන්නවා.

අද ඒ රනිල් කියන සුවිශේෂ ප්‍රභූවරයාගේ උපන්දිනය. තවත් බොහෝ කල් නිදුකින් නිරෝගීව වෙසෙන්නට ඔහුට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. රනිල් වගේ මිනිහෙක් මේ රටේ නායකයෙක්ව සිටි එක ගැන ආඩම්බර සිතින් මෙනෙහි කරමින්  මම පෙට්‍රල් පෝලිමට යනවා.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...