The Leader News
BREAKING
Top Ad
Opinion

පොදු ජන අවකාශ උදුරාගැනීම | Chinthana Dharmadasa

T

The Leader Desk

April 10, 2026 • 3:17 PM

පොදු ජන අවකාශ උදුරාගැනීම | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ආන්ඩුව පත් කරගත්තේ නිර්ප්‍රභූ ආන්ඩුවක් උවමනා යැයි කෑමොර දෙමින්. නමුත් මේ ආන්ඩුව හැසිරෙන්නෙ ප්‍රභූවාදයට පක්ෂ මට
  • මේක පොදු ස්ථානයක්ය, ඒ පොදු ජනතාවගේ චර්යාව පිළිබඳ අවබෝධයක් ඇතුව මේ නවීකරණයන් කළ යුතුය, ඒ අයව දණ්ඩනයෙන් ශික්ෂණය කරනවා වෙනුවට ඊට වඩා මානුෂීය ආකාරයෙන් ඔවුන්ගේ පැවතුම් නවීකරණය කළ යුතුය වගේ අදහසක් මේ නිර්ප්‍රභූ ආන්ඩුවට තිබුනෙ නෑ.
  • මේ ආකාරයේ නවීකරණයන් කියන්නෙ ඇත්තටම පොදු ජනතාවගේ පහළ පීඩිත පංතිය මේ ස්ථානවලින් ඉවත් කරන ආකාරයේ නවීකරණයන්.
  • (ඇත්ත ප්‍රභූන් මේවා කරන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

පවා අපුලක් දනවන තරමට කැත නින්දිත ප්‍රභූකරණයක් ඇතුලෙ.

අනෙක් උදාහරණ පැත්තකින් තියලා කොටුවෙ බස් නැවතුම්පොල විතරක් උදාහරණයට ගන්නම්.

කොටුවෙ බස් නැවතුම්පොල කියන්නෙ කාලාන්තරයක් ඔතන පැවතුනු, මේ රටේ හැම දිසාවකින්ම යන එන මිනිස්සු ගැවසෙන රටේ පොදු ජන අවකාශයක්. මේක සංවර්ධනය කරනවා කියල ඉතාම හදිස්සියෙ මේ ආන්ඩුව තීන්ත ගාලා, ටීවී එල්ලලා, වැසිකිලි නවීකරණය කරලා, රටේ පාවෙන මැද පාංතික ප්‍රජාවගේ විසිල් සද්දෙ මැද මේක විවෘත කළා.

මේක පොදු ස්ථානයක්ය, ඒ පොදු ජනතාවගේ චර්යාව පිළිබඳ අවබෝධයක් ඇතුව මේ නවීකරණයන් කළ යුතුය, ඒ අයව දණ්ඩනයෙන් ශික්ෂණය කරනවා වෙනුවට ඊට වඩා මානුෂීය ආකාරයෙන් ඔවුන්ගේ පැවතුම් නවීකරණය කළ යුතුය වගේ අදහසක් මේ නිර්ප්‍රභූ ආන්ඩුවට තිබුනෙ නෑ. බිල්ඩිම නවීකරණය කරලා පහුවෙනිදා මිනිස්සුන්ට අශිෂ්ටයි කියල බැනවදින්න පටන් ගත්තා.

මේ ආකාරයේ නවීකරණයන් කියන්නෙ ඇත්තටම පොදු ජනතාවගේ පහළ පීඩිත පංතිය මේ ස්ථානවලින් ඉවත් කරන ආකාරයේ නවීකරණයන්. ඒ අයව අඩංගු කරගැනීම, ඒ අය සමග පරිවර්තනය වීම වෙනුවට ඒ අයව වැරදිකරුවන්, අශිෂ්ටයන්, බැහැර කළ යුතු අය විදිහට ලේබල් කරමින් කරන කැත ප්‍රභූකරණයන්. (ඇත්ත ප්‍රභූන් මේවා කරන්නෙ නෑ. එම්පතිය කියන එක ප්‍රභූ ලකුණක්)

අපි පේරාදෙනියෙ කැම්පස් යන කාලෙ ඒවායේ හයිකරලා තිබුනු කොමඩ් උඩට යනකල් සිමෙන්ති බැඳලා තිබුනා. එතකොට ඒවා කොමඩ් වුනත් පාවිච්චි කරන්න වෙලා තිබුනෙ ස්කොටින් විදිහට. ඒ ගැන හොයලා බැලුවම පේරාදෙනිය විශ්ව විද්‍යාලයට එක එක දුෂ්කර පලාත්වලින් එන ශිෂ්‍යයන් කොමඩ් පාවිච්චිය ගැන නොදන්නා නිසා ඒවා උඩ හිටගන්න වෑයම් කරන බව දැනගන්න ලැබුනා. එහෙම වෙලා කොමඩ් කැඩී යාමෙන් ඒ අයට බරපතල තුවාල සිද්ද වෙලා තිබුන. විශ්ව විද්‍යාලයට තේරුනත් කොමඩ් එකක් පාවිච්චි කිරීම ගැන දැනුමක් ලබා නොදෙන අධ්‍යාපනයක් තමයි අපිට තිබුනෙ.

ඔය හැමෝම විරුද්ධ වෙන රැග් එක කාලෙදි හැමෝටම වැසිකිලි පාවිච්චිය, දත් මැදීම, ඇදුම් සේදීම ආදිය ගැන පුහුණුවක් දුන්නා. අපිට මේක විහිලුවක් වගේ පෙනුනත් ඇත්තටම විශ්ව විද්‍යාලයට එන ඉතාම නොදැනුවත්, පහලම පාංතිකයා ඉලක්ක කරගෙන ඒ සම්ප්‍රදාය පැවතුනා.

ඉතින් පිටකොටුවෙ බස් නැවතුම්පොල ගැන හිතාගන්න පුළුවන් වෙන්න ඕන. විශ්ව විද්‍යාලවලට එන පිරිස අර වගේ වුනා නම් මේ පොදු අවකාශය ඊට වඩා ඉතාම සංකීර්ණ තලවල ප්‍රජාවන් ගණනාවක මුහුවීමක්. ඒ සංකීර්ණතාවය අදුරගෙන පහසුකම් නිර්මාණය කරන්න ඕන. මෙවලම් යොදාගන්න ඕන. දැනුවත් කිරීම් සිද්ද වෙන්න ඕන. මිනිස් මැදිහත්වීම්, මගපෙන්වීම් කරන්න ඕන. එහෙම වුනාමයි ඒක දියුණු පොදු අවකාශ නිර්මාණයක් වෙන්නෙ. ගෙදරක් හෝ ව්‍යාපාර ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා වගේ ‍වැඩක් නෙමෙයි රටක පොදු ස්ථානයක් නිර්මාණය කරනවා කියන්නෙ. ඒක විශාල සමාජ මනෝ විද්‍යාත්මක දැනීමක්, අධ්‍යනයක් සහිතව කරන්න ඕන වැඩක්.

එහෙම කරලා, සියලු ප්‍රජාවන් අඩංගු කරගැනීමේ ආකාරයකින් නිර්මාණය නොවෙනවා නම් ඒක පොදු ජනතාවගේ අවකාශයක් උදුරාගැනීමක් වෙනවා. යම් ප්‍රජාවක් බැහැර කිරීමක් වෙනවා. ඒක බලහත්කාරයක්. මේ දේවල් ජනතා සහභාගීත්වයකින්, ප්‍රජාව සමග ගොඩනැගෙමින් සිද්ද වෙන්න උවමනායි කියන්නෙ ඒකයි.

ඊලගට කොටුවෙ දුම්රියපොලටත් මේ මතුපිට නවීකරණය සිද්ද කරන්න යනවා. ආකර්ශනීය පිංතූර පළ කරනවා. ඒවාට මැද පංතියෙ වෙන්න ප්‍රභූ ජනතාව විසිල් ගහනවා. ඒත් කොහොමද මේ අවකාශයේ මිනිස් පරිණාමය සිද්ද කරන්නෙ කියල එතන සංවාදයක් නෑ. අලුතෙන් ගාපු තීන්තයි, විලාසිතායි නෙමෙයි පොදු අවකාශ නිර්මාණය කිරීම කියන්නෙ. මේ ආකාරයේ සංවර්ධනයන් කියන්නෙ ඉතාම අශිෂ්ට, කැත විදිහට මේ රටේ දුප්පත්, පීඩිත ජනතාව වැරදිකරුවන් කරමින්, ඒ අයගෙන් මේ පොදු අවකාශයන් උදුරා ගැනී‍මේ ක්‍රියාවලියක් බව කියන්න වෙනවා. මේවා කිව්වම අපේ කුහකකම කියල අපි බැනුම් අහනවා.

(මේ සටහන ලියද්දි පොදු මිනිස් අවකාශ වෙනුවෙන් ලොකු මැදිහත්වීමක් කරපු නිර්මානී ලියනගේ ව නැවත නැවත සිහිපත් වෙනවා)

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...