The Leader News
BREAKING
Top Ad
Opinion

පුංචි වෙළෙන්දාට ගරු කරන්න! | Chinthana Dharmadasa

T

The Leader Desk

April 11, 2026 • 4:03 PM

පුංචි වෙළෙන්දාට ගරු කරන්න! | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර අයිනෙ මැටි වලං විකුණන මිනිස්සු ටිකකට රජයේ නිලධාරීන් විසින් කරන කැත අසාධාරණය ගැන වීඩියෝව හැම තැනම
  • අවුරුද්දෙ ඒ මිනිස්සු තමන්ට අත්වුනු අසාධාරණය ගැන වේදනාවෙන් මුට්ටි  කුඩු කරනවා දැක්කෙම අපෙත් හිත් කුඩු පට්ටම් වෙනවා.
  • පොඩි මිනිස්සුන්ගෙ වෙළඳාමට අත තියන්න කලින් ඒ මිනිස්සු ආන්ඩුවෙන් පිනට අස්වැසුම නොලබා ජීවත් වෙන්න වැර වෑයම් කරන ගෞරවනීය පිරිසක් බව හිතට ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

සංසරණය වෙනවා. මේ මැටි වැඩ කරන මිනිස්සු කියන්නෙ ඉතාම දුෂ්කර කර්මාන්තයක යෙදෙන පිරිසක්.

මැටි වලංවලට දැන් ඉල්ලුම අඩුවෙමින් යන්නෙ. ගෙවල්වල පාවිච්චි වෙන්නෙ ප්ලාස්ටික්, ඇලුමිනියම්. ඒවා රටින් ‍ගේනවා ලාබෙට දෙනවා. අපේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තය ඉන්නෙ මේ අතර උග්‍ර සටනක.

ඉතින් මේ මිනිස්සුන්ට තමන්ගෙ මැටිබඩු විකුණගන්න පුළුවන් වෙන්නෙ අවුරුද්දෙ සීමිත කාලෙකට. මං වුනත් අවුරුද්දෙ දකින්න කැමතිම දෙයක් පාර දෙපැත්තෙ පදික වේදිකාවල පිරිලා තියෙන මැටි වලං. ඒක හරි ලස්සන දර්ශනයක්. අවුරුද්ද එනවා කියලා අපිට දැනෙන දෙයක්.

මැටි වලං විතරක් නෙමෙයි අවුරුද්දට පාර අයිනෙ ඕනම බඩුවක් මුට්ටුවක් විකුණන මිනිස්සුන්ගෙ ඒ එකතු කිරීම ලස්සනයි. එහෙම නැත්තං අවුරුද්ද කියන්නෙ මොකක්ද? මිනිස්සු බඩු  ගන්න, විකුණන, වීදි පිරෙන්න සෙනග පිරෙන, පොඩි වෙලෙදුන්ට අමතර ආදායමක් ලබන්න ඉඩක් හැදෙන එහෙම දෙයක් නෙමෙයිද අවුරුද්ද කියන්නෙ?

අවුරුද්දෙ ඒ මිනිස්සු තමන්ට අත්වුනු අසාධාරණය ගැන වේදනාවෙන් මුට්ටි  කුඩු කරනවා දැක්කෙම අපෙත් හිත් කුඩු පට්ටම් වෙනවා. මේකත් අර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙම වැඩක්ද? වීදිය පොඩි වෙ‍ලෙන්දන්ගෙන් තොර පිරිසිදු කලාපයක් කරනවද?

අර මැටි ගැන ලොකු කතා කියන මනුස්සයෙක් ඉන්නවා. එයා ගල් අගුරු ගැන කතා කරනවා. මේ මැටි බඩු විකුණන මිනිස්සුන්ට මොකක්ද වෙන්නෙ කියල කතා කරන්න කෙනෙක් නෑ.

පොඩි මිනිස්සුන්ගෙ වෙළඳාමට අත තියන්න කලින් ඒ මිනිස්සු ආන්ඩුවෙන් පිනට අස්වැසුම නොලබා ජීවත් වෙන්න වැර වෑයම් කරන ගෞරවනීය පිරිසක් බව හිතට ගන්න. ඒ මිනිස්සු ආන්ඩුවෙන් තමන්ගෙ කර්මාන්තය රැකලා දෙන්න කියලා ඉල්ලන්නෙ නෑ. ඒ මිනිස්සුන්ට මිනිස්සු ගැවසෙන තැනක තමන්ගෙ පුංචි ව්‍යාපාරය කරගන්න දෙන්න. අවුරුදු කාලෙ ජීවත් වෙන්න බැරි තරමට බඩු ගනං ගිහින්, වියදම් උඩින් ගිහින්, පුප බිම ඇනිලා ඉන්න මිනිස්සුන්ට මෙහෙම සලකන්න රජයකට පුළුවන්ද?

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...