The Leader News
BREAKING
Top Ad
Opinion

එල්ලලාද මැරුවෙ, මරලාද එල්ලුවේ? | Chinthana Dharmadasa

T

The Leader Desk

May 8, 2026 • 9:41 AM

එල්ලලාද මැරුවෙ, මරලාද එල්ලුවේ? | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දෙවෙනි දිවි නසා ගැනීමයි. පළමු නිලධාරියාගේ සිදුවීමේදී එය දිවි නසාගත් බව කියන්න හදිස්සි වුනේ ආන්ඩුවේ මාධ්‍යයි. දෙවෙනි සිදුවීමේදි එය දිවි නසා ගැනීමක් බව කියන්න හදිස්සි වුනේ දෙරණයි.
  • දෙකම මේ ආණ්ඩුව මිනිස් ජීවිත බිලිගන්නා තරමට අසමත් බව කියන සිදුවීම්.
  • තෙවනුව මේ මියගිය තැනැත්තා විසින් දුන්නා යැයි කියන දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා.
  • ඒ ප්‍රකාශයේ රංග විසින් තමන්ට කරන ලද මරණ තර්ජනයක් ගැන සදහන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සිදුවීම් දෙක දෙකක් නෙමෙයි එකක් බව මතක තියාගන්න ඕන. දෙකම මේ ආණ්ඩුව මිනිස් ජීවිත බිලිගන්නා තරමට අසමත් බව කියන සිදුවීම්.

මේ දෙවෙනි සිදුවීම ගැන මාලිමා පාක්ෂිකයන් කියන්න උත්සාහ ගන්නෙ ඒක දිවිනසා ගැනීමක් නෙමෙයි කියල.  රාජපක්ෂවරුන් සම්බන්ද ඝාතනයක් කියල. (බලනහර තුනක් කපාගෙන සිදුවූ මරණය දිවි නසාගැනීමක් යැයි නිශ්චය කළ ඔවුන් ගෙල වැලලා ගැනීමක් ඝාතනයක් යැයි එකවරම නිශ්චය කරනවා). ඒක එහෙමද නැද්ද කියල බලන්න පරීක්ෂණ මෙහෙයවන වගකීම පැවරෙන්නෙ ආන්ඩුවට.

 

WhatsApp Image 2026 05 08 at 14.07.06
දෙවනුව මේ අයව ඇරෙස්ට් කරන්න කියලා උසාවි නියෝගයක් ලැබිලා තියෙනවා. ඒක සිදුවෙලා නෑ. ඒක සිදුවුනා නම් මේ මරණය වැලකෙන්නට ඉඩ තිබුනා. එතන වගකීම පැවරෙන්නෙ වෙන කාටවත් නෙමෙයි ආන්ඩුවට.

තෙවනුව මේ මියගිය තැනැත්තා විසින් දුන්නා යැයි කියන දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රකාශයේ රංග විසින් තමන්ට කරන ලද මරණ තර්ජනයක් ගැන සදහන් වෙනවා. ඒ ප්‍රකාශය බොරුවක් යැයි කියනවා නම් වුනත්, එවන් ප්‍රකාශයක් කළ සැකකරුවෙකු/ සාක්ෂිකරුවෙකු හට ආරක්ෂාව සැලසීම ආන්ඩුවේ වගකීම වෙනවා. ඒ පරීක්ෂකවරුන්ගෙ වගකීම වෙනවා. එය බොරුවක් යැයි තමන්ට නිශ්චිත නම්, නිසැකවම ඒ බොරුව කීම සඳහා සාක්ෂිකරුට දරුණු බලපෑමක් තිබිය යුතු යැයි නිශ්චය කිරීම අමාරු කාරණයක් නෙමෙයි. එහිදී ඒ අයව ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතු වෙනවා. ඒ හින්ද මේ ප්‍රකාශය ඇත්තක් වුනත්, බොරුවක් වුනත් එතන වගකීම පැවරෙන්නෙත් ආන්ඩුවට.

සරලවම කිව්වොත් මේ මරණයට රාජපක්ෂලා වග කිව යුතුයි කියල කෙනෙක් කියද්දි ඒ හා සමානවම හෝ ඊට වැඩියෙන් අසමත් ආන්ඩුව වගකිව යුතුයි කියල තේරුම් ගන්න ඕන.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...