The Leader News
BREAKING
Top Ad
Opinion

එතකොට මේ අපචාරය හේමරතනගෙද? | Chinthana Dharmadasa

T

The Leader Desk

May 25, 2026 • 4:48 AM

එතකොට මේ අපචාරය හේමරතනගෙද? | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොබා දහමට ‍නොවන අවනත ලොවේ කිසිවක් නෑ -ලොවේ පැරදුම නිසැක කිසිදා ලැබූ දිනුමක් නෑ
  • මට හිතෙන්නෙ හේමරතන යක්ෂයා බවට පත් කිරීම හරිම පහසු කාරණයක්.
  • අපචාර සම්බන්ධයෙදි වැදගත්ම ප්‍රවේශය විදිහට මං දකින්නෙ පුද්ගලයා දුෂ්ටයෙක් බවට පත් කිරීමේ ප්‍රකට පහසු 'මගහැර යාමෙන්' ගැලවෙන එකයි.
  • හේමරතනට එහෙම සාහිත්‍යමය, අනිත්‍ය සිහිවන, නිර්වාණගාමී සිතුවිලි ඇති නොවෙනවා නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පල්ලෙගම හේමරතන ලියපු සිංදු ආදිය මතක් කරමින් ෆේස්බුක් එකේ යන රැල්ලක් දැක්කා. ඒකෙ අදහස වෙන්නෙම මෙහෙම බොරු බයිලා ලියමින් මේ පාපතරයා විසින් කරන දේ බලව, වගේ එකක්.

මට හිතෙන්නෙ හේමරතන යක්ෂයා බවට පත් කිරීම හරිම පහසු කාරණයක්. අපචාර සම්බන්ධයෙදි වැදගත්ම ප්‍රවේශය විදිහට මං දකින්නෙ පුද්ගලයා දුෂ්ටයෙක් බවට පත් කිරීමේ ප්‍රකට පහසු 'මගහැර යාමෙන්' ගැලවෙන එකයි.

 

v4y4y66
ඒ කියන්නෙ මේ ළමා අපචාරය පල්ලෙගම හේමරතන සුවිශේෂ පාපතරයෙක් නිසා සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම හේමරතන විසින් ලියන ලද සුන්දර සාහිත්‍යය 'බොරු' කියල මම විශ්වාස කරන්නෙත් නෑ. හේමරතනට එහෙම සාහිත්‍යමය, අනිත්‍ය සිහිවන, නිර්වාණගාමී සිතුවිලි ඇති නොවෙනවා නෙමෙයි. ඒ සියල්ල අතර තමයි අපචාරමය සිතුවිලිත් ඇතිවෙන්නෙ. මෙන්න මේ සංකීර්ණ මනුෂ්‍ය ස්වභාවය එක්ක අපචාරයන්ට පිලිතුරු සෙවීමයි ඇත්ත අභියෝගය.

මිනිහෙක්ව හුදකලා 'නරකයෙක්' බවට පත් කරනවා වෙනුවට ඒ 'නරක' පවතින බල ව්‍යූහයයි ඇත්තට ප්‍රශ්න කළ යුතු වෙන්නෙ. පල්ලෙගම හේමරතන අතින් සිදුවුනු බව කියන මේ අපචාරය හේමරතනට විශේෂ වූ එකක් නෙමෙයි. අනුරාධපුර ප්‍රදේශය කියන්නෙම අපචාර බහුල පළාතක්. තාත්තලා අතින් දියණියන් දූ#ණය වීම, වැඩිහිටියන්, ඥාතීන් අතින් දරුවන්ට සිදුවන අපචාර ආදිය මේ පූජා නගරයේ බහුලයි. එක විදිහකට ඒක ඒ පළාතේ තවම පවතින සංස්කෘතියක් කියන්නත් පුළුවන්. අපි ශිෂ්ටත්වය හෝ සදාචාරය යනුවෙන් පනවා ගන්නා සීමාවන් මේ 'මුදා නොගත්' කලාපයට තවම අවශෝෂණය වෙලා නෑ.

මෙතන අර්බුදය තියෙන්නෙ මේ හේමරතන අතින් සිදුවන අපචාරය වසන් කිරීමේ හෝ එය ආරක්ෂා කිරීමේ යටිතලයයි. ඒක නීතිය, පොලිසිය, සාසනය සහ සමාජය කියන බල අධිකාරීන් ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. අපචාරමය වරදකට සැකකරුවෙක් වූ වෙනත් පුද්ගලයෙක් නොලබන 'නිදහසක්' 'අවස්ථාවක්' හේමරතනට ලැබෙනවා. එතකොට මේ අපචාරය හේමරතනගෙද?

මගේ අදහස සැබෑ අපචාරය පවතින්නෙ ඔය 'සිස්ටම් එක' කියන එකෙයි. අප්‍රකාශිත බල ව්‍යූහයන් ඇතුලෙයි. ඒක හේමරතනට වඩා විශාලයි. යම් හෙයකින් හේමරතන වරදකරුවෙක් වුනත් එතැනින් පසු මේ දැරියට අත්වෙන ඉරණම සාධනය කරන්නෙ මේ අපචාරී සමාජ ව්‍යූහයයි. මේ සිදුවීමට පසු ඉතිරිවන 'ඇය' කවුද? ඇයට ඒ තැන නිර්මාණය කරන සමාජය සදාචාරාත්මකද?

705958122 10164732772310185 535536549064977423 n
සංකීර්ණතාවය මෙයයි. සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, උගතුන්, බුද්ධිමතුන් අනිත් හැම මනුස්සයෙක්ම වගේ අපචාරිකයන් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කලාවෙ යම් අපචාරිමය ගුණයක් තියෙනවා. එයින් ඔවුන්ගේ සාහිත්‍ය හෝ දර්ශනය බොරුවක් වෙන්නෙ නෑ. ඒ සියල්ල එසේ තිබියදී පාලනය කරගත නොහැකි වන 'අශිෂ්ටත්වය' පොලා පනිනවා.

එතනදි ඒ මනුස්සයා වැරදිකරුවෙක් කිරීමට ගන්නා උත්සාහයට වඩා වැදගත්‍ වෙන්නෙ නීතිය, යුක්තිය හා සමාජ සාධාරණය නිවැරදි කිරීමට ගන්නා උත්සාහයයි. මනුස්සයාගේ නිරෝගී බව වෙනුවෙන් 'කැමැත්ත' 'අන්‍යොන්‍යබව' 'සුන්දරත්වය' 'සතුට' මත පදනම් ශෘංගාරය ව්‍යාප්ත කිරීමයි.

(පිංතූරය චැට් ජීපීටීය)

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...