The Leader News
BREAKING
Top Ad
Opinion

ලාල් කරන කතාව හරි | Chinthana Dharmadasa

T

The Leader Desk

March 28, 2025 • 6:04 PM

ලාල් කරන කතාව හරි | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවෙ බහුතරයට ආමන්ත්‍රණය කරන කතාවක්.
  • ‍ ලාල් කතා කරන්නෙ ඒ ජනතාවට.
  • අනෙකා සෑම විටම සතුරෙක් ලෙස පුම්බමින් විශාල කරනවා වෙනුවට ඒ සතුරාවද අඩංගු කරගත හැකි පුළුල් දේශපාලන මානසිකත්වයක් නිර්මාණය කිරීමයි ජයග්‍රහණයේ පදනම වෙන්නෙ.
  • කාටවත් අර සීයට තුනේ අතීතයෙන් ඇති වැඩක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):
මාලිමාවෙ බහුතරයට ආමන්ත්‍රණය කරන කතාවක්.
 

ජවිපෙ කියන්නෙ සීයට තුනයි. ලාල්ලා ආන්ඩුව ගත්තෙ ඒ සීයට තුනෙන් නෙමෙයි. සීයට හැට එකක් වුනේ ඊට පිටින් එකතු වුනු කට්ටිය හින්දයි. ඒ කියන්නෙ විවෘත ආර්තිකය පිලිගන්න, නව ලිබරල් ප්‍රතිපත්ති දරන, අයිඑම්එෆ් එකත් එක්ක යන්න ඕන කියන පිරිස. ඒ අයට තිබුනු අවුල අනිත් පක්ෂවලට සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් පවත්වාගන්න බැරි වීම. මාලිමාව තෝරාගැනීම වෙන්නෙ ඒ හින්ද.

ඒ නව ලිබරල් ප්‍රතිපත්ති වඩාත් සාධාරණව, පාරදෘෂ්‍යභාවයකින් පවත්වාගෙන යයි කියල තියෙන විශ්වාසය. ‍ ලාල් කතා කරන්නෙ ඒ ජනතාවට. ජවිපෙ තුන ගැලවිලා ගියත් එතනදි කමක් නෑ.

දේශපාලනය කියන්නෙ කොයිතරම් විශාල සතුරන් ප්‍රමානයක් හදාගන්නවද කියන එක නෙමෙයි. කොයිතරම් පාලම් ප්‍රමාණයක් ගොඩනගා ගන්නවද කියන එකයි. අනෙකා සෑම විටම සතුරෙක් ලෙස පුම්බමින් විශාල කරනවා වෙනුවට ඒ සතුරාවද අඩංගු කරගත හැකි පුළුල් දේශපාලන මානසිකත්වයක් නිර්මාණය කිරීමයි ජයග්‍රහණයේ පදනම වෙන්නෙ.

ඉතින් ලාල් කරන කතාව හරි. කාටවත් අර සීයට තුනේ අතීතයෙන් ඇති වැඩක් නෑ.
Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි ලිපියක් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...