මෝටර් රථ පනත ආරම්භය

පැරණි දත්තවලට අනුව 1925 වෙද්දිත් ලංකාවේ බස් රථ 1500කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ක්‍රමයෙන් බස් ප්‍රමාණය වැඩිවීමත් සමග ඇති වෙච්ච ගැටලු විසඳගෙන1927 දි මෝටර් රථ පනතක් සම්මත කරලා තියනවා. ඒකට අනුව බස් රථයක තිබිය යුතු අංග, බස් රථ ලියාපදිංචි කිරීමේ නීති රීති, ධාවන බලපත්‍ර, රියදුරු බලපත්‍ර, බස් රථ රක්‌ෂණය, ධාවන වේග සීමා, එහෙම සඳහන් කරලා තියනවා.
1940 වෙනකොට බස්රථ කර්මාන්තයක් විදියට දියුණු වෙන්නත් වැඩි දෙනෙක් මෙයට ඇතුළත් වෙන්නත් ගත්තා ඒවෙන කොටත් බස්නාහිර පළාතෙ විතරක් ගාමිණී බස් රථ සමාගම, හයිලෙවල් බස් රථ සමාගම, විජය බස්‌රථ සමාගම, මුණගම බස් රථ සමාගම, රණසිංහ බස් රථ සමාගම, පානදුර මොටර් ට්‍රාන්ස්‌පෝට් සමාගම, කුකුළා බස් රථ සමාගම වගේ සමාගම් තිබුනත් පර්මිට් ක්‍රමය නිසා අද වගේම එදත් සමාගම් කීපයකට මුළු කර්මාන්තය ම හැසුරුවන්නත් ඔවුන්ව හැසිරවීමට දේශපාලකයින්ටත් හැකි උණා.
ජනසතු කිරීමේ මුළාව

මේ කාරණා නිසා එදත් බස්වලින් මගියට ලැබුණේ හොඳ සේවාවක් නොවෙයි. මොකද වෙළදපළ තුළ තරගයක් තිබ්බේ නෑ. ඔන්න ඕක පෙන්නලා අපිට හොඳ සේවයක් ලබාදෙනවා කියලා බෝඩ් එක ගහං 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත බණ්ඩාරනායක මහත්තයා බස් ජනසතු කරා. මේක හරියට කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක්.
මිනිස්සුන්ට සතුට තිබ්බේ බොහොම ටික කාලය යි. මේ ගත්ත තීරණය අපේ රට බංකොලොත් භාවයට ඇදවට්ටන්න රුකුල් උණා. මොකද ඕක ඇතුළෙ තනිකර ම දිව්වේ දේශපාලනය. වෙච්ච පාඩු පිරිමැහැව්වේ බදු මුදලින් නැත්තං ණය අරං. රටක් විදියට ණය උගුලක හිරවෙන්න මේ ජනසතු කිරීමේ ඊනියා මුළාවත් එක හේතුවක්.
බස් රථ මාෆියාවක්

අපි දැන් වර්තමාන කතාවට එමු. දැන් වැඩි පුර තියෙන්නේ පෞද්ගලික බස්රථ. එව්වාවලින් අපිට සේවාවක් ලැබුනත් ලොරි චැසිවලට ගහපු මේ බස් බොඩි නිසා බස් රථ කර්මාන්තය තවමත් එක තැන පල්වෙනවා. අපිටත් වෙන තෝරාගැනීමක් නෑ. දුම්රිය සේවාව මීට හපන්. බස් රථවල කල්කිරියාව ගැන කාලෙක ඉදං දැවැත්ත මැසිවිල්ලක්, චෝදනාවක් තියනවා. ගාස්තු සංශෝධනය පිළිබඳ ප්‍රශ්න, විනය පිළිබඳ ගැටලු හා ප්‍රමිතිය පිළිබද දැවැන්ත චෝදනා ගොන්නක් තියනවා. අපිත් බැණ බැණ ඒකෙම එල්ලිලා යන්නේ අපිට වෙන විකල්පයක් නැති නිසා.
තමන්ට කියලා වාහනයක් ගන්න බෑ 200%- 300% බදු. වෙන හරි හමන් පොදු ප්‍රවාහන මාධ්‍යක් නෑ. දුම්රිය රජයෙන් දුවන්න ගිහින් වැඩේ අනාගෙන රටට බරක් වෙලා තියෙන්නේ. මේ විදියට විකල්ප නැති කරලා තියෙන්නේ අපි පත්කරගත්ත ආණ්ඩුමයි. ඉස්සෙල්ලා ම මේ පර්මිට් ප්‍රශ්න. පර්මිට් නැත්තං බස් එකක් දාන්න බෑ පාරට. පර්මිට් එක ගන්න නම් දේශපාලන හයියක් ඔනේ; හැමෝටම එහෙම පර්මිට් ගන්න බෑ. බස් එකට වැඩිය ගණං. පර්මිට් එක ඒවගේම මාසයක් ගානේ කප්පම් ගෙවන්නත් ඔනේ. ඉතින් තනිකර මේක මාෆියාවක්. මේක වෙළඳපළක් ක්‍රියාත්මක වෙන්නෑ.
පෞද්ගලික අංශය සමග ඒකාබද්ධයක්

Clean Srilanka යටතේ බස්වල ප්‍රමිතිය සහ විනය සුද්ද කරනවා වගේම මේ පර්මිට් කතාවත් සුද්ද කරන්න ඔනේ. නැත්නම් හැමදාම වෙන්නේ කල්ලියකට යට වෙලා ඉන්න. එයාලම තමා රටට low floor AC බස් ගෙන්වන්න දෙන්නේ නැත්තේ. කුඩාකල්ලියක් විසින් වෙළදපල හසුරවන ලබනවා. මොකද එයාලා පර්මිට් එකටයි දේශපාලනයටයි විදයම් කරපු ගාන හොයාගන්න මේකට කාටවත් එන්න දෙන්නෙ නෑ.
ප්‍රවාහන ඇමතිතුමනි..., ඔය තොරොම්බොල් ගලවනවා වගේ බස්රථ කර්මාන්තයත් මේ මාෆියාවෙන් නිදහස් කරලා: දියුණ බස්රථ සේවාවක් වගේ ම සුහදශීලි පහසු යාවත්කාලීන ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් කරන්න. ඒ කියලා සියල්ල ම ජනසතු කරලා රජයට අරං පිස්සු නං කෙළින්න එපා. මෙහි තියන බාධා ඉවත් කරන්න; සංගම් හදාගෙන ඒකාධිකාරි පාලනය ඉවරකරන්න නීති හදන්න. අවශ්‍ය තීරුබදු සහන ලබා දී ප්‍රමිතියෙන් යුත් බස් රථ ආනයනයට Support කරන්න. ලංගමය සහ දුම්රිය ප්‍රතිව්‍යුහගත කරලා පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කර රටට අවශ්‍ය ශක්තිමත් පොදු ප්‍රවාහනය ගොඩනගන්න. බලපත්‍ර ජාවාරම කඩමු; ඇති නොවෙන්න ඉඩ දෙමු.
(වචන | Janath C perera)
janath@advocata.org
උපුටා ගැනීම - ඇඩ්වොකාටා AdvocataPlus ෆේස්බුක් පිටුවෙන්..




