The Leader News
BREAKING
Top Ad
Opinion

චණ්ඩියෙක් යනු ක්ෂිතියක් ද? - (මහේෂ් හපුගොඩ )

T

The Leader Desk

March 1, 2022 • 8:06 AM

චණ්ඩියෙක් යනු ක්ෂිතියක් ද? - (මහේෂ් හපුගොඩ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • @Clint Eastwood (තරුණ ක්ලින්ට් ඊස්ට්වුඩ් ට වඩා මම ආසයි වයස්ගත කෙනාට. ඒ නිසා මේක දැම්ම - මහේෂ්)
  • ලංකාවේ සමාජය ඇතුලෙත් මේ වගේ වීරයෝ ඉන්නවා.
  • ශිෂ්ට බව ඉක්මවා ගිය යම් චන්ඩි බවක් ඒ අය ඇතුලෙත් දකින්න පුළුවන්.
  • මනමේ කුමරිය උණත් අර ජව සම්පන්න වැදි රජුට ආශා කරන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විජය කුමාරණතුංග, ගාමිණි ෆොන්සේකා, ජීවන් කුමාරණතුංග, උතුවන්කන්දේ සරදියෙල්, රොබින් හුඩ්, මෙල් ගිබ්සන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් යන ඕනෑම කෙනෙක් ගත්තොත් එක් අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවක චන්ඩියෙක්ගේ භූමිකාව රඟපාල තියනවා.

තවත් සුවිශේෂ කළොත් එයාල 'පුරුෂ චන්ඩි' කියල කියන්නත් පුළුවන්.

ඒ ගොඩක් අවස්ථාවල එයාල ජීවිතය වෙනුවට මරණය තෝරා ගන්නවා. හෝ ඒ මරණයේ දිශාව තෝරා ගන්නවා.

එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ඔවුන් උත්කෘෂ්ට සංකේතනයක් (sublime existence) ලබා ගන්නේ ඒ නිසා. චන්ඩිකම ගොඩක් වෙලාවට මරණය එක්ක බැඳිලා තියන දෙයක්. යම් 'සමුරායිකරණයක්' ඒ තුළ තියනවා (දැනට මේ ගැන ලියමින් යනවා).


මේ අනුව චන්ඩිකම කියන්නේ සම්පුර්ණයෙන් ජන සමාජයකින් ඉවත් කළ හැකි දෙයක් නෙවෙයි. ඕනෑම සමාජයක මේ මරණයට බය නැති මිනිස්සු, ජීවිතය යම් අරමුණක් වෙනුවෙන් කැප කරන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙච්ච, ජීවිතයට වඩා වෙනත් අරමුණක් වැදගත් කියල හිතපු අය ඒ සමාජයේ යම් වීරත්වයක් ලබා තිබෙනවා. ඒ වීරත්වය ප්‍රාථමික ආකාරයකින් නම් දේවත්වයක් දක්වා පවා ගමන් කරලා තියනවා.


ලංකාවේ සමාජය ඇතුලෙත් මේ වගේ වීරයෝ ඉන්නවා. ඉඳල තියනවා. ශිෂ්ට බව ඉක්මවා ගිය යම් චන්ඩි බවක් ඒ අය ඇතුලෙත් දකින්න පුළුවන්. එයාල පුර්ණ වශයෙන් සුදු චරිත නෙවෙයි. වැදගත් දෙයක් ඒක. එයාල සම්පුර්ණයෙන් සුදු චරිත වුණොත් මම හිතන්නේ අර චන්ඩි ගතිය නැති වෙලා යනවා.

මේ අනුව චන්ඩි ගතිය කියන්නේ මට ක්ෂිතියක් නෙවෙයි. මනුෂ්‍ය පැවැත්මේ එක පැතිකඩක්. තරණය කළ යුතු දෙයක්. ජවයක්. මනමේ කුමරිය උණත් අර ජව සම්පන්න වැදි රජුට ආශා කරන්න ඇති. ඒක මරු....

මනමේ කුමරිය, කුමරා සහ වැදි රජු යන හැමෝම යම් නිශ්චිත නිමේෂයක පැවැත්මේ එක්තරා අහඹු කොරිඩෝවක ගමන් කරපු තුන් දෙනෙක් (passage of contingency).

ක්ලින්ට් ඊස්ට්වුඩ් මුලින් කරපු ෆිල්ම් නෙවෙයි පස්සේ කළේ. ඔහු ඒ කොරිඩෝව ඇතුලේ ගමන් කරපු කෙනෙක්. මිනිස්සු කාලය එක්ක ලිබිඩෝව සකස් කර ගන්නවා.

Clint Eastwood - Turner Classic Movies

@Clint Eastwood (තරුණ ක්ලින්ට් ඊස්ට්වුඩ් )

 

මිනිසා හැමවිටම පැවැත්ම ඇතුලේ අරගලයක ඉන්නේ. ඔහු හැම මොහොතකම රූපාන්තරණය වෙනවා. ඉස්කෝලේ යන කාලේ 'පිටස්තරයා' නවකතාව කියවපු විදියට නෙවෙයි දැන් මම ඒක කියවන්නේ. අත්දැකීම් සහ අවබෝධය එක්ක ලෝක දැක්ම වෙනස් වෙනවා. ඒ සඳහා ඉඩක් හැම සමාජයකම තියෙන්නේ ඕනි.

අනිත් එක යම් යම් අර්බුද වලට (ජිවිතයේ සහ පොදු සමාජයේ) මුහුණ දීමත් එක්කත් ජීවන ලෝකය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිස් පරිවර්තනයන් සිදු වෙන්නේ තනි පුද්ගල අවබෝදය එක්ක. අත්දැකීම බාහිර සමාජයෙන් ආව උණත් වෙනස් විය යුතු පිළිවෙල ගැන නැවත හැරී බලන්නේ මිනිසා තනි පුද්ගලයෙක් හැටියට.

Ukraine president Zelenskyy speaks with Modi, seeks India's support at  UNSC- The New Indian Express


යුක්‍රේන ජනාධිපතිගේ උදාහරණය මම ගත්තේ යම් පුද්ගල විපරිණාමයක් පෙන්නන්න. අර්බුදය ඇතුලේ ඔහු ලෝකයේ කතා බහට ලක්වෙන ආකාරය පෙන්වන්න. ඔහු කුසලතා වර්ධනය කර ගන්නා ආකාරය පෙන්වන්න. අපේ මිනිස්සු අර්බුද ඇතුලේ තව තව ගර්හිත වෙන එක පෙන්නන්න.


මම යමක් ලියන්නේ සාමුහික කතා බහක් ඇතුලේ නෙවෙයි. තනි පුද්ගලයෙක් හැටියට. මොකක් ලියන්න ඕනිද මොකක් පරිවර්තනය කරන්න ඕනිද කියල තීරණය කරන්නෙත් එහෙමයි.

මම ලියන කියන දේවල් අනිවාර්ය වශයෙන් මාක්ස්වාදී හෝ මනෝවිශ්ලේෂණ හෝ වෙනයම් න්‍යායක් එක්ක සමපාත වෙන්න ඕනි කියල මම හිතන්නේ නැහැ. ලෝකය දිහා ගොඩක් ලෙන්සස් පාවිච්චි කරලා බලන්න පුළුවන්. හැම ලෙන්ස් එකක්ම එක් එක් තැනදී වෙනස් වටිනාකම් සහිත වෙන්න පුළුවන්.

ඒ වගේම සමාජයක් කොතැනට යා යුතුද කියන එක ගැන මට අදහසක් නැතුවත් නෙවෙයි. ෆේස්‌බුක් එක හොඳම තැන නොවන බව නොදන්නවත් නෙවෙයි. ඒත් මම දැනට තෝරාගෙන තියෙන මාවත ඒක.

සමස්තයක් ඇතුලේ යුක්‍රේනය රුසියාවෙන් වෙන් වෙනවටත් තායිවානය චීනයෙන් වෙන් වෙනවාටත් මම කැමතියි. ඒ අනුව තමයි යුක්රේන ජනාධිපති ගැන පළවෙලා තිබ්බ අර ළිපිය මම සරළ කරලා දැම්මේ.

ඒ නව නිදහස් රටවල් වඩාත් පශ්චාත් පුනරුද යුරෝපිය වටිනාකම් එක්ක ගමන් කරනවාටත් මම කැමතියි. බෞද්ධයෙකුට ඒ වටිනාකම් එක්ක ගමන් කරන්න තවත් ලේසියි.

මාව කියවන සියළු පාඨක ප්‍රජාවට ස්තුති. මාව උපුටන සියලු වෙබ් සහෝදර සහෝදරියන් ට ස්තුති. රික්වෙස්ට් ගොඩක් පෙළ ගැහිලා තිබ්බත් ඒවා ඔක්කොම ගන්න විදියක් නැහැ. දැනට ඔයාල ෆලෝ ඔප්ෂන් එකේ ඉන්න.


සුබ දවසක්!


Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :


හැමෝටම චන්ඩි තමයි ඕනේ කියන්නේ! - (Geethika Dharmasinghe)

වොලොදිමීර් සෙලෙස්න්කි: ප්‍රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා -(Mahesh Hapugoda)

 

 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...