The Leader News
BREAKING
Top Ad
Opinion

පාස්කු ඉරිදා : 'COMING SOON වීඩියෝවට' ගොට්ටෝ මෙච්චර බය ඇයි ?

T

The Leader Desk

November 1, 2019 • 3:47 AM

පාස්කු ඉරිදා : 'COMING SOON වීඩියෝවට' ගොට්ටෝ මෙච්චර බය ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ප්‍රහාරකයන් සමඟ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සම්බන්ධයක් තිබූ බවට වූ මඩ වීඩියෝ පටයක් එජාපෙ ප්‍රචාරක ව්‍යාපාරය නිකුත් කිරීමට නියමිත බවට
  • එහිදී මෙම වීඩියෝ පටයට අදාළ කරුණු කීපයක්ද පොදුජන පෙරමුණ පාර්ශවයෙන් කියා ඇත.
  • ඉන් එකක් වන්නේ එජාපෙ ප්‍රචාරක අංශ ප්‍රධානියෙකු වන තුෂාර වන්නිආරච්චි මෙය කරන බවය.
  • තුෂාර වන්නිආරච්චි ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් පවසා ඇත්තේ ඔහුට එල්ලවී ඇති චෝදනාව පිළිබඳ පරීක්ෂා කරන ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියන්නට පටන් ගෙන ඇත.

එහිදී මෙම වීඩියෝ පටයට අදාළ කරුණු කීපයක්ද පොදුජන පෙරමුණ පාර්ශවයෙන් කියා ඇත. ඉන් එකක් වන්නේ එජාපෙ ප්‍රචාරක අංශ ප්‍රධානියෙකු වන තුෂාර වන්නිආරච්චි මෙය කරන බවය.

තුෂාර වන්නිආරච්චි ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් පවසා ඇත්තේ ඔහුට එල්ලවී ඇති චෝදනාව පිළිබඳ පරීක්ෂා කරන ලෙසය.

සැබෑ ලෙසම ගෝඨාබය රාජපක්ෂට එරෙහිව එවැනි වීඩියෝ පටයක් නිර්මාණය කළාද? නිර්මාණය කරන්න යනවාද යන්න ගැන නිශ්චිත කරුණු තවමත් නැත. එහෙත් රාජපක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතිය මේ කරුණ ගැන දැඩි බියකට හා තැතිගැස්මකට ලක්වි ඇත.

''බොරුවක් නම් බිය විය යුතු නැත''

බොරුවක් සම්බන්ධයෙන් නම් යමෙකු එතරම් බිය විය යුතු නැත. ඒ එම බොරුව බිඳහෙළීම සඳහා කරුණු ඉදිරිපත් කළ හැකි බැවිණි. එම බොරුව නිර්මාණය කළ වුන්ට එරෙහිව නීතිමට වශයෙන් කටයුතු කළ හැකි බැවිණි.

දැනටමත් සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාර කල්ලිය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණ වන්නේ ඔවුන්ට බුද්ධි අංශ ඔත්තුකරුවන් වශයෙන් රාජපක්ෂ කාලයේදී පහසුකම් සපයමින් දීමනා ගෙවා ඇති බවයි. test 61

දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා බලයට පත්වූ පසු තවත් කොමිසමක් පත්කරනවා යැයි කාදිනල් හිමිට පොරොන්දු දී ඇත්තේ එම ඔත්තුකරුවන් අයත්ව සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂය.
එවකට ආරක්ෂක ඇමති සේනාධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා සයින්දමරුදුහි පැවති ප්‍රචාරක රැළියකදී ප්‍රකාශ කර ඇත්තේ පාස්දු ප්‍රහාරයෙන් පසු සිකුරාදා දිනයේ ඉතිහාසයේ පළමු වතාවට පල්ලි යෑමට මුස්ලිම් ජනතාවට නොහැකි වූ බවත්, එයට වගකිව යුත්තේ බෝම්බ පුපුරවාගත් සහරාන්ලා නොවන බවත්, බෝම්බ පුපුරන බව දැන දැනම නිදාගෙන සිටි පාලකයන් බවත්ය.

මහින්ද කියපු කතාව වෙන කෙනෙක් කිවා නම් ......

මෙවැනි ප්‍රකාශයක් සිංහල බෞද්ධ අයෙකුගෙන් පිට අයෙකු කීවා නම් ඊට ලැබෙන මාධ්‍ය අනුග්‍රහය මෙන්ම ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වන්නට පැමිණෙන විද්වතුන්ගේද අඩුවක් දකින්නට ලැබෙන්නේ නැත. බොහෝ විට කාදිනල් හිමිගේ ශ්‍රී මුඛයද ඊට ප්‍රතිචාර දක්වනු ඇත. නැතහොත් වෙනත් කතෝලික පූජකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති සමාජ හා සාමයික කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ පියතුමා කී ලෙසම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රජපක්ෂද බුද්ධි තොරතුරු දැන සිට ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂවරුන් දැන් කරන්නේ ජනාධිපතිවරණය ජයගැනීම සඳහා කතෝලික ජනයාගේ ඡන්ද ලබා ගැනීමට බොරදියේ මාළු බෑමේ කටයුත්තක් ලෙසය.

(උපුටා ගැනීම : අනිද්දා-ලසන්ත රුහුණගේ)
වීඩියෝ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ඉරිදා : 'COMING SOON වීඩියෝවට' ගොට්ටෝ මෙච්චර බය ඇයි ? | The Leader