The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිසෙකුට රටක් විය හැකි ද? - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 13, 2022 • 10:08 AM

මිනිසෙකුට රටක් විය හැකි ද? - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ ජීවිත කාලේ තමන් ජීවත් වන රට ඇස් පනාපිට කඩා වැටෙනවා දකින එක සුළුපටු කරුමයක් එහෙම නෙවෙයි. ඒක කෙනෙක් නොපැතිය යුතු
  •   U2 බෑන්ඩ් එකේ බෝනෝ එක තැනකදී කියනවා 'ඇමෙරිකාව කියන්නේ රටක් නෙවෙයි අදහසක්' කියල.
  • අපි මේ රටේ ජීවත් වෙනකොට මේ රට මොකක්ද කියන වියුක්ත අදහස ඇතුලේ නෙවෙයි ජීවත් වෙන්නේ.
  • මිනිස්සු චලනය වෙන්නේ ඒ අදහස ඇතුලේ නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවාසනාවක්.

තමන් උගන්වපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකා පස්සේ එකා පිටරට යන්න රෙකමන්ඩේෂන් ඉල්ලන කොට මේ රටේ ඉඳල මේ රටට සේවය කරන්න කියල එයාල උපාධි ගත්ත අන්තිම දවසේ කිව්ව දේ ගැන දැන් පසුතැවීමක් එනවා. ඒත් එයාලට ඉන්න කියල කියන්නේ කොහොමද දවසින් දවස කන්න තියන වේල පවා අහිමි වෙලා යනකොට.

 

U2 බෑන්ඩ් එකේ බෝනෝ එක තැනකදී කියනවා 'ඇමෙරිකාව කියන්නේ රටක් නෙවෙයි අදහසක්' කියල. බ්‍රිතාන්‍යය කියන්නේ රටක්. අයර්ලන්තය කියන්නේ රටක්. ඒ වගේ විශිෂ්ට රටවල් ගොඩක් තිබුණට ඒවා රටවල් මිසක් අදහසක ප්‍රථිපල නෙවෙයි කියල. හැබැයි ඇමෙරිකාව කියන්නේ රටකට වඩා අදහසක් කියල.

 

හිඟා කන්න වුණත් රටක් තියෙන්න එපැයි කියල කිව්වට ඔය කියන රට කොයිවගේ වෙන්න ඕනිද කාටවත් අදහසක් නැහැ. ඒකයි අද ලංකාව මෙතන තියෙන්නේ.

රටක් කියන්නේ ගලක් උඩ සිංහයෙක් හදන එකම නෙවෙයි. ලෝකේ ලොකුම සිංහයා හදන එකත් නෙවෙයි.

මම හිතන්නේ අපිට රටක්වත් අදහසක්වත් කියන දෙකින් එකක්වත් නැහැ. අපි මේ රටේ ජීවත් වෙනකොට මේ රට මොකක්ද කියන වියුක්ත අදහස ඇතුලේ නෙවෙයි ජීවත් වෙන්නේ. මිනිස්සු චලනය වෙන්නේ ඒ අදහස ඇතුලේ නෙවෙයි.

අපි ඕනෑම වැඩක් කරනකොට අපේ රට කියන්නේ මෙන්න මේ අදහස කියල හිතේ තියාගෙන ඒ වියුක්ත අදහස පෝෂණය කරන විදියට නෙවෙයි අපි වැඩ කරන්නේ. මෙතන තමයි 'රට' කියල අදහස් කරන දෙය පුද්ගලයා හරහා ප්‍රක්ෂේපනය වෙන්නේ.

ඒ කියන්නේ ඒ රට කියන 'අදහස' ඇතුලේ පුද්ගලයෙක් නිර්මාණය කරනවා. පුද්ගල චලනයක් පුද්ගල රිද්මයක් නිෂ්පාදනය කරනවා. ඒ පුද්ගලයා කරන කියන දේවල් වලින් අර රට කියන 'අදහස' නැවත ස්ථාපනය වෙනවා.

නැතුව රට කියන්නේ මේකයි කියන වියුක්ත අදහස භෞතික ලෝකයේ ප්‍රතිනිර්මාණය කරන්න වෙන විදියක් නැහැ. 

 

ලොකුම සල්ලිකාරයා යම් රටක හිටියට වැඩකුත් නැහැ. උගතා හිටියට වැඩකුත් නැහැ. වටිනාකම් සහිත මිනිස්සු ඒ සමාජය බිහි කරන්නේ නැත්නම්.

 

ඒ නිසා බෝනෝ කියනවා ඇමෙරිකාව කියන 'අදහස' ඇත්තක් කියල පේන්නේ ඒ රටේ ඉන්න යම් යම් මිනිස්සු එක්ක බලද්දී කියල. ඉන් එක මිනිහෙක් බෲස් ස්ප්‍රින්ස්ටීන් කියල. බෲස් කියන්නේ ඇමෙරිකානු සිහිනයේ ම ප්‍රථිපලයක් නෙවෙයි. එහි විලෝමයේත් ප්‍රථිපලයක්.

අවලස්සන ඇමෙරිකානුවෝ ගැන කතා නිතර ඇහෙන නිසයි මේක ලියන්න හිතුවේ. ?




Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...