The Leader News
BREAKING
Top Ad
Opinion

අර්බුදය දාර්ශනිකකරණය කිරීම - දීප්ති කුමාර ගුණරත්න

T

The Leader Desk

March 28, 2022 • 5:15 AM

අර්බුදය දාර්ශනිකකරණය කිරීම - දීප්ති කුමාර ගුණරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින ‘ආර්ථික අර්බුදය’ තමන්ට වාසි සහගත ආකාරයට අර්ථකතනය කිරීමේ තරගයක් දේශපාලකයන් අතර බිහි වී ඇත. මේ තරගයේ මූලික
  •   1 පවතින ධනවාදයට විකල්පයක් නැත.
  •   2 ඡන්දයක් ළං වන විට, නැවත සිංහල ජාතිවාදය මතුකොට මැතිවරණයේ මතවාදී සැකසුම විකෘති කිරීම.
  •   ඉහත මූලික ධ්‍රෑවීයකරණය යටතට ලංකාවේ විපක්ෂය බෙදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොන්දේසි දෙකක් මග හැර යාමට සියලු දෙනා උත්සාහ දරති.

 

1 පවතින ධනවාදයට විකල්පයක් නැත. එම නිසා, අප ජීවත් වන්නේ ස්වභාවික ධනවාදයක් තුළ ය. මේ ස්වභාවික ධනවාදය තුළ ‘රාජ්‍ය ධනවාදය’ තරගකාරී ධනවාදයටත් වඩා ස්වභාවික ය.

 

2 ඡන්දයක් ළං වන විට, නැවත සිංහල ජාතිවාදය මතුකොට මැතිවරණයේ මතවාදී සැකසුම විකෘති කිරීම. මෙතැන දී, ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, විමල්-ගම්මන්පිල වැනි පසමිතුරන්ට එකට සිට ගත හැකි ය.

 

ඉහත මූලික ධ්‍රෑවීයකරණය යටතට ලංකාවේ විපක්ෂය බෙදී ඇත. ඔවුන් සියලු දෙනා සතු මුඛ්‍ය ලක්ෂණය වන්නේ, ‘රාජපක්ෂ විරෝධය’ යි. ‘අනුර කුමාර සහ සජිත් පේමදාස’ අතර වෙනසේ සිට ‘කුමාර් සහ බිමල් රත්නායක’ අතර වෙනස දක්වා වූ බහුවිධ වෙනස්කම් අතර පොදු ගුණාකාරය ”රාජපක්ෂ  විරෝධය ”යි.


''මේ කටුක ඇත්ත සගවන්නේ කවුද ඒ තැනැත්තා තක්කඩියෙකි.''


රටේ දැනට පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදයේ නිර්මාතෘවරුන්, එහි විවේචකයන් බවට පත්වීම හාස්‍යජනක තත්වයකි. ලංකාවේ පසුගිය දශක දෙකක පමණ ගත වූ ඉතිහාසය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් පරික්ෂා කරන්නේ නම්, ‘ධනේශ්වර විරෝධය’ දෙමළ විරෝධයක් දක්වා විස්ථාපනය කරවන ලද්දේ, එවකට ජවිපෙ නායක මණ්ඩලය තුළ සිටි කුමාර් ගුණරත්නම් ඇතුළු නඩය යි. මෙම කටුක ඇත්ත සගවන්නේ කවුද ඒ තැනැත්තා තක්කඩියෙකි.

අනුර කුමාර යනු, අන්තිම මොහොත දක්වා කුමාර් සමග සිට ගේමක් ගසා කුමාර්ට ඇරිය පුද්ගලයා ය.

එය, 90 දශකය මුල දී රෝහිත භාෂණ ද සමග අන්තිම මොහොත දක්වා සිට ගේමක් ගසා මාරු වූ විමල් වීරවංශ පිළිබඳ මතකය නැවත අවදි කරවයි.

 

ඒ අනුව, අනුර කුමාර සහ විමල් යනු, පක්ෂ අභ්‍යන්තර සමාජ විද්‍යාවට අනුව සමානයන් ය. අනුර ‘ජගත් මනුවර්ණට’ කෝට් අන්දවා ගොන් කතා කියවන ලද පරිදිම, වීරවංශ ගුණදාස අමරසේකර ලවා ජාතිය ගැන ගොන් කතා කියවා ගන්නා ලදී. මේ අය, ඒ අර්ථයෙන්, යථාර්ථවාදීන් ය. මේ අයගේ සතුරන් පටු අර්ථයෙන්, විඥාණවාදීන් ය. (ආරක්ෂක වියදම ගැන කතා නොකර පොහොර සහනාධාරය ගැන කතා කිරීම)

 

අපි ලංකාවේ මාධ්‍ය සහ වෙනත් බුද්ධිමය කව විසින් පුම්බන දේශපාලකයන්ට ඉතාම තීරණාත්මක අභියෝගයක් ලබා දුන්නෙමු. එය ඉතා සංක්ෂිප්තව මෙසේ ය.


“ තොපේ රාජපක්ෂ විරෝධයට එපිටින් ගිය සමාජ-ආර්ථික වැඩසටහන කුමක්ද ?”


sdw

මෙතැනදී, අනුර කුමාරගේ ගෝලයන්ගේ සිට සජිත් ප්‍රේමදාසගේ හෙන්චයියන් දක්වා තක්කඩින් දක්වා පිරිස අප රාජපක්ෂවාදීන් යැයි හංවඩු ගසනවාට වඩා අමතර උත්තරයක් ලබා දී තිබේ ද?

අනුර කුමාර ‘මහ බැංකුවේ’ බැඳුම්කර ගැන දන්නා ප්‍රමාණය ගැන ප්‍රශ්න තිබුණත්, ඔහු රනිල් අරබයා ගෙනෙන විවේචන මොහොතකට හරි යැයි සිතමු. එනම්, රනිල් යනු, මහ බැංකුව මහ දවල් හොරා කාපු  එකා ය. එසේ නම්, අපට අනුර කුමාරගෙන් සහ හරිණිගෙන් මෙසේ ඇසීමට හැකි ය.

වසරකට ලංකාවේ රාජ්‍ය ආදායම් සහ මූල්‍ය විනය කාබාසිනියා කරන රාජ්‍ය ධනවාදී ආයතන විශාල සංඛ්‍යාවක් ඇත. ඉන්, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය, දුම්රිය, ලංගම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රජයේ ගුරුවරු, විශ්ව විද්‍යාල, ශ්‍රී ලංකා රේගුව, ලංකා බැංකුව, මහජන බැංකුව යන ආයතන වාර්ෂිකව රජයට සහ බදු ගෙවන අයගේ සල්ලි රුපියල් ට්‍රිලියන ගණනක් කාබාසිනියා කරති. මේ ආයතන තුළ පවතින වෘත්තීය සමිති වලින් ජවිපෙ ලබන අරමුදල් යනු ද රාජ්‍ය මුදල් වක්‍රව හොරා කෑමක් නොවේ ද?



රටේ වැඩකරන ජනගහණයෙන් 60% ක් රජයට එකතු කරන ආදායම 14%ක් වන පරපෝෂිතයන්ට ලබා දෙන විකෘති අසාධාරණ දේශපාලන-ආර්ථිකය ගැන අනුර කුමාර, හරිණි සහ ජවිපෙට සහ පෙරටුගාමීන්ට කඩේ යන ඊනියා විශ්ව-විද්‍යාල බුද්ධිමතුන් කියන්නේ මොනවා ද?

 

අප දැනට දන්නා පරිදි, මේ ප්‍රශ්න වලට මේ අය පිළිතුරු දෙන්නේ නැත. ඒ නිසා, මේ අය රාජ්‍ය ධනවාදය සුජාත කර ජනගහණයෙන් වැඩි පිරිසකගේ දුක් අදෝනා මාධ්‍ය හරහා ගසා කන තක්කඩින් ය.

 

සැලකිය යුතුය:


ඩොලරයේ විකුණුම් අගය තවම 294.99 මට්ටමේ ඇත. එය 300 ට වැඩි වුවහොත්, ඒ ගැන අපි කතා කරමු. අප ගැන නිර්නාමිකව කතා කරන අය ‘නිශාන් ඩි මෙල්’ ගැන ද කතා කළ යුතු ය.



69376348 1376490949155690 4348763487959252992 n(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)


 
 
 
 

Leader Whats app


 

 

 


 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...