The Leader News
BREAKING
Top Ad
Opinion

යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම

T

The Leader Desk

October 18, 2019 • 5:10 PM

යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග්‍රහණය ප්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ය.
  • එහෙත් ඒ දෙක එකිනෙකින් මුළුමණින් වෙනස් බව කෙනෙකු තේරුම්ගත යුතුය.
  • ඒවා ප්‍රජාතන්ත්‍රවාදයක නැතිවම බැරි දේවල් ය. අනිත් අතට, හමුදාවක් තුළ ඇති පාලනයක් යනු, නියෝග පැනවීම සහ නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ අභ්‍යාසයකි.
  • එනම්, යුද ව්‍යායාමයක යෙදුණු පුද්ගලයෙකු රටේ නායකත්වයටත් සුදුසු වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ජයග්‍රහණයේ සම්මානය ඉල්ලා සිටීම, මැතිවරණයක් ආසන්න වන විට, තව තවත් තීව්‍ර වෙයි. 

මෙවර සිදුවන්නේද එයමයි. ඒ නිසා, ජනාධිපතිවරණයේ ප්‍රචාරක අවියක් වශයෙන් යුද ජයග්‍රහණය පාවිච්චියට ගැනීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් තහනම් කිරීම සඳහා මේ අවස්ථාවේ මුල් පියවර ගැනීම යහපත් ලක්ෂණයකි. මේ යුද්ධය තුළ, සෑම ජන වර්ගයකටම අයත් දහස් ගණන් පවුල් අනේක අහිමිවීම්වලට මුහුණදී ඇත. සමහරු තවමත් තමන්ගේ ඛේදවාචක අවසානයක් කර ගැනීමට නොහැකිව සිටිති. ඒ අතරින් ප්‍රධාන වන්නේ, අතුරුදහන් වූවන්ගේ පවුල් ය. ඔවුන්ද අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කොටස්කරුවන් ය. 

යුද්ධය ජය ගැනුණේ, සමස්ත රටම කරන ලද කැප කිරීම් සහ තමන් වෙත එළැඹෙන දුක් පීඩා කවුරුත් නිරතුරුව විඳ දරාගෙන සිටීම නිසා ය. එබැවින් ඒ ජයග්‍රහණය එක පුද්ගලයෙකුට හෝ එක පවුලකට හෝ එක පක්ෂයකට අයත් වන්නක් නොවේ. ඒ නිසාම, එම ජයග්‍රහණය කිසිවෙකුගේ දේශපාලනික න්‍යාය පත්‍රයක කොටසක් වශයෙන් පාවිච්චියට ගැනීමට හැකි දෙයක් ද නොවේ.  

මෙසේ යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීම, හුදෙක් ඒ ඒ පක්ෂ එහි අයිතිය කියාගැනීමට පොරකෑමක් පමණක්ම නොවේ. යුද්ධයේදී මෙන්ම වෙනත් ක්ෂේත්‍රවලදීත් තමන්ට සුරුවිරුකම් දැක්විය හැකි බවක් කියාපෑමටත් ඒ යුද ජයග්‍රහණය පාවිච්චි කරනු ලැබේ. 

හරියට, යුද්ධයක් ජයග්‍රහණය කිරීමට කෙනෙකුට හැකි වීම නිසාම, වෙනත් දේවල් ජයග්‍රහණය කිරීමටත් හැකියාවක් කෙනෙකුට ඇතැයි කියන්නා සේ ය. තවත් විදිහකින් test 27කිවහොත්, යුද්ධයක් ජයගත හැකි පුද්ගලයාට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකත් ජයගත හැකි යැයි කියන්නා සේ ය. එහෙත් ඒ දෙක එකිනෙකින් මුළුමණින් වෙනස් බව කෙනෙකු තේරුම්ගත යුතුය.

ආයතනික පද්ධතියක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ඉල්ලා සිටින්නේ සිවිල් අවකාශයක කටයුතු කළ හැකි පුද්ගලයන් ය. එම සිවිල් අවකාශය තුළ විසම්මුතිය (වෙනස් අදහස් දැරීම) තිබේ. සාකච්ඡා සහ සංවාද තිබේ. වගවීම තිබේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයක නැතිවම බැරි දේවල් ය. අනිත් අතට, හමුදාවක් තුළ ඇති පාලනයක් යනු, නියෝග පැනවීම සහ නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ අභ්‍යාසයකි. ඒ නිසා, එවැනි තත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් සමග අනන්‍ය කිරීම සපුරා සාවද්‍ය ය. එය, පොදු මහජනතාව තුළ බොහෝ ප්‍රශ්න ඇති කැරැවීමට තුඩුදෙනු ඇත. 

ශ්‍රී ලංකාව, මොන තරම් දේශපාලනික පල්ලම් බැසීම් තිබුණත්, සිවිල් නායකයන් විසින් පාලනය කරනු ලබන, සංවරණ සහ තුලන පද්ධති ක්‍රියාත්මක වන, මාධ්‍ය නිදහසක් පවතින, ස්වාධීන අධිකරණයක් සහ ස්වාධීන රාජ්‍ය සේවයක් සහිත, ප්‍රජාතන්ත්‍රවාදී රටකි.

යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හමුදාමය කර්තව්‍යයකදී සාර්ථකත්වයක් ලැබීම, ඉහත කී සරුසාර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළත් එවැනිම සාර්ථකත්වයක් ලබතැයි අඟවන අනිවාර්ය පෙරනිමිත්තක් නොවේ. ලංකාවේ තිබිය යුත්තේ, කාර්යක්ෂමව ක්‍රියාත්මක කෙරෙන, ආයතන පද්ධති මත පදනම් වූ, ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයකි. 
මේ දවස්වල අපට නිතර අසන්නට ලැඛෙන කතාවක් තිබේ. එනම්, යුද ව්‍යායාමයක යෙදුණු පුද්ගලයෙකු රටේ නායකත්වයටත් සුදුසු වන බවයි. යුද ජයග්‍රහණයක් පිළිබඳ අසීමිත ඔල්වරසන් දීමක් තුළ සිදුවන්නේ, ආයතනික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ තිබිය යුතු ලෞකික ස්වභාවය දිය වී යාමයි. 

test28එසේම, නෛතික රාමුවක පවතින වගවීමත්, ජනතාව කෙරෙහි පවතින වගවීමත්, එවැනි වටාපිටාවක් තුළ හීන විය හැකිය. මේවායේ එතරම් වැදගත්කමක් ඇතැයි බැලු බැල්මට නොපෙනිය හැකි වෙතත්, රටක පුද්ගලයන්ගේ නිදහස සහ අයිතීන් සුරක්ෂිත කෙරෙන්නේ එවැනි වගවීමක් සහ නෛතික රාමුවක ස්ථායී භාවයත් මගිනි.

ජනතාව බලගැන්වෙන්නේ සහ නිවැරදි මාවතේ යාම සඳහා ඔවුන්ගේ හඬට නියෝජනයක් ලබාදෙන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක් තුළ ය. එවැනි යාන්ත්‍රණයන් නොමැති තැන ප්‍රජාතන්ත්‍රවාදය මියැදෙන්නේය. 
මේ ක්‍රමයේ පැවැත්ම සඳහා මැතිවරණ අත්‍යාවශ්‍ය වන්නේය. එය, තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ජනතාවට ලැඛෙන මහඟු අවස්ථාවකි. එවැනි මැතිවරණයක් තුළ රාජ්‍ය සේවකයන් ඇතුළු හමුදා ප්‍රධානීන් අගතිගාමී වන බවක් ප්‍රදර්ශනය නොවිය යුතුය. 

ඒ පසුබිම තුළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇත්තේ, සාමූහිකව අත්පත් කරගත් ජයග්‍රහණයක් දේශපාලනික අවශ්‍යතා සඳහා පාවිච්චි කිරීමට ඉඩ ලැඛෙන අවකාශය ඇහිරීමයි. එහෙත් එකී සිරිත බොහෝ කාලයක් තිස්සේ මිනිසුන්ගේ හිත්වල මුල්බැසගෙන තිබී ඇති නිසා දැන් එය ඉවත් කිරීමත් පහසු නැත.

(2019 ඔක්තෝබර් 18 වැනි දා 'ඩේලි එෆ්.ටී.' පුවත්පතේ පළවූ “Depoliticising the War Victory" නමැති ලිපියේ සිංහල පරිවර්තනය ('යහපාලනය ලංකා' අනුග්‍රහයෙනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...