(මංගල සමරවීර, යාපනේදී කළ 'ප්‍රෝඩාභය' ප්‍රකාශය ඇසුරෙනි)
කවදා හරි දවසක
තමුන්ගෙ අතින් වෙච්ච වරදක් නිසා
ඔබට වරදකාරී හැඟීමක් ඇතිවෙලා තියෙනවද? 
තමුන් වංචාවක් කරා,
බොරැවක් කිව්වා කියලා,
පසුතැවීමක්
ඔබ තුමන්ළගේ හිතේ ඇතිවෙලා තියෙනවද?
ඔබලා ඒ ගැන එක අබමල් රේනුවක් තරම් පසු තැවෙන්නට ඕනෙ නෑ කියලා.
ඒ මොකද දන්නවද?
ඔබ ප්‍රෝඩාකාරයෙක් නොවෙන හින්දා.
ප්‍රෝඩාවට දේශප්‍රේමයක් නෑ.
යුද්දෙ බයානකම කාලේ,
බොරැ මෙඩිකල් සෙටිෆිකේට් පෙන්නලා පණ බයේ ඇමරිකාවට පැනලා යද්දි,
එකට වැඩ කර කර හිටපු නිළධාරියොයි,
යුද්දෙට ගිහින් මරැම්කාපු නිළධාරීන්ගේ පවුල්වල අයයි,
ඒක දන්නවා.
ප්‍රෝඩාවට ජාතියක් ජම්මයක් නෑ.
තාම අයින් කරගෙන නැති,
ඇමරිකානු පුරවැසිභාවය තියෙද්දිම,
ඡන්ද නාමලේඛනයට නම දාලා දීපු,
මැදමූලන ග්‍රමාසේවක ඒක දන්නවා.
ප්‍රෝඩාවට අම්මෙක් තාත්තෙක් අදාළ නෑ.
මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු මියුසියම් එකේ විකිණෙන, 
අම්මා තාත්තාගේ ආත්ම ඒක දන්නවා.
ප්‍රෝඩාවට සහෝදරකම් නෑ.
දැනටම කැපිලා ගියපු මහින්දගේ හදවත ඒක දන්නවා.
ප්‍රෝඩාවට සදාචාරයක් නෑ.
දැන් ඔය වටකරගෙන ඉන්න
ස්ත්‍රී දූෂකයෝ,
කුඩුකාරයෝ,
මංකොල්ලකාරයෝ,
මැරයෝ
ඒක දන්නවා.
ප්‍රෝඩාවට හෘදසාක්ෂියක් නෑ.
රතුපස්වල වතුර ඉල්ලලා අඬද්දි මරා දාපු මිනිස්සු,
වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලපු නිසා මරා දාපු රොෂේන් චානක,
එක්නැලිගොඩ,
ලසන්ත,
ශ්‍රීපති,
ජෝසප් පරරාජසිංහම්,
ඒක දන්නවා.
ප්‍රෝඩාවට ආගමක් දහමක් නෑ.
සපුමල් කුමාරයාගේ කඩුව උස්සන ගිහින් මරා දාපු කෝට්ටේ පන්සලේ හාමුදුරැවෝ දෙනමත්,
සරත් ෆොන්සේකා වෙනුවෙන් කතා කරපු වරදට, 
බෝම්බ ගහනවා කියලා
තර්ජනය කරලා බය කරපු මහානායක හාමුදරැවොත්
ඒක දන්නවා.
ප්‍රෝඩාවට ආදරේ පෙන්නන්ඩ බෑ.
ලව් කරලා,
මල් කඩලා,
එස් එම් එස් ගහලා
පනිෂ්ට්මන්ට් කාපු,
රස්සාව නැති කරපු,
ස්ටාෆ් එකේ කොල්ලො කෙල්ලෝ
ඒක දන්නවා.
ප්‍රෝඩාවට කිසිම සුදුසුකමක් හෝ දක්ෂකමක් නෑ.
ප්‍රෝඩාවට රට හදන්න පුලුවන් කියලා තමන්ගේ මාධ්‍ය පාවිච්චි කරලා,
මිනිස්සු අන්දලා,
මතයක් ගොඩනගපු දෙරණෙ දිලිත් ජයවීරත්,
ප්‍රෝඩාවට කඩේ යන අනෙක් මාධ්‍යය අයිතිකාරයෝ සහ මාධ්‍යවේදියොත්
ඒක දන්නවා.
ප්‍රෝඩාවට නීතියක් නෑ.
ඊයෙ පෙරේදා උසාවියකට,
පොලීසියකට යන්න බයේ,
හැංඟිමුත්තං කරපු හැටි දන්න අධිකරණ පද්ධතියම ඒක දන්නවා.
ප්‍රෝඩාවට විළි ලැජ්ජාවක් නෑ.
පහුගිය කාලේ
නීතියට කොටුවෙයි කියලා බයේ,
ඕනෙ දෙයක් කරන්නං බේරලා දෙන්න කියලා,
ලොකුපටුවල ඉන්න අයට කොල් කර කර අඬපු විදහ දන්න මැති ඇමතිවරැ සහ,
අත් අඩංගුවට ගන්ඩ එද්දි පපුව අල්ලන් හොස්පිටල් ගිහින් කරපු රඟපෑම් දැකපු දොස්තරලා නර්ස්ලා, 
ඒක දන්නවා.
ප්‍රෝඩාවට අණක් ගුණක් නෑ.
මරාගෙන මැරෙනකන් පඩි ලබපු සහරාන්ලා,
සල්ලිවලට ඡන්ද විකුණපු ප්‍රභාකරන්ලා වගේම,
සහරාන්ලා ප්‍රභාකරන්ලා අතින් ඝාතනය උන මිනිස්සුත්
ඒක දන්නවා.
ප්‍රෝඩාවට ඇත්තේ ලේ දැකීමේ පිපාසයක් මිස,
මිනිස්සු සාමයෙන් ජීවත් වෙනවා දැකීම නෙවෙයි.
ඒදා ප්‍රෝඩාකාරයින්ගේ ජාතිවාදී කෙටවිල්ලට අහුවෙලා,
අද එකිනෙකාගෙ මූණ බලන්න බැරැව ඉන්න,
බේරැවල, අලුත්ගම, මහනුවර,
සිංහල මුස්ලිම් මිනිස්සු
ඒක දන්නවා.
ප්‍රෝඩාවට සුලු ජාතීන් දිරවන්නේ නෑ.
නිරපරාදේ මරා දාපු,
කිසි වරදක් නොකරපු,
සමහර දෙමල පවුල්වල
අහිංසක මිනිස්සු,
ඒක දන්නවා.
ප්‍රෝඩාවට දරැ කැක්කුම් නෑ.
කප්පම් ඉල්ලලා පැහැරගෙන ගිහිල්ලා මරලා දාපු දරැවොන්ගේ,
මළකඳවත් ඉල්ලලා අඩන සිංහල දෙමළ මුස්ලිම් අම්මලා
ඒක දන්නවා.
ප්‍රෝඩාවට මනුස්සකම් නෑ.
කොළඹ ලස්සන කරනවා කියලා අයින් කරපු,
කොළඹ සල්ලිකාරයින්ගේ කුණු ගිහින් දාලා හදපු,
මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා මැරැණු මිනිස්සුන්ගේ ආත්ම
ඒක දන්නවා.
ප්‍රෝඩාවට බුද්ධියක්, දුර දක්නා නුවණක් නෑ.
අයියා ජනාධිපතිවීම නිසා ලැබුණු බලයෙන් පොරක් වෙලා, 
ඒ බලය අවභාවිතා කරපු හැටි දන්න රාජ්‍ය සේවකයෝ
ඒක දන්නවා.
ප්‍රෝඩාවට ලොකු හීනමානයක් තියෙනවා.
ගෙදර ටැංකියක දාගෙන හිටපු මෝරැ දෙන්නයි,
අම්මලා මරලා දාලා
කැලෙන් අල්ලන් ඇවිත්
ගෙදර හිර කරන් ඉඳපු
අලි පැටව් ටිකයි
ඒක දන්නවා.
ප්‍රෝඩාවට වෘත්තීය ගරැත්වයක් නෑ.
බල්ලෝ බලල්ලු වගේ සැළකුම් ලබපු,
පොලිස්පතිලා හමුදාපතිලා,
ඒක දන්නවා.
ප්‍රෝඩාවට සීමාවක් නෑ.
ඒක හැමදාම තමන්ගේ සීමාවට,
සදාචාරයට, එහා ගිහින් වැඩ කරපු
ප්‍රෝඩාබය රාජපක්ෂ
ඒක දන්නවා.
ප්‍රෝඩාබය එක්ක බලද්දි,
තමන් අතින් වුනු සුලු වැරදිවලට,
ඔබලා පසුතැවිය යුතු නැ.
මොකද ඔබ ප්‍රෝඩාවට බය කෙනෙක් මිස,
ප්‍රෝඩාබය කෙනෙක්
නොවන නිසා.
සබැඳි පුවත් :
රනිල්ගේ නිව්ස් 'ප්ලාන්ට්' කලේ 'ගොට්ටෝ' - මංගල, ගෝඨාට නමකුත් පට බඳී!- 'ප්‍රෝඩාභය' (වීඩියෝ)
ඔබට වරදකාරී හැඟීමක් ඇතිවෙලා තියෙනවද?: මංගලගේ 'ප්‍රෝඩාභය' කතාවට වැඩියමක් මෙන්න
T
The Leader Desk
September 8, 2019 • 4:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රෝඩාකාරයෙක් බැවින් දේශපාලනිකව ඔහුව හැඳින්විය යුත්තේ 'ප්‍රෝඩාභය' ලෙස බවටත් ඔහුගේ අනුගාමිකයින් 'ගොට්ටෝ' ලෙසටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර යාපනයේ දී ඊයේ (07) සිදුකළ ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතාමත් නිවැරදි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු theleader.lkවෙත යොමුකර තිබු ප්‍රතිචාරයක් කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.
- ප්‍රෝඩාවට අණක් ගුණක් නෑ. මරාගෙන මැරෙනකන් පඩි ලබපු සහරාන්ලා, සල්ලිවලට ඡන්ද විකුණපු ප්‍රභාකරන්ලා වගේම, සහරාන්ලා ප්‍රභාකරන්ලා අතින් ඝාතනය උන මිනිස්සුත් ඒක දන්නවා.
- ප්‍රෝඩාවට ඇත්තේ ලේ දැකීමේ පිපාසයක් මිස, මිනිස්සු සාමයෙන් ජීවත් වෙනවා දැකීම නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


