දක්ෂතා, පෞර්ෂය, කටකාරකම, ෆැෂන්, මාකටින්, වගේ නොයෙක් නොයෙක් දේවල් පාවිච්චි කරලා පුද්ගල හැකියාව එක්ක සල්ලි හම්බුකරන්න ගත්තු එක්තරා ජනප්‍රිය ප්‍රවේශයක්.
සමහර ටියුෂන් ගුරුවරු තනිකරම මේක සල්ලි හම්බකරන තලයේම අරන් ගියේ නැහැ. ඒ වෙනුවට පුද්ගල දක්ෂතා සහ හැකියාවන් පෙන්නීමේ අවකාශයක් හැටියටත් පාවිච්චි කළා. ඒකෙන් සල්ලිත් ආව.
සල්ලි හම්බකරන එක පවක් නෙවෙයි කියන එක ධනවාදී ක්‍රමය ඇවිල්ල දශක පහක් හයක් ගෙවිලත් අපේ සමාජය අවබෝධකරගෙන නැහැ.
සල්ලි හොයන්න මිනිස්සු නොයෙක් නොයෙක් දේ කරන්න ඕනි. අත්හදා බලන්න ඕනි. හරියන්න පුළුවන්. වරදින්න පුළුවන්. නමුත් ඒ සඳහා පුළුල් අවකාශයක් තියෙන්න ඕනි.
ධනවාදයේ මූලික නිජභූමිය වෙච්ච ඇමෙරිකාව මේ මුල්‍ය වෙළඳපළ ක්‍රමයේ ආගමනයත් එක්ක එක්තරා සිහිනයක් එක්ක වැඩකළා. ඒකට කිව්වේ 'අමෙරිකන් සිහිනය' කියල. ඇමෙරිකන් සිහිනය ඇතුලේ මිනිසෙක් ද්‍රව්‍යමය - ලෞකික වශයෙන් සාර්ථක වෙන්න ඕනි ඒ සමාජයේ පවතින්න නම්.
සල්ලි මිල මුදල්, සමාජ පිළිගැනීම, පොහොසත් බව, යාන වාහන, ගැහැණු, රැකියා යන හැම දෙයින්ම මිනිසෙක් ''සාර්ථක'' වෙන්න ඕනි. මේ සාර්ථක බව වෙනුවෙන් රාජ්‍යය හැම අතින්ම පහසුකම් සපයනවා. මේක ඉතාම සංකීරණ දෙයක්. ආගමික හෝ එසේ නොවන හොඳ නරක පාදක කරගෙන පැතලි විදියට මේ දිහා බලන්න බැහැ.
ඇමෙරිකන් සිහිනය කියන්නේ හැම අතින්ම සුදු පාට දෙයක් විතරක් නෙවෙයි. එහි ගොඩක් ලොකු කළු අන්තර්ගතයක් තියනවා. මේක රාජ්‍යය නොදන්නවා නෙවෙයි. හැබැයි එහෙම යන්න දීල තියනවා. ඒ තමයි ධනවාදයේ හැටි. මේ ක්‍රමයේ ඉන්නවා නම් ඒක එක්ක ඇත්තටම ඉන්න. ගැප් එකක් තියාගෙන සැක සහිතව ඉන්න එපා.
ඇමෙරිකාව ඇතුලේ මේ ඇමෙරිකානු සිහිනයේ කළුම කළු අන්තර්ගතය බලන්න ඕනිනම් Casino (1995) කියන චිත්‍රපටිය බලන්න. ඒකෙ තියන ගුප්ත නොපැහැදිලි අඳුරු බව බලන්න නම් The Great Gatsby (2013) කියන චිත්‍රපටිය බලන්න. There will be Blood (2007) කියන්නෙත් හොඳම එකක්. තව ගොඩක් තියනවා.
මේවා සරල හොඳ නරක ඇතුලේ තේරුම්ගන්න බැහැ.
මේ චිත්‍රපටවල ඉන්න හැම චරිතයක්ම නිට්ෂයානු සරතුස්තා චරිත. මේ පවතින හොඳ නරක ඇතුලේ විතරක් ඔවුන්ගේ චරිත මනින්න බැහැ. මේ ක්‍රමය යන්නේ තමන් පුද්ගලිකව ගහන ගේම් එකේ දක්ෂතාව මත. ඒක තමයි ඇත්ත.
මේ ක්‍රමය එක්ක නම් ඉන්නේ මේ ක්‍රමය එක්ක හැමිනෙන්න යන්න එපා! Don't fuck with this system!
Image@Casino>
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
මේ ක්‍රමය එක්ක හැමිනෙන්න යන්න එපා.. | ආචාර්ය මහේෂ් හපුගොඩ
T
The Leader Desk
December 23, 2024 • 3:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දක්ෂතා, පෞර්ෂය, කටකාරකම, ෆැෂන්, මාකටින්, වගේ නොයෙක් නොයෙක් දේවල් පාවිච්චි කරලා පුද්ගල හැකියාව එක්ක සල්ලි හම්බුකරන්න ගත්තු එක්තරා ජනප්‍රිය ප්‍රවේශයක්.
- ඇමෙරිකන් සිහිනය ඇතුලේ මිනිසෙක් ද්‍රව්‍යමය - ලෞකික වශයෙන් සාර්ථක වෙන්න ඕනි ඒ සමාජයේ පවතින්න නම්.
- සල්ලි මිල මුදල්, සමාජ පිළිගැනීම, පොහොසත් බව, යාන වාහන, ගැහැණු, රැකියා යන හැම දෙයින්ම මිනිසෙක් ''සාර්ථක'' වෙන්න ඕනි.
- මේ සාර්ථක බව වෙනුවෙන් රාජ්‍යය හැම අතින්ම පහසුකම් සපයනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


