එකී සාධනය ගණිතයටත් අපහාසයකි.
එහිදී මහාචාර්ය වරයා පෙන්වාදී තිබුණේ ලංකාවේ ජනගහනයෙන් (2012 සංගණනයට අනූව) 74.9% සිංහල (බෞද්ධ හා සිංහල කතෝලික) ජනතාව වන නිසා, එකී සිංහල ඡන්ද වලින් 65% ලබා ගැනීමෙන් පමණක් 50% පහසුවෙන්ම අභිබවා යා හැකි බවයි.
මීට අමතරව ස්වදේශීය දමිළයන්ගේද කොටසක් කොහොමත් රාජපක්ෂලාට ඡන්දය දෙන නිසා ගෝඨාගේ ජයග්‍රහණය තවත් පහසුවන බවත් එතුමා දක්වා ඇත.
එමනිසා එතුමා කියා සිටින්නේ මුස්ලිම් ඡන්ද එකක් හෝ නැතිව වුවද රාජපක්ෂලාට දිනිය හැකි බවයි.
මහාචාර්ය තුමාගේ ප්‍රධාන උපකල්පනය වන්නේ සිංහල ඡන්ද වලින් 65%ක් කොහොමත් එජාප විරෝධී බවය. දෙවන උපකල්පනය 2015දී සිංහල ඡන්ද වලින් 59% මහින්දට වැටුණු බව සහ අද වන විට කතෝලික ඡන්ද තවත් ටිකක් රාජපක්ෂ දෙසට දෝලනය වී තිබෙන බවය. සාධාරණ නමුත් එයද උපකල්පනයක් පමණි.
දැන් මේ ගැටළුව එකින් එක ලිහා බලමු.
1. පලමුව 6 පන්තියේ ගණන් – 75% වන සිංහල ඡන්ද වලින් 65% ක් යනු සමස්තයෙන් 48.75% කි. එය 50% අභිබවන්නේ නැත. ඒ සිංහල ඡන්ද වලින් 65% ලැබුනොත් යන හීනය දැකීමෙන්ද පසුවය.
2. දෙවනුව 2015 දී මහින්දට සිංහල ඡන්දවලින් 59% වැටුණේ යයි උපකල්පනය කිරීම වැරදිය.
2015දී 99.5% දමිළයින් වෙසෙන යාපනය දිස්ත්‍රික්කයේ මහින්දට 21% ඡන්ද වැටුණි. 98.7% සුළු ජාතීන් වෙසෙන මඩකලපුවෙන් මහින්දට 16.2% ලැබුණි. 92.2% සුළු ජාතීන් වෙසෙන වන්නි දිස්ත්‍රික්කයේ මහින්දට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 19.07% කි. මාතලේ, ත්‍රීකුණාමලය, පුත්තල, අම්පාර වැනි ප්‍රදේශවලින්ද සුළු ජාතීන්ගේ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මහින්දට ලැබී තිබුණි. එබැවින් පොදුවේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින් මහින්දට 20% පමණ ලැබුණේ යයි සිතීම සාධාරණය. සුළු ජාතීන්ගේ ඡන්ද වලින් 20% යනු සමස්තයෙන් 5% කි.
එකී 2015 ජනාධිපතිවරණයෙදී මහින්ද ලද මුළු ඡන්ද ප්‍රතිශතය 47.58% කි. එනම් සිංහල ඡන්ද වල දායකත්වය 42.58% පමණය. එය සිංහල ඡන්දවල ප්‍රතිශතයක් ලෙස බැලූ විට 56.8% කි. මැතිවරණ සමීකරණයකදී 56.8% ඇත්තේ 59%ට ගොඩක් පිටුපසිනි. 2018 පෙබරවාරි වන විට ඔය 56% තවත් ගොඩක් අඩුවී තිබිණි.
ඒ නිසා සිංහල ඡන්ද වලින් කොහොමත් 59%-60%ක් රාජපක්ෂලාට යයි සිතන මහාචාර්ය වරයාගේ උපකල්පනයද වැරදීය.
3. එතුමාගේ සිංහල ඡන්ද වලින් 60% රාජපක්ෂලාට වැටෙන බවට වන උපකල්පනය හරිමයයි මොහොතකට සිතමු. ඊට අමතරව එතුමා කියන දමිළ ඡන්ද වලින් කොටසකුත් රාජපක්ෂලාට වැටෙන බවට වන ප්‍රකාෂයට සාධාරණ වාසියක් දෙමින් උතුරේ දමිළ ඡන්ද වලින් මෙන්ම උඩරට දමිළ ඡන්ද වලිනුත් 30%ක්ම (කිසි සේත් නොවන්නකි – ඒත් කම් නැත) ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නේ යයි සිතමු.
එවිට සමීකරණය මෙසේය;
සිංහල ඡන්ද වලින් 60% නිසා (74.9% * 60%) = 44.94%කි.
උතුරු-නැගෙනහිර සහ උඩරට දමිළ ඡන්ද වලින් 30% ක්ම ලැබුනොත් ( 15.6% * 30%) = 4.68% කි.
එකතුව 49.62%කි.
ජයග්‍රහණය සාදා ගැනීමට තව 0.38%වත් මදිය. දැනට චීනුන්ට ලංකාවේ ඡන්ද අයිතිය නැත. එමනිසා එම ඡන්ද එන්නට ඕනෑ මුස්ලිම් ඡන්ද අතරිනි.
අවම වශයෙන් මුස්ලිම් ඡන්ද වලින් 4.23%ක් වත් ගෝඨාට ඕනෑමය. ඒ යාන්තමින්වත් ජයග්‍රහණය කිරීමටය. එයද අප ගෝඨාට වාසිසේ උපකල්පන රැසක් කිරීමෙන් පසුවය.
මුස්ලිම් එකක්වත් එපායැයි සිතමින්, ජනාධිපතිවරණයට තරග කරන්න සිතීම පවා විහිලුවකි.
සිංහල රාජ්‍යක් සෑදීම විකෘති දේශපාලන ආසාවන්ගෙන් උත්තේජනය වූ දවල් හීනයක් පමණි.
නලින් ද සිල්වා නමගිය ගණිත ඇදුරෙකි. වසර ගණනාවක් උසස්පෙළ ව්‍යවහාරික ගණිතය මෙන්ම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේද ප්‍රධාන සම්පාදකයෙකි. සංඛ්‍යානය පිලිබඳව කප්පිත්තෙකි. මෙවන් ගණිත විග්‍රහයක් එතුමා කලේ, වයෝවෘද්ධ භාවයේ මුල් ලකුණු මතුවන නිසාද? නැත්නම් තමන් ප්‍රිය කරන අපේක්ෂකයා පිම්බීමට ලැජ්ජාව ලොප් කර ඇති නිසාදැයි නොවැටහේ.
ගුරුන්ටත් අකුරු වරදී යයි සිතා, හිත හදා ගනිමි.
(රවින්ද්‍ර සිල්වා)
සබැඳි පුවත :
සිංහල බෞද්ධ රාජ්‍යයක්! ගෝඨා දිනන්නේ මෙහෙමයි. -නලින් ද සිල්වාගේ විග්‍රහයක්
'මුස්ලිම් ඡන්ද නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' -ආචාර්‍ය නලින්ගේ සමීකරණය වැරදියි
T
The Leader Desk
August 23, 2019 • 3:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- “ජාතික චින්තන ‘කාලය’ (kalaya) ෆේස්බුක් පිටුවේ අගෝස්තු 14 වැනිදා පළවූවක්” ලෙස The Leader පුවත් වෙබ් අඩවිය මහාචාර්ය නලින් ද සිල්වාගේ ගෝඨා දිනන සමීකරණය ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සම්බන්ධයෙන් colombodaily.com වෙබ් අඩවියේ පලවී ඇති ප්‍රතිචාරයක් පහතින් උපුටා දක්වා ඇත.
- එමනිසා එතුමා කියා සිටින්නේ මුස්ලිම් ඡන්ද එකක් හෝ නැතිව වුවද රාජපක්ෂලාට දිනිය හැකි බවයි.
- මහාචාර්ය තුමාගේ ප්‍රධාන උපකල්පනය වන්නේ සිංහල ඡන්ද වලින් 65%ක් කොහොමත් එජාප විරෝධී බවය.
- දෙවන උපකල්පනය 2015දී සිංහල ඡන්ද වලින් 59% මහින්දට වැටුණු බව සහ අද වන විට කතෝලික ඡන්ද තවත් ටිකක් රාජපක්ෂ දෙසට දෝලනය වී තිබෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


